සමාගම තුළ ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී සතු කොටස් හිමිකමත් සියයට 66.98ක් දක්වා පහළට
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමක් වන ස්විස්ටෙක් ඇලුමිනියම් ලිමිටඩ් සමාගම සිදු කරන හිමිකම් නිකුතුව හරහා මේ දක්වා රුපියල් මිලියන 800කට අධික මුදලක් රැස් කරගැනීමට සමත්ව ඇතැයි පවසයි.
එම සමාගමේ මෙහෙයුම් ධාරිතාව තවදුරටත් පුළුල් කිරීම සහ ණයබරතාව අඩු කිරීම වෙනුවෙන් මෙම හිමිකම් නිකුතුව සිදු කර තිබේ. ඒ අනුව මේ අතර මාර්තු 28 වැනිදා වනවිට ස්විස්ටෙක් ඇලුමිනියම් ලිමිටඩ්හි හිමිකම් නිකුතුව වෙත කොටස් 73,365,266ක් සඳහා දායකත්වයක් හිමි ව තිබූ අතර, එහි වටිනාකම රුපියල් 807,017,926ක් විය.
මෙහිදී ස්විස්ටෙක් ඇලුමිනියම් ලිමිටඩ් සමාගමේ කොටස් හිමිකරුවකු සතු සෑම කොටස් 29ක් සඳහාම අලුතින් කොටස් 16ක් බැගින් මෙම හිමිකම් නිකුතුව කිරීම සැලසුම වී තිබේ. එහිදී කොටසක් රුපියල් 11 ක් බැගින් මිල කෙරී ඇති අතර, නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන සමස්ත මුදල රුපියල් මිලියන 849.7කි.
එසේම මෙම නිකුතුව වෙත මාර්තු 28 දක්වා හිමිව ඇති දායකත්වයත් සමගින්ම සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයද රුපියල් 1,409,064,609ක් දක්වා ඉහළ නැග තිබේ. නිකුත් කර ඇති කොටස් 213,376,121ක් නියෝජනය කරමින් මෙම ප්‍රාග්ධනය පවතින බව සමාගම පවසයි.
මේ අතර මෙම නිකුතුව සිදු කරන අවස්ථාව වනවිට ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සතුව පවතින ස්විස්ටෙක් ඇලුමිනියම් ලිමිටඩ්හි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණය කොටස් 122,340,571 ක් එනම් සියයට 87.379ක ප්‍රතිශතයකි.
කෙසේ වෙතත් මාර්තු 31 වැනිදා වනවිට මෙම හිමිකම් නිකුතුව සඳහා ලැබී ඇති දායකත්වයත් අනුව එම හිමිකාරීත්වය සියයට 67.98ක් දක්වා පහත බැස තිබෙන බව ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි. එසේම ස්විස්ටෙක් ඇලුමිනියම් ලිමිටඩ් හි අනෙකුත් කුඩා කොටස්හිමිකරුවන්ද මෙම හිමිකම් නිකුතුව මිලදී ගත හොත් එම සමාගම සතු කොටස් හිමිකාරීත්වය සියයට 66.77ක් දක්වා තවදුරටත් පහළ වැටෙනු ඇතැයිද ස්විස්ටෙක් (සිලෝන්) ලිමිටඩ් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ස්විස්ටෙක් ඇලුමිනියම් හිමිකම් නිකුතුවෙන් රු.මි. 800ක් රැස් කරයි