IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


සියයට 30 රේගු බද්දෙන් වාහන එකලස් කර්මාන්තය අනතුරේ

  • සමාගම් 17ක 30,000කගේ රැකිවාත් අනතුරේ
  • රටට ඩො.මි. 500ක් අහිමිවීමේ අවදානමක්
  • ආනයනයේදීත් නිෂ්පාදනයේදීත් බදු

නිමල කොඩිතුවක්කු


 

අයිඩියල් මෝටර්ස් සමූහ ව්‍යාපාරයේ  සභාපති නලීන් වෙල්ගම මහතා අදහස් දක්වමින්. යූරෝ මෝටර්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රවීන්ද්‍ර සේනාරත්න, ඬේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්හි මහේෂ් ගුණතිලක යන මහත්වරු දේශීය උපාංග නිෂ්පාදන කර්මාන්ත හිමියෝ පිරිසක්ද මෙහි වෙති.

රේගු ආනයන බදු සියයට30 ක් අයකිරීම ඇතුළු බදු සහ මෝටර් රථ ආනයනය සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි එම නිෂ්පාදකයෝ පවසති.
නව බදු අයකිරීම හේතුවෙන් වාහන නිෂ්පාදන වියදම් වැඩිවීමෙන් කර්මාන්තය අනතුරට ලක්වී එම අවස්ථා ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට ඇදීයාමේ අවදානමක් පවතින බවද අයිඩියල් මෝටර්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති නලීන් වෙල්ගම මහතා පැවසීය.

මේ හේතුවෙන් ට්‍රක්රථ, යතුරුපැදි මෝටර් රථ ඇතුළු වාහන නිෂ්පාදන සමාගම් 17 ක තිස්දහසකට ආසන්න පිරිසකගේ රැකියා අවදානම් මට්ටමක පවතින බවද ඔහු කීය. 

ඔහු මෙසේ පැවසුවේ කොළඹ නිපෝන් හෝටලයේ ඊයේ(10) පැවති මාධ්‍ය හමුවකදීය.

රජය සියයට 30 ක රේගු ආනයන බද්දක් අයකිරීමට කටයුතු කිරීමෙන් වාහන එකලස් කිරීම ඇතුළු දේශීය නිෂ්පාදන බරපතළ කඩා වැටීමේ අවදානමකට පත්වන බවද අමු ද්‍රව්‍ය ගෙන්වීමේදී මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේදීත් බදුගෙවීමට සිදුවීමෙන් දේශීය කර්මාන්ත පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඇතුළු ආණ්ඩුවේ සියලු අංශ  ලිඛිතව දැනුවත් කර ඇති බවත් මේ පිළිබඳ යළි සලකා බලන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් වෙල්ගම මහතා කීවේය.

මෙම බදු අය කිරීමෙන් ඩොලර් මිලියන 30 ක පමණ ආදායමක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බවත් එහිදී නිෂ්පාදන පිරිවැය වැඩිවීමෙන් ආයෝජකයන් අධෛර්යයට පත්විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

 රටට ඩොලර් මිලියන 500 ක පමණ ආදායමක් අහිමිවිය හැකි බවත් පොඩි ආදායමක් ලබා ගැනීම වෙනුවෙන් රටට ඇදී එන විශාල ධනයක් අහිමිවීමේ අවදානමක් තිබෙන බවත් ඔහු පැවසීය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දේශීය කර්මාන්ත නගාසිටුවීමට පියවර ගනිමින් සිටියදී රජය ගෙනයන මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ආයෝජන සහ නිෂ්පාදන අධෛර්යවත් වන බවත් වෙල්ගම මහතා කීවේය.

මෙම මාධ්‍ය හමුවට යූරෝ මෝටර්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රවීන්ද්‍ර සේනාරත්න, ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්හි මහේෂ් ගුණතිලක යන මහත්වරුද දේශීය උපාංග නිෂ්පාදන කර්මාන්ත හිමියෝ පිරිසක්ද සහභාගි වූහ. 

 

 



අදහස් (0)

සියයට 30 රේගු බද්දෙන් වාහන එකලස් කර්මාන්තය අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට කාර්ය සාධක බලකායක්
2025 පෙබරවාරි මස 11 7 0

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම සම්බන්ධීකරණය කරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැ


සියයට 30 රේගු බද්දෙන් වාහන එකලස් කර්මාන්තය අනතුරේ
2025 පෙබරවාරි මස 11 34 0

රේගු ආනයන බදු සියයට30 ක් අයකිරීම ඇතුළු බදු සහ මෝටර් රථ ආනයනය සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇතැ


සීගිරිය ලෝකයේ බැබළෙයි
2025 පෙබරවාරි මස 11 34 0

සීගිරිය මෙම වසරේ (2025) ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගෙන තිබේ.


මේ වසරේ මේ දක්වා සංචාරකයෝ ලක්ෂ 3 කට වැඩියෙන් ඇවිත්
2025 පෙබරවාරි මස 11 23 0

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ ශක්තිමත් වර්ධනයක් සහ ශුභවාදී බවක් පෙන්නුම් කරමින් 2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 3 කට වැඩි සංඛ්‍යාවක් පැමිණ


කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යයි
2025 පෙබරවාරි මස 11 9 0

මෙම සතියේ ආරම්භ ගනුදෙනු දිනය වූ ඊයේ (10) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් පෙන්නුම් කළේය.


රබර් අපනයනයෙන් උපරිම ඵල නෙළන්නෙ කොහොමද?
2025 පෙබරවාරි මස 11 9 0

දේශීය රබර් කර්මාන්තයට අදාළ දත්ත අනුව 2023 වසරේ දී මෙම කර්මාන්තයෙන් ඩොලර් මිලියන 930 ක විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව උපයා ගෙන ඇත. මින් ඩොලර් මිලියන 900 ක


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 104 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 899 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site