IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට

වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝ​ජ​න සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන්  Sadaharitha Plantations Limited (සදාහරිත) සමාගම, ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මැලේසියාවේ අගාවුඩ් වගාකර​න සමාග​ම් සමඟ පසුගියදා  තාක්ෂණීක හවුල්කාරීත්වයකට එළැඹිණි. ඒ, අගාවුඩ් ශාකයේ අස්වැන්​න වැඩිකර ගැනීමට යොදාගන්නා “SP Tech” තාක්ෂණය බෙදා ගැනීමට සහ අලෙවිය සඳහා ය.

වසර ගණනාවක් පුරා සිදු කරන ලද දැඩි පර්යේෂණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස දියුණු කරන ලද මෙම තාක්ෂණය, ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් අගාවුඩ් ශාකවල ඵලදාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර​නු ලැබුව​කි. මෙම ගිවිසුමට අනුව ආරම්භයේ දී, වාර්ෂිකව අගාවුඩ් ශාක මිලියනය​ක් මෙම තාක්ෂණය භාවිතයෙන් එන්නත්කරණය (ආමුකූලනය) සිදුකරනු ලබන අතර, එයට සමගාමීව මැලේසියාවේ ප්‍රාන්තයන් තුනක නව අගාවුඩ් නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීමට ද කටයුතු කරමින් තිබේ.

සදාහරිත සමාගම​ට පමණක් නොව ශ්‍රී ලංකාවේ වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ද විශාල ජයග්‍රහණයක් සනිටුහන් කරමින් මෙම ගිවිසුමට පසුගියදා මැලේසියාවේදී අත්සන් තබන ලදී. ඒ අනුව, වර්ෂ 2028 වනවිට මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ වර්ධනය වෙමින් පවතින අගාවුඩ් තෙල් ඉල්ලු‍මෙන් සියයට 30 දක්වා සපුරාලීමට අපේක්ෂා කෙරේ.

මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය, ජාත්‍යන්තර හවුල්කරුවන් සදාහරිත කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව තහවුරු කිරීමක් වන අතරම, අගාවුඩ් කර්මාන්තයේ පුරෝගාමියකු ලෙස සමාගම ලද සුවිශේ​ෂී ජයග්‍රහණයකි. සදාහරිත සමාගමේ මෙම නව “SP Tech”තාක්ෂණය මගින් අගාවුඞ් අස්වැන්න වැඩි කිරීමක් වන අතර උසස් තත්වයේ අගාවුඩ් නිෂ්පාදන සඳහා වන ගෝලීය ඉල්ලු‍ම සපුරාලීමට​ද මහගු පිටිවහලක් සපයන බව ද මෙහිදී පෙන්වා දිය හැකිය.

මෙම ජයග්‍රහණය සමාගමේ තිරසාර වාණිජ වන වගා භාවිතයන් සහ හරිත ආයෝජන සඳහා වන දිගුකාලීන කැපවීම් වල ප්‍ර​ති​ඵලයක් වන අතර, දැනට ශ්‍රී ලංකාවේ අගාවුඩ් ශාක මිලියනයකට වඩා රෝපණය කර දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් 47,000 කට වැඩි ප්‍රමාණයකට සදාහරිත සමාගම සිය සේවාව සපයා දී තිබේ.

(සී.මුණසිංහ)



අදහස් (0)

සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය මහනුවරට
2024 දෙසැම්බර් මස 10 1925 0

’’අවියානා ප්‍රයිවට් ෂැලේට්’’නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය ලබන වසරේ මැයි මාසයේදී මහනුවරදී විවෘත කිරීමට සූදානම් බව අවියානා හෝටල් ප්‍රධානී ආචා


ව්‍යාපාරික රවින්ද්‍රන්ට ගෞරව සම්මානයක්
2024 දෙසැම්බර් මස 10 208 0

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නායකයකු සහ එක්සත් ජනපදයේ චිකාගෝහි පිහිටි රොටරි ජාත්‍යන්තර සංවිධානයේ රොටරි ජාත්‍යන්තර සභාපති ලෙස රොටරි ග්ලෝබල්හි ප්‍රධානිය


‘කෝලර්’ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය
2024 දෙසැම්බර් මස 03 566 1

ලොව ප්‍රධානතම සහ අති නවීණතම මුළුතැන්ගෙය සහ නාන කාමර කට්ටල නිෂ්පාදකයෙක් වන ‘කෝලර්’ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරයක් නුගේගොඩ, නාවල පාරේ අංක 126 ස්ථානයේ විවෘත ක


අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 291 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 347 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 181 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 24 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site