කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු පෙරේදා (මාර්තු 12) නැවත පිබිදීමක් වාර්තා කරන ලද නමුත් පසුගිය සති දෙකක පමණ කාලය තුළ තිබුණ පසුබැසීම ආවරණය කරගැනීමට තරම් ප්‍රමාණවත් වූයේ නැත. දිනයේ ගනුදෙනු ආරම්භයේ සිට තරමක දෝලනයක් පැවැතියේය. එදින පස්වරුව වන විට මිල දී ගැනීම් සඳහා යුහුසුළු වූ අතර ඊයේ වෙළෙඳ පොළ නිවාඩු දිනයක් හා අද ගනුදෙනුවලට විවෘත වන අවස්ථාවේ දී තවත් වර්ධනයක් ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාව වූ බව පෙනිණ.
ඇමරිකානු ජනාධිපතිවරයා ගේ අලුත් බදු ප්‍රතිපත්ති කෙරෙහි සැලකිල්ල යොමු කරමින් එරට ප්‍රධාන කොටස් වෙළෙඳ පොළ තියුණු පසුබෑමකට පත් වූ අතර යුරෝපා, ජපානය හා දකුණු කොරියාව දක්වා සඳුදා ගනුදෙනුවල දී එය පැතිරී ගියේය. කෙසේ වෙතත් කැනඩාව සඳහා පනවන ලද බදු සම්බන්ධ නියෝග ආපසු හැරවීමට සූදානම්වන බවක් දැක්වීම හේතුකොටගෙන ආයෝජන අංශ නැවතත් මිල දී ගැනීමට නැඹුරු විය. කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳාමේ විදේශ මිල දී ගැනීම් තවමත් ප්‍රමාණාත්මක වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැත.
ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,861.14 තෙක් ඉහළ ගිය අතර එය දර්ශක 150.57 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,730.84 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 50.02 ක පහල වැටීමක් සේ දැක්විය හැකිය.
ජෝන් කීල්ස් රු. මිලියන 197 ක්, සම්පත් රු. මිලියන 98 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 90 ක්, එල්. ඕ. එල්. සී රු. මිලියන 76 ක්, ලයන් බෲවරි රු. මිලියන 67 ක්, හේලීස්රු. මිලියන 60 ක්, සහ සියෙරා කේබල් රු. මිලියන 58 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 12,449 ක් වූ අතර එහි දී සමාගම් 197 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 46 කි. පෙරේදා දිනයේ වෙළෙඳ පොළ පිරිවැටුම රු. බිලියන 2.42 ක අගයක් වාර්තා කළේය. අද දිනයේ දී දේශීය සුළු ආයෝජකයෝ මිල දී ගැනීම් සඳහා උනන්දු විය හැකි පරිසරයක් නිර්මාණය වී ඇති බව පෙනේ. මිල ගණන් අඩු වී ඇති අතර කොටස් මිල දී ගැනීම සඳහා උනන්දුවක් දක්වනු ඇත. මධ්‍ය හා දීර්ඝ කාලීන ආයෝජන වශයෙන් මිල දී ගැනීම සුදුසු බව උපදේශකයෝ සඳහන් කරති.
නිරීක්ෂක
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සැලකිය යුතු අවාසියෙන් කොටසක් ආවරණය කරගනී