කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී විකිණමේ ප්‍රවණතාව (පෙබ.12) තියුණු ස්වභාවයක් ගත් අතර ඉකුත් ජනවාරියේ සිට ඉහළ ගිය දර්ශක අනුව සලකන පසු අද වන විට සියයට හැටක පමණ දර්ශක පහත වැටීමක් දැක්වේ. ගනුදෙනු ආරම්භ වී සුළු මොහොතක් හැරෙන්නට අඛණ්ඩ පසුබැසීමක් වාර්තා කළේය. තවදුරටත් දුර්වල වුවහොත් සියලු කොටස් මිල දර්ශකය ඒකක දහසය දහසට පැමිණීමට ඉඩ ඇත. කෙසේ වෙතත් මෙම පසුබැසීම සමග අලුත් වටයකින් අය වැය පූර්ව මිල දී ගැනීම් අපේක්ෂා කළ හැකිය.
අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය 16,345.30 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 220.47 ක පසුබෑමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,892.46 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 66.69 ක පහත වැටීමක් දැක්විය හැකිය.
වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 5,821 ක් දක්වා තවදුරටත් අඩු වී තිබුණි. මෙහෙයවන ලද ගනුදෙනු 22,348 ක් වාර්තා වූ අතර පිරිවැටුම රු. බිලියන 2.39 කි.
ලැයිස්තුගත සමාගම් 61 ක පමණක් කොටස් මිල ඉහළ ගියේය. සමාගම් 184 ක කොටස් මිල පහත වැටිණ. විදේශ සහභාගීත්වය ද එපමණ දියුණ තත්වයක නොතිබුණි. රුපියල් බිලියන 154 ක කොටස් විදේශ ආයෝජකයන් විකුණා දැමූ අතර විදේශ මිල දී ගැනීම් රු. මිලියන 89 කි. හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 158 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු මිලියන 117 ක්, සම්පත් බැංකුව රු. මිලියන 108 ක්, නේෂන් බැංකුව රු. මිලියන 90 ක්, සෙලාන් බැංකුව රු. මිලියන 72 ක් සහ ඩයලොග් රු. මිලියන 70 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.
මුලර්ස් රු.1.20 දක්වා සියයට 7.69 කින්, කාසන් කම්බැච් රු. 401.00 තෙක් සියයට 7.66 කින්, ඔටෝ රු. 123.00 දක්වා සියයට 7.52 කින් හා ලංකා රියැලටි ඉන්වෙස්ට්මන් රු. 31.70 දක්වා සියයට 6.93 කින් කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් පහළ ගිය සමාගම් අතර ඉදිරියෙන් සිටියේය. එස්.ඊ.එම්.බී. ෆිනෑන්ස් ශත දහයක් දක්වා සියයට 50.00 කින්, සිලෝන් ප්‍රින්ටර්ස් රු. 317.00 දක්වා සියයට 6.57කින් ඔරියන්ට් ෆිනෑන්ස් රු. 19.30 දක්වා සියයට 5.46 කින් හා සිටි ලෑන්ඩ් රු. 56.25 දක්වා සියයට 5.06 කින් සහ සෙලින්කෝ හෝල්ඩිං රු.147.00 දක්වා සියයට 4.47කින් මිල ඉහළ ගියේය. රු.88.00 දක්වා සියයට 10.69 කින්, කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් ඉහළට ගිය අවස්ථා වශයෙන් සඳහන් විය.
කොටස් මිල අඩු වී ඇති පසුබිම සලකා බලන පසු කෙටි හා දීර්ඝ කාලීන මිල දී ගැනීම් වශයෙන් ආයෝජනයට අවස්ථා තිබේ. මෙදින ගනුදෙනුවල දී ද මුල්‍ය වාර්තා විසි දෙකක් ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයකි.
නිරීක්ෂක
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සියලු කොටස් මිල දර්ශකය 16,000 දක්වා ආපසු හැරෙන අවදානමක්