IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියන්ට 2025 දීත් ‘ෆැමිලි සවාරි

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සංවිධානය කරනු ලබන ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් ලෙස තේරී පත් වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට 2025 වර්ෂයේදී සංචාරක අපේක්ෂා සැබෑවක් බවට පත් වී ඇත. 

ෆැමිලි සවාරි 18 වැනි සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් පහක් චීනය වෙත සියලු‍ වියදම් සහිත සංචාරයක් දිනා ගත් අතර තවත් පවුල් 10ක් මැලේසියාවට එවැනිම සංචාරයක් දිනා ගත්හ. මීට අමතරව, බණ්ඩාරගම පර්ල් බේ තේමා උද්‍යානයේ දිනක විනෝද චාරිකාවක් සඳහා පවුල් 250ක් තෝරා ගන්නා ලදී. 

2025 වර්ෂයේ චීනයෙහි නිවාඩුව දිනාගත් වාසනාවන්ත සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල් පහ පිළියන්දල, කොළඹ උතුර, මඩකලපුව සහ අම්බලන්ගොඩ (පවුල් 2ක්) ප්‍රදේශවල පිරිස් බව සමාගම පවසයි. 
දිනුම් ඇදීමෙන් සමස්තයක් ලෙස, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමි පවුල්වල සාමාජිකයන් 1060කට විදේශ සංචාර සහ මෙරට විනෝද චාරිකාව සඳහා අවස්ථාව උදා විය. අද වන විට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම පුද්ගලයන් 36,000කට අධික පිරිසක් ෆැමිලි සවාරි අත්දැකීම් ලබා ගෙන ඇත. 

දිනුම් අදින අවස්ථාවේදී සෙලින්කෝ ලයිෆ්හි නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමිත හේමචන්ද්‍ර මහතා ෆැමිලි සවාරි වැඩසටහන ආරම්භ වූ ආකාරය සහ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් උද්ගත වූ ගැටලු, කොවිඞ් 19 වසංගතය, ජාත්‍යන්තර සංචාර සීමා කිරීම් සහ ආර්ථික අර්බුදය ඇතුළු අභියෝග රැසක් මධ්‍යයේ වුවත් අඛණ්ඩව මෙම වැඩසටහන පවත්වාගෙන පැමිණි ආකාරය සිහිපත් කළේය. ෆැමිලි සවාරි වැඩසටහන රක්ෂණ ඔප්පු හිමියන් අතර අත්දැකීම්වලින් සබඳතා ගොඩනගා ගැනීමටත්, පවුලේ සාමාජිකයන් සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීමට සහ සෙලින්කෝ ලයිෆ් සන්නාමය ගොඩනගා ගැනීමටත් උපකාර කර ඇති බව ඔහු පැවසීය. 

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ට්‍රේලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය, ප්‍රංශය, සහ තුර්කිය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්‍රාහකයන්ට චීනය, ඩුබායි මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.

 



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියන්ට 2025 දීත් ‘ෆැමිලි සවාරි

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

ලෝක දුෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව තවත් පිරිහේ
2025 පෙබරවාරි මස 13 43 0

මෙරට රාජ්‍ය අංශය දුෂිත එකක් බවට පිටපිට 5 වැනි වතාවටත් තහවුරු කරමින් ‘2024 දූෂණ සංජානන දර්ශක ශ්‍රේණිගත කිරීමේ”‍ ලකුණු 32 ක් ලබාගනිමින් එම ශ්‍රේණිගත කිරී


ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට ඔරකල් සමාගමේ සහාය
2025 පෙබරවාරි මස 13 33 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන් ලෝක රාජ්‍ය සමුළුව (WGS) අතරතුර ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහ


අයවැයෙන් කර්මාන්තවලට බදු සහන නෑ
2025 පෙබරවාරි මස 13 26 0

ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේදී කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේස


2024 සමස්ත ආදායම රු.ට්‍රිලියන 4.14 ක්
2025 පෙබරවාරි මස 13 13 0

මෙරට සමස්ත රජය ආදායම පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 4.14 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 22.7 ක ඉහළ යාමක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අ


ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමක්
2025 පෙබරවාරි මස 13 7 0

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නිෂ්පාදන බදු නැංවීමට අවසර
2025 පෙබරවාරි මස 13 9 0

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නිවේදනය පාර්ලිමේන්තුවේ අනුම


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 161 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site