දින ගණනකට පසු කොළඹ කොටස් වෙළෙදපොළ තරඟකාරී ලක්ෂණ පෙන්නුම් කළ අතර ආරම්භයේ සිට ගනුදෙනු ක්‍රමයෙන් වර්ධනය විය. දිනය අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය කලින් දිනයට සාපේක්ෂව ඊයේ (මාර්තු 20) සියයට 1.67 කින් ඉහළ ගියේය. පසුගිය දින කිහිපය තුළ අඩු මිල ගණන් දක්වා පහත වැටී තිබීමේ වාසි සහගත අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් කොටස් මිල දී ගැනීමට ආයෝජන අංශ පෙළැඹී සිටියේය.
ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,662.99 තෙක් ඉහළ ගිය අතර එය දර්ශක 256.77 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,700.14 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 94.93 ක දියුණුවීමක් සේ දැක්විය හැකිය.
සියෙරා රු. මිලියන 1,803 ක් වශයෙන් දිනයේ පිරිවැටුමකට වාර්තාගත දායකත්වයක් දැක්වීය. සිලෝන් කෝල්ඞ් ස්ටෝර්ස් රු. මිලියන 163 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 79 ක්, සම්පත් රු. මිලියන 67 ක්, ටී.ජේ. ලංකා රු. මිලියන 59 ක්, වැලිබල් වන් රු. මිලියන 30 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 49 ක්, සෙන්ට්‍රල් ෆින්ෑන්ස් රු. මිලියන 43 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 26 ක්, සහ එල්. ඕ. එල්. සී. රු. මිලියන 23 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සෙසු සමාගම් අතර තිබුණි.
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 11,467 ක් වූ අතර සමාගම් 221 ක කොටස් මිල ඉහළ ගියේය. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 37 ක් විය. ඊයේ දිනයේ වෙළෙදපොළ පිරිවැටුම රු. බිලියන 3.67 ක් දක්වා කලින් දිනයටත් වඩා සැලකිය යුතු ඉහළ අගයක් වාර්තා කළේය. තවමත් මිල දී ගැනීම් සඳහා ආයෝජකයන්ට උනන්දු විය හැකි පරිසරයක් නිර්මාණය වී ඇත. පසුගිය වසරේ ආර්ථික දත්ත නිකුත්වීම සමග ස්ථාවර වර්ධනයක් කරා ගමන් කරනු ඇති බවට වන විශ්වාසය ආයෝජන අංශ තුළ පැන නැගෙමින් තිබේ. අදානි සමූහ ව්‍යාපාරය නැවත මෙරට සුළං විදුලිය අංශයේ ආයෝජනය ඉදිරියට ගෙන යනු ඇති බවට ඇති විශ්වාසය සහ තවත් ව්‍යවසාය ගණනක් මෙරට ආයෝජනය සඳහා ඉදිරිපත්වනු ඇති බවට පවතින ආකල්ප වෙළෙඳ පොළ කෙරෙහි බලපා ඇත.
නිරීක්ෂක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනෙන් නිර්දේශ කර ඇති සීමා කිරීම් සමග නාස්තිය අවම කර ගනිමින් අරමුදල් වෙන් කළ යුත්තේ කෙසේද යන්න ප
දකුණු ආසියාව තුළ ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳපොළක් ගොඩ නැගීමට සහයෝගීත්වයෙන් කටයුතු කිරීම සඳහා වන මුල පිරීමක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව, බංග්ලාදේශ, පකිස්ත
2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී මෙරට ඇඟලුම් අපනයන සියයට 2.3 ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නවතම දත
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේදී ඊට අදාළ අනුකූලතාවෙන් කටයුතු කිරීමට අපොහොසත් වූ විදෙස් බැංකුවකට සහ මෙරට රක්ෂණ සමාගමකට එරෙහිව රුපියල් මිලියන 3ක දඩ පැනවූ
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම (AMF.N0000) කොළඹ කොටස් හුවමාරුව තුළ ණයකර නිකුතුවක් කිරීමට සූදානමින් සිටින බව පවසයි. ලැයිස්තුගත, වර්ගකෙරු, සු
සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා (26) කො
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ දවසක්