තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය?
‘‘2025 අයවැය” ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරලා
සිවුවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ක්
2024 වසරේ තෙවැනි සහ සිවුවැනි කාර්තුවල සියයට 5.5 ක පමණ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගෙන
පසුගිය වසරේදී මෙරට නිල සංචිත ඩොලර් බිලියන 6.1ක්
විමුක්ති එස්. රුද්‍රිගු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව ‘‘2025 අයවැය” ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර් කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවාය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් කොසැක් මහත්මිය ප්‍රකාශ කර සිටියේ, තෙවැනි සමාලෝචනය විධායක කමිටු අනුමැතිය සඳහා ඉදිරි සති කීපයේදී ඉදිරිපත් කරනු ඇති බවත්, විධායක කමිටු අනුමැතිය ලැබීමෙන් පසු සිව්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත්ය.
ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කර දී තිබෙන බවද එම මහත්මිය පැවැසුවාය. 2024 වසරේ තෙවැනි සහ සිව්වැනි කාර්තුවල සියයට 5.5 ක පමණ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගෙන තිබෙන බවද කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය. එසේම සිව්වැනි කාර්තුවේදී ඉලක්ක කළ උද්ධමන මට්ටමට වඩා අඩු මට්ටමක් පහසුවෙන් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බවද ඒ මහත්මිය පැවැසුවාය. පසුගිය වසරේදී මෙරට නිල සංචිත ඩොලර් බිලියන 6.1 දක්වා වැඩි වී තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීමට එම අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ තෙවැනි සමාලෝචනය සිදුකරන ලද්දේය. තෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල එකඟතාවට පසුගිය නොවැම්බර් මස 23 වැනිදා එළැඹිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව ‘‘2025 අයවැය” ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර්
ශ්රී ලාංකික ව්‍යවසායන්ට සහ කර්මාන්තකරුවන්ට නව වෙළෙඳපොළ සහ අලුත් ආයෝජන අවස්ථා ලබා ගැනීමට හැකිවන පරිදි තානාපති සේවා මුළුමනින්ම ප්‍රතිසංස්කරණයට ලක්
පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මි
ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු, ඔහුගේ පුත් හසිත ජයවර්ධන මෙල්ස්ටාකෝප් (Melstacorp PLC) ආයෝජන හිමිකාරිත්වයේ සභාපති ලෙසත් හැරී ජයවර්ධන මහතාගේ බාල ද
ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) PLC හි සභාපතිවරයා ලෙස ප්‍රවීණ සහ විධායක අධ්‍යක්ෂ රොයිල් ජෑන්ස් පත් කර තිබේ. විධායක අධ්‍යක්ෂ ස්ටෂානි ජයවර්ධන උප සභාපතිනිය ලෙස පත් කර
ශ්රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනී
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සිවුවෙනි වාරිකය මුල්‍ය අරමුදලෙන් කොළ එළියක්