යොහාන් භාසුර
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලයේදී පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 167000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 10.9 ක් හෙවත් රුපියල් කෝටි 1,090 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එම සහල් මෙට්‍රික්ටොන් 167000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 66000 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 101,000ක් ඇතුළත් වූ බවත්, එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැගින් ආනයන බදු අය කළ බවත් අරුක්ගොඩ මහතා කීය.
ඒ අනුව සහල් මෙට්‍රික්ටොන් එකකට ඩොලර් 220 ක් හෙවත් රුපියල් 65,000 ක පමණ බද්දක් අයකළ බව ද අරුක්ගොඩ මහතා කීය.
ආණ්ඩුව පසුගිය දෙසැම්බර් 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දිමෙන් පසුව මෙම මස 10 වැනිදා දක්වා මෙම සහල් ප්‍රමාණය ආනයන කර තිබූ බවත් ඉන් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශය ආනයන කර තිබූ බවත් ඒ මහතා කීය.
පසුගිය වසරේ මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 16.17 ක් වූ අපනයන ආදායමෙන් සියයට 31කට වැඩි ප්‍රතිශතයක් එනම් ඩොලර් බිලියන 5.05 ක් උපයා දෙමින් ඇඟලුම් කර්මාන්තය ඉතා වැ
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ආසන 25 ට වැඩි බස් රථ, රියදුරු සමග ආසන 10 ත් 16 අතර මගී ප්‍රවාහන ව
අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට අනුව විදුලිය මිල දී ගැනීමේ මිල ඩොලර් සත 6කටත් වඩා අඩු ගණනක් දක්වා පහළට ගෙන යාමට සාකච්ඡා කරමින් සිටින බව කැබිනට්
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 වසරේ දෙවැනි සහ තුන්වැනි කාර්තුවල උද්ධමනය, උද්ධමන ඉලක්කවලට වඩා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ග
සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ගේ ප්‍රාග්ධන හිඟයට පිළියමක් ලෙස නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය කෙරෙහි අවධානය යොමුව ඇති අතර ‘සරුසාර’ පොලී සහනාධාර ණය වැඩස
කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස සීමාසහිත දොහ්වා ඉංජිනියරින් සමාගමට ඩොලර් මිලියන 4.2 ක් වන උපදේශන සේවා කොන්ත්‍රාත්තුවක් ප්රදානය කිරීම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සහල් ආනයනයෙන් කෝටි 1,090 ක බදු ආදායමක්