IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


සුළං විදුලියත් එයි

දළුව නිර්මලපුර ,පුත්තලම , සේතපොළ යන ප‍්‍රදේශ වල අලූතින් ඉදිකළ සුළං බලාගාර තුනකින් මෙගා වොට් 30 ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට ලබන බ‍්‍රහස්පතින්දා (9* සිට එක්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. බලාගාර තුනට පිරිවැය දරා ඇත්තේ නිර්මලපුර වින්ඞ් පවර්,ඬේලි ලයිෆ් රිනි වබල් හා පවර් ජේන් ලංකා යන සමාගම්ය. එක් බලාගාරයකට වැයවී ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 240 ක් පමණ වේ. 2015 වසර වන විට රටේ විදුලි බල අවශ්‍යතාවයෙන් 10% ක ප‍්‍රමාණයක් සුළං, හිරු එළිය හා ජීව වායුව යන ප‍්‍රභවයන්ගෙන් නිපදවා ගන්නා විදුලියෙන් සපුරාගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යංශය කියයි.



අදහස් (0)

සුළං විදුලියත් එයි

උපුල් Sunday, 12 August 2012 07:16 PM

සනත් ඉන්දික හරි. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 17 August 2012 04:05 PM

බලදාරින්ගේ අවධානය පිණිසයි !! හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ එක සුළං පෙති කුළුණක් අක්‍රිය වෙලා දැනට වසර දෙකයි.මේක අදාල නිලධාරීන් දන්නවාද? (නි)

:       0       0

උපුල් Sunday, 12 August 2012 07:15 PM

රංජිත්, කරුණාකරලා ලින්ක් එක කියන්න. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 August 2012 10:10 PM

අපිට හුලං වෙන එකක් නැහැ නේද?(නු)

:       0       0

එරික් Tuesday, 07 August 2012 10:13 PM

හැම දේකටම අගයක් තියෙනවා බමුණා...!!(නු)

:       0       0

සුනිල් Saturday, 18 August 2012 10:24 PM

අන්තිමට කියයි මේකට ඉන්දියන් සාගරයෙන් එන සුළං ගන්න එපා කියලා. (නි)

:       0       0

බුද්ධික මහේෂ් Tuesday, 07 August 2012 02:33 PM

නියමයි.. විකල්ප බලශක්ති තමයි දැං ලංකාවට ඕන.. ජය වේවා..!!(නු)

:       0       0

වරුණ Thursday, 09 August 2012 08:42 AM

තියෙන බලාගාරවලින් දීගන්න බැරුව මොන හුළං බලාගාරද ? මාසේ අන්තිමේ බිල එනකොට දුප්පත් අපිට කොහොමත් හුළං තමයි....(ස)

:       0       0

ආසිරි - නෙළුව Thursday, 23 August 2012 01:37 PM

ගරු පාඨලී චම්පික ඇමතිතුමනි, ඔබගේ අවධනයටයි. අපේ බල ශක්තියට රටේ අපතේ යන මුහුද රළ, අකුණු සැරත් ගන්න පුළුවන් නම කොතරම් අගනේද? මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය හුළංකන්ද ප්‍රදේශයේ පැය 24 ම නොකඩවා සැලකිය යුතු හුළං ප්‍රවාහයක් තියෙන නිසා ඒ වගේ පැත්තකට සුළං විදුලිය නිපදවීමට හැකි නම් ඉතා විශාල විදුලියක් උත්පාදනය කළ හැකිය. මෙය සත්‍ය තත්ත්වයකි. හැකිනම් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න. (නි)

:       0       2

ක්‍රිෂ්ණා Saturday, 15 September 2012 01:53 PM

ඊළඟට හුළං මදි කියලත් විදුලිය කපයිද දන්නේ නෑ .(ස)

:       0       0

ආසිරි Thursday, 23 August 2012 01:48 PM

නියම හුලං කපොල්ලක් මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය හුලංකනද ප්‍රදේශයේ තියෙනවා. ඔන්න කරන්න පුළුවන්නම්.....(ස)

:       2       1

අචිනි Tuesday, 04 September 2012 04:09 PM

හැමදේටම විකල්ප සෙවිය යුතුයි.. මගෙත් සුභ පැතුම්....(ස)

:       1       0

ජයසිරි Monday, 10 September 2012 07:34 AM

අන්තිමට හුළං යයිද? (නි)

:       1       0

රංජිත් Monday, 13 August 2012 10:35 AM

හොද වැඩක්

:       1       0

රොෂාන් Saturday, 25 August 2012 05:25 PM

ඉතාමත් වටිනවා

:       0       0

අමිල Tuesday, 14 August 2012 01:36 PM

සනත් ඉන්දික මහත්තයා හරි. (නි)

:       0       0

හිමාල් Saturday, 18 August 2012 10:42 AM

මෙගා වොට් 30ද කිලෝ වොට් 30 ද? නොරොච්චෝලෙන් දෙන්නෙත් මෙගා වොට් 300 නේද? නරකද මේ වගේ ව්‍යාපෘති 10ක් කළොත්....??(නු)

:       0       0

දුමින්ද Tuesday, 21 August 2012 02:09 AM

වැඩේ නම් හොදයි. ඒත් දැන් ලංකායේ සංවර්ධනය ජනතාවට ශාපයක් වෙලයි තියෙන්නේ. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Monday, 03 September 2012 04:28 PM

හා හා, අපි බලමු 09 මේක වෙයි ද කියලා. මොකද සමහර කාල වලට තෙල් හම්බ වෙනවා වාගේ දෙවලුත් අපිට අහලා පුරුදුයි. කවුද ගණන් ගන්නේ මේවා? හැබෑටම, මම අහන්න හිටියෙ. ඒ වාගේ තව වැඩ ඉවර වෙලාත් නැහැ නේද ?(නි)

:       0       0

පුෂ්පෙ Friday, 10 August 2012 10:09 AM

තව ජල විදුලි බලාගාර හදන එක නවත්වන්ඩ. රටේ ජාතික විදුලි බලයෙන් 15% ක්වත් ජල විදුලි බලාගාර වලින් ලැබෙන්නෙ නැත්නම් තවත් ජල විදුලි බලාගාර ඕනි නැහැ. අපිට වඩා ලොකුවට ජල විදුලිය ගන්ඩ පුළුවන් රටවල් තියෙනව ඒත් ඒ අය ස්වාභාවික දේට හානි කරල විදුලිය හොයන්නෙ නැහැ. මොකද ජලය එපමණක්ම වැදගත් නිසා. ඔය බොරු ජල විදුලිය බලාගාර නිසා රටේ කොච්චරනම් දිය ඇලි උල්පත් හිඳිල ඇත්ද. කොච්චර රටේ සල්ලි නාස්ති වෙලා ඇත්ද. ???????????????.(ස)

:       0       0

නිර්මාල Monday, 03 September 2012 04:43 PM

හිමාලී, ඔයා අදහස් කරන දේ තේරෙනවා. ඒත් නොරොච්චෝලේ වගේ 10ක් හැදුවොත් අපි ඔක්කෝම අනාතයි. හේතුව නොරොච්චෝලේ කියන්නේත් සුදු අලියෙක්. වාර්ථාවන විදිහට ලොකු මුදලක් යට කරලා, ජපානේ කොන්ත්‍රාත්තුව චීනෙට දීලා ගෙනල්ලා තියෙන්නේ පාවිච්චි කරපු එකක්. දැන් කාලේ චීනෙට ව්‍යාපෘති දෙන්න හුග දෙනෙක් කැමතියි. ඔයාලා දන්නවා ද ? අද ලංකාවේ වැඩිපුරම පාරවල් හදන කොන්ත්‍රාත්තු අරගෙන තියෙන්නේ චීන සමාගම්. ඒවා චීන ණය ආධාර. මේ චීන සමාගම් රු 10 කට ව්‍යාපෘතිය ගත්තානම් රු 5 කට ලංකාවේ සමාගමකට හදන්න දෙනවා. ඇත්තෙන්ම ඒ ගානෙන් හදන්න පුලුවන්. ඉතිරි රු 5 නිරපාරාද ණයක්. අපි මේ ණය එකතුවෙලා ගෙවමු.(නි)

:       0       0

ටෑම් Monday, 10 September 2012 09:12 PM

විකල්ප ක්‍රම පාවිච්චි කරන එක හොදයි (නි)

:       0       0

මලින්ද Sunday, 02 September 2012 07:04 PM

හැම දෙයක්ම ආරම්භයකින් තමයි පටන් ගන්නේ. අපි මේකට සුභ පතමු. (නි)

:       0       0

නදුන් Monday, 13 August 2012 12:15 PM

වැඩක් නැහැ. මොක ආවත් බිල ඒ වගේමයි (දී)

:       0       0

ගාමිණි Monday, 10 September 2012 03:01 PM

මේ සියල්ල කියන පරිදිම ඉටුවේවිද? (නි)

:       0       0

සිසිර කුමාර Tuesday, 07 August 2012 04:12 PM

ලංකාවෙ සුළං කපොලු තියෙන පැතිවල මේවා ඉදිකළානම් මීට වඩා ප්‍රතිඵල ගන්න තිබුණා..!!(නු)

:       0       0

ආනන්ද Thursday, 27 September 2012 06:26 PM

දැන් හම්බන්තොට ඒවා වැඩ කරනවද? (නි)

:       0       0

අශෝක පෙරේරා Tuesday, 04 September 2012 11:35 AM

නියමයි නියමයි ඔහොම යං ඔහොම යං..!!(නු)

:       0       0

ගෝපාල් Wednesday, 08 August 2012 05:30 PM

මේක හරියන වැඩක් නම් නොවෙයි. අපරාදේ සල්ලි. (නි)

:       0       0

කුමාර Thursday, 09 August 2012 12:24 PM

බාල හුලං හමලා විදුලි නිශ්පාදනය බිද වැටෙයි..!!(නු)

:       0       0

බර්ටි Friday, 17 August 2012 12:56 AM

මේකත් නොරොච්චෝලෙ වගේ සුදු අලියෙක් වෙයිද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

සිල්වා Friday, 07 September 2012 01:09 AM

පරිසර දූෂණයට කදිම පිළිතුරක්. (නි)

:       0       0

බණ්ඩාර Friday, 28 September 2012 08:36 PM

මට මේ යෝජනාව පහළ වුණේ අවුරුදු පහකට පෙරයි (නි)

:       0       0

සිල්වා Friday, 07 September 2012 01:22 AM

ගෝපාල්ලා වගේ අයට තමයි ළිං මැඩියෝ කියන්නේ. (නි)

:       0       0

විකසිත Thursday, 06 September 2012 11:27 AM

දැනටමත් ලංකාවේ ඉන්න අපි අතිශය ඉහළ විදුලි බිලක් ගෙවනවා (නි)

:       0       0

රජිත Monday, 27 August 2012 03:04 PM

ඉතා හොද අගය කළ යුතු කාර්යයක්. ජය වේවා ශ්‍රී ලංකා! (නි)

:       0       0

රංජිත් Friday, 10 August 2012 01:25 PM

ඇගයීමට වටිනා බුද්ධිමත් තීරණයක්! ඉන්ධන අනවශ්‍යයි, නඩත්තු වියදම අඩුයි, එකක් කැඩුණත් විශාල බලපෑමක් නැහැ, කිසිදා හීන නොවන ශක්ති විශේෂයක්. ඔබ නිවසටත් මේ ආකාරයෙන් ‍පොඩි සුලං විදුලි ජනන උපකරණයක් ඔබටම තනාගත හැක. නිවසේ ආලෝක අවශ්‍යතාවයෙන් 40%ක් පමණ සපුරාගත හැක. ගූගල් හා යූටියුබ් ඔස්සේ විස්තර ලබාගත හැක. (නි)

:       0       0

ජනක Wednesday, 05 September 2012 05:02 PM

අනේ මෙහෙ‍මත් බොරු? ඔය කියන බලාගාර වලින් විදුලිය ගන්න පටන් අරන් දැන් ගොඩාක් කල්. පුත්තලම කළේ 2010. නිර්මලපුර 2011. සෙනොක් 2011. මේ බලාගාර තුනේම ධාරිතාව මෙ.වො. 34ක්. මීට අමතරව නුවරඑළිය මෙ.වො. 1 බැගින් 13ක් පමණ දැනට විදුලිය දෙනවා. ඇයි මේවා දැන් කියන්නේ? (නි)

:       0       0

සරෝජ් Friday, 07 September 2012 06:47 AM

මගේ සුභ පැතුම්! (නි)

:       0       0

මනෝහරන් Monday, 10 September 2012 11:47 AM

කෙරුවට පස්සේ බලමු. කලබල වෙන්න දෙයක් නැහැ. අපි නොදන්න ශ්‍රී ලංකා. (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 13 August 2012 07:00 AM

විදුලි බිලේ සංශෝධනයක් එහෙම කරන්න අදහසක් නැද්ද? (නි)

:       0       0

පාලිත වීරතුංග Saturday, 01 September 2012 10:33 PM

කෝටි 240 බලාගාරයකට යන මුදල පියවාගනන් කොපමණ කලක් යාවිද? ඊට පසු තමයි ලාබය... නමුත් ඔපමණ කලක් මේ බලාගාර තියේවිද? නොරොච්චෝලෙ වගේ කරදරයක් වේවිද?(නු)

:       0       0

සනත් ඉන්දිකා ඉතාලිය Thursday, 09 August 2012 04:07 AM

මම හැමදාම කියන්නේ අපේ මිනිස්සු දකින්නෙම බේසමේ කිඹුල්ලු කියලා. මේකේ ප්‍රතිචාර දමන සහෝදරුනේ, හොඳ දේ අගය කරන්න පුරුදු වෙන්න. නිෂ්පාදනයකට පිරිවැයක් තියෙන්න ඕනේ. හැමදේටම සල්ලි සල්ලි කියන්නේ නැතුව වියදම් කරලා ලබන ප්‍රතිපල ගැනත් හිතන්න. (නි)

:       0       0

ප්‍රේමදාස Tuesday, 25 September 2012 04:17 PM

අයියෝ සල්ලී (ස)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 11:51 AM

විදුලි බිල අඩු වෙනවනම් ඇත්තෙන්ම හොඳ විකල්පයක් (ස)

:       0       0

බණ්ඩාර Monday, 27 August 2012 10:50 AM

නියමයි. ඔය තියෙන්නේ වැඩ. (නි)

:       0       0

bamuna Tuesday, 07 August 2012 07:57 PM

මෙම සමාගම් අපට විදුලිය විකුනන්න යන්නේ කීයට ද කියන එකයි ප්‍රශ්නය. ඔය වැඩේ පින්තකා කරපු එකක් නොවෙයිනේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අප්‍රේල් මුල් දින 6ට සංචාරකයෝ 38,615 ක්
2025 අප්‍රේල් මස 11 0 0

අප්‍රේල් මාසයේ ගතවූ දින 6 තුළ මෙරටට සංචාරකයන් 38,615 ක් මෙරටට පැමිණ ඇති බවත් ඒ අනුව මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට පසුගිය 6 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළ සංචාරකය


සයිබර් ප්‍රහාර වලට එරෙහි පුළුල් වැඩපිළිවෙලක්
2025 අප්‍රේල් මස 11 2 0

සයිබර් ප්‍රහාර මෑතකාලීනව අසන්නට ලැබෙන මාතෘකාවකි. ලෝකය පුරා විවිධ ආයතන ඉලක්ක කරමින් මෙලෙස සයිබර් ප්‍රහාර එල්ලවනු දක්නට පුළුවන.


යුරෝපා කොමිසමේ ජී.එස්.පී. මුස්ඨි ප්‍රහාරය
2025 අප්‍රේල් මස 11 3 0

ජී.එස්.පී. ප්ලස් නැවත ලබාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබේ. තෝරාගත් රටවල් අටක් ඔවුන්ගේ නිෂ්පාදන යුරෝපා සංවිධානයට අයත් රටවලට අපනයනය කිරීමේ දී විශේෂ බද


‘මිට්සුබිෂි’ සමුද්‍ර එන්ජින් ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ‘හේලීස් පවර්’
2025 අප්‍රේල් මස 11 4 0

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විවිධාංගිකරණය වූ සමාගම වන හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ‘හේලීස් පවර්‘ සමාගම සහ ලොව ප්‍රමුඛ පෙළේ ජපන් බහුජාතික සමාගම


කොමර්ෂල් බැංකුවෙන් වාහන ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක්
2025 අප්‍රේල් මස 11 5 0

වසර කිහිපයකට පසුව අලු‍ත් වාහන මෙරටට පැමිණීමත් සමග කොමර්ෂල් බැංකුව විසින් වාහන ගැනුම්කරුවන්ගේ අපේක්ෂා සඵල කරමින් සීමිත කාලයක් සඳහා ආකර්ෂණීය ලීසිං පැ


මහජන බැංකුවේ ‘People’s Remittance කලින් අවුරුදු වාසි දිනුම් ජයග්‍රාහකයන් තෝරයි
2025 අප්‍රේල් මස 11 6 0

මහජන බැංකුවේ ‘People’s Remittanc - කලින් අවුරුදු වාසි’ තෑගි තරගයේ දිනුම් ඇදීම කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශ පරිශ්‍රයේදි පසුගියදා සිදුකෙරිණි. ඒ අනුව මෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 534 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 954 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site