කොටුව දුම්රිය ස්ථානයත් කොළඹ වරායට මැදිව අතීතයේ සුන්දර මල්වත්තක් වුණු අද මහ වීදිය දක්වා විහිදෙන මල්වත්ත පාර අද වන විට සපත්තු හා බෑග් වෙළෙඳාමට නම් දැරූ වීදියක් බවට පත්ව තිබේ. ඉංග්‍රීසි පාලන සමයේ කොළඹ කොටුවේ අලංකාර මල් යාය සහිත ප්‍රභූ නිවාස පෙළ පිළිබඳව කිසිදු නිමිත්තක් ඉතිරි නොවන සේ වළලා දමා ඇතත් තවමත් මල්වත්ත නම පමණක් ඉතිරිව තිබේ. මේ දිනවල මල්වත්ත පාරේ පාවහන් සහ බෑග් වෙළෙඳාමේ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේදී පාවහන් සහ බෑග් අලෙවිකරුවකු වන සුනිල් ඒකනායක මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
නව පාසල් ආරම්භ කිරීමත් එක්ක සැලකිය යුතු මට්ටමකට බිස්නස් එකක් මේ කාලසීමාවේ තිබුණා. ගිය වසරට සාපේක්ෂව ගත්තොත් සාමාන්‍යයෙන් සියයට 15 ක් වගේ වැඩිපුර වෙළෙඳාමක් තිබුණා. මේ පාර සීසන් එකේ බිස්නස් සරුයි.
Q: බිස්නස් වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
මල්වත්ත වීදියේ වෙළෙඳාම පටන් ගත්තේ 1956 කාලේ ඉඳන්. මේ කඩවල් සෑහෙන පරණයි වගේම මේ වීදියෙන් බඩු ගන්න එදා ඉඳන් මේ දක්වාම විශාල පාරිභෝගික පිරිසක් එකතුවෙලා ඉන්නවා. පාරිභෝගිකයාට සෙරෙප්පු, බෑග් ගන්නම හදපු වීදිය නිසා පාරිභෝගිකයෝ භාණ්ඩ ගැන ඒ කාලේ ඉඳන් ගොඩනගා ගත්ත විශ්වාසයත් එක්ක තවමත් මල්වත්ත වීදියට එනවා. අද වෙද්දී බොහෝ තැන්වලින් භාණ්ඩ ගන්න පුළුවන් වුණත් මල්වත්තෙන් ගත්තොත් මීට වඩා අඩුවට හොඳ සෙරෙප්පු ජෝඩුවක්, බෑග් එකක් ගන්න පුළුවන් කියන විශ්වාසය පාරිභෝගිකයන් තුළ තිබෙනවා. අපිත් හැම වෙලාවෙම උත්සාහ කරනවා පාරිභෝගිකයන් එක්ක හොඳ සම්බන්ධතාවක් පවත්වා ගන්න. මේ පාර සීසන් එකට වෙළෙඳපොළට විවිධ මාදිලියේ පාවහන්, බෑග් උසස් මට්ටමේ සන්නාම යටතේ ගෙනත් තියෙනවා. ගිය වසරට වඩා භාණ්ඩවල මිල ගණන් අඩුවෙලා තියෙන්නේ. පාරිභෝගිකයන් මිලදී ගන්න හදන භාණ්ඩයේ සලකුණු කරලා තියෙන මිලට වඩා යම් මිල ගණන් අඩුකිරීමක් යටතේ තමා භාණ්ඩය විකුණන්නේ. ගුණාත්මක මට්ටමේ සහනදායී මිලකට භාණ්ඩ මිලදී ගන්න අවස්ථාවක් ලැබී තිබීම බිස්නස් වැඩි වෙන්න හේතුවෙලා තියෙනවා කියලා හිතනවා.
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය (ppp) සම්බන්ධව නව පනතක් ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ(17)
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය ඊයේ (17) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මෙවර සමස්ත අයවැය හිඟය රුප
මෙම වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
වී ගොවිතැන ආරක්ෂා කිරීමට මෙවර අයවැයෙන් තීන්දු රැසක් ගෙන ඇති බවත් 2024 - 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා ප්
කොටුව දුම්රිය ස්ථානයත් කොළඹ වරායට මැදිව අතීතයේ සුන්දර මල්වත්තක් වුණු අද මහ වීදිය දක්වා විහිදෙන මල්වත්ත පාර අද වන විට සපත්තු හා බෑග් වෙළෙඳාමට නම් දැරූ
2025 වසර සඳහා අයවැය යෝජනා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා ඊයේ (පෙබ. 17) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය රටක පැවැත්ම ඉදිරි පැ
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සීසන් එකේ බිස්නස් සරුයි