තැන තැන ගොඩ ගසා ඇති කසළ කඳු
සංචාරකයන් හික්කඩුවෙන් ඈත්වීමට පටන් අරන්
සංචාරකයන්ට නිදහසේ ගැවසෙන්න ඉඩක් නැතිවීමත් ප්‍රශ්නයක්
බර වාහනවල නළා හඬ සංචාරකයන්ට බාධාවක්
රුපියල් මිලියන හැත්තෑ දෙකක් වියදම් කරලා විකල්ප මාර්ගයක් හැදුවත් තාම විවෘත කර නැහැ
නගරයේ පිරිසුදුකමක් නැති එක තවත් හේතුවක්
සොර සතුරනුත් සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් වෙලා
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
කැළි කසළ සහිත කාණු |
මෙරට සංචාරක පුරවර අතරින් හික්කඩුව සංචාරක පුරවරයට හිමිව ඇති තැන ඉහළය. ඒ එදා මෙරට තිබූ සීමිත සංචාරක පුරවර අතරින් හික්කඩුවද ඊට ඇතුළත්ව තිබීම හේතුවෙනි. ලංකාවේ පැරණිතම සංචාරක පුරවරයක්වීමද තවත් හේතුවකි. මෙරට කෙතරම් සංචාරක පුරවර තිබුණත් ඊට නොදැවෙනි සේ සංචාරකයන් පිනවීමේ සහජ ගතියක් හික්කඩුවට තිබීම ද ඊට හේතුවක් යයි කීවොත් එය මුසාවක් නම් නොවේ.
මේ සියලු කරුණු කාරණා නිසාම එදා මෙන්ම අදත් හෙටත් මතුවටත් හික්කඩුවට සංචාරකයෝ එති. යති. ප්‍රමාණාත්මකව අඩුවැඩිවීමක් තිබුණත් එය එසේම සිදුවනු නොඅනුමානය. ඒ තරමටම සංචාරකයෝ හික්කඩුවට ඇලුම් කරති. මෙරටට ඩොලර් ගෙන එන සංචාරක පුරවරයක්වූ හික්කඩුවට එන සංචාරකයන්ට එදා තිබූ පහසුකම් සහ වටපිටාවක් තිබේද යන්න ලොකු ප්‍රශ්නයකි.
එදා හික්කඩුවට වැළ නොකැඩී සංචාරකයන් පැම්ණියේ වීදුරු පතුල් සහිත බෝට්ටුවලින් ගොස් සජීවී කොරල් පර නැරඹීමටය. හික්කඩු නොගැඹුරු මුහුදේ සිරි අසිරිය සිත් සේ රසවිදීමටය. සංචාරකයන් එදා හික්කඩුවට රැගෙන ඒමට පාදකවූ කොරල් පර අද ඇත්තේ මර නින්දේය. එදා නෙක නෙක රටා මැවූ හික්කඩුව නොගැඹුරු මුහුදු පතුල නව දැලි හේනක් බදු බව හික්කඩුවට එන සංචාරකයෝ කියති. මේ හික්කඩුවේ වත්මනෙහි සංචාරක ව්‍යාපාරය කඩා වැටීමට ප්‍රබල හේතුවක් බවද ඔවුහු කියති.
මෙකී හේතුවත් සමගම තවත් හේතු ගණනාවක්ම නිසා හික්කඩුව පුරවරයේ සංචාරක කර්මාන්තය ඇත්තේ වැට උඩය. හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය අද ඇත්තේ අගාධයේය. මේ කතාව කියන්නේ අප නම් නොවේ. හික්කඩුවේ සංචාරක ව්‍යාපාරයේ නියතුවූවන්ය. ඒ සම්බන්ධයෙන් දන්නා අයය. මේ ඔවුන්ගේ කතාවය.
එස්.ආර්.නානායක්කාර:- වෙන වසරවලදී නම් මේ වනවිට සංචාරකයන් හික්කඩුවේම පිරිලා. එන්න එන්නම සංචාරකයන් හික්කඩුවෙන් ඈත්වීමට පටන් අරන්. එයට හේතු ගණනාවක්ම තියෙනවා. ඉන් පළමු වැන්න තමයි හික්කඩුව නගරයේ සංචාරකයන්ට නිදහසේ ගැවසෙන්න ඉඩක් නැතිකම. හික්කඩුව නගර මධ්‍යයේ පාර දෙපැත්තේම හරි හරියට වාහන නවත්වලා. සංචාරකයන්ට වෙලා තියෙන්නේ පාර මැද්දෙන් ගමන් කිරීමටයි. එහේම ගමන් කරපු කිහිප දෙනකුම රිය අනතුරුවලට ලක්වෙලා රෝහල් ගත කරලා තියෙනවා. අනෙක තමයි සංචාරකයන්ට යන්න වෙලා තියෙන්නේ පාර දෙපැත්තේම නවත්තලා තියෙන වාහන අතරින් රිංග රිංගායි. සංචාරකයන් ඒකට කැමැති නැහැ.
දෙවැනි එක තමයි හික්කඩුව නගර මධ්‍යයෙන් බර වාහන ඇතුළු බස් රථ නළාව ශබ්ද කරමින් ගමන් ගැනීම. සංචාරකයන් මේ සද්ධවලට කැමැතිම නැහැ. මම ළඟත් සංචාරකයන් කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන් රෑට නිදා ගන්නේ ඉයර් පෝන් ගහලා. වාහනවල ශබ්දය නිසා ඔවුන්ට රෑට නින්ද යන්නේ නැතිලු. මේකට විසඳුමක් ලෙස පහු ගිය රජයෙන් රුපියල් මිලියන හැත්තදෙකක් වියදම් කරලා විකල්ප මාර්ගයක් හැදුවා. ඒක තාම විවෘත කර නැහැ. ඒ සඳහාවූ දැන්වීම් පුවරුත් සවි කරලා තියෙන්නේ. මේ රජයෙන් පොලිසියට මේ සඳහා අවසර දීලා නැහැ. එම විකල්ප මාර්ගය විවෘත කළා නම් හික්කඩුව නගර මධ්‍යයේ මාර්ගයේ සංචාරකයන්ට නිදහසේ ගමන් කරන්න තිබුණා. අපි මේ විකල්ප මාර්ගය ක්‍රියාත්මක කරන්න කියන්නේ සංචාරකයන් බහුලව හික්කඩුවට එන මාස තුන, හතරේ විතරයි. අනෙක් කාලවලදී සාමාන්‍ය විදිහට විකල්ප මාර්ගය භාවිත කිරීම අවශ්‍ය නැහැ.
නගරයේ පිරිසුදු කමක් නැති එක තවත් හේතුවක්. කැළි කසළ නගර මධ්‍යයේ තැන් තැන්වල කසළ ගොඩවල්. නගර සභාවේ කැළි කසළ ඉවත් කිරීමේ ජොබ් එක හරියට වෙන්නේ නැහැ. පාර දෙපැත්තේ විධිමත් කාණු පද්ධතියක් නැහැ. කාණුවලත් කැළි කසළ පිරීලා. හික්කඩුව වෙරළ තීරයේ තත්වය මීට දෙවැනි නැහැ. වෙරළේ විනෝද වන අව් රශ්මිය විඳ ගැනීමට එන සංචාරකයන්ට හදිසි අවශයතාවකදී යන්න තැනක් නැහැ. මුහුදේ දිය නෑමට එන සංචාරකයන්ට ඇඳුම් මාරුකිරීමට ස්ථානයක් නැහැ. අඩුතරමින් නාන අයට වැලි සෝදා ගැනීමට වතුර බිඳක්වත් නැහැ. වෙරළ අවට සංචාරක නිවාඩු නිකේතනවලින් ඒ සඳහා අවසරයක් සංචාරකයන්ට දෙන්නෙත් නැහැ.
හික්කඩුව වෙරළ තීරයේ මුහුදේ දිය නාමින් සිටියදී හදිසි අනතුරුවලට ලක්වන සංචාරකයන් බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයක් ඇතත් ඒ නිලධාරීන්ට දියේ ගසා ගෙන සංචාරකයන් බේරා ගැනීමට යාමට අවශ්‍ය උපකරණ නැහැ. එම උපකරණවල විශාල හිඟයක් තියෙනවා. මේ වනවිට හික්කඩුව වෙරළ තීරයෙන් මුහුදේ නාන්න ගොස් ජීවිතයෙන් සමුගත් සංචාරකයන් පහුගිය දින කිහිපයේදීම වාර්තා වුණා. මෙය ඉතා ඛේදජනක සිද්ධියක්. මේ සිද්ධි සියල්ල නිසා දැන් දැන් සංචාරකයන් හික්කඩුවට ඒමට මැලිකමක් දක්වනවා.
හික්කඩුවේ හෝටල්වලට එන සංචාරකයනුත් නිදහස සොයා වෙන වෙන නගරවලට යනවා. එන්නේ රෑට නිදා ගන්න විතරයි. එහෙම සංචාරකයන්ගෙන් හික්කඩුවට වැඩක් වෙන්නේ නැහැ. අනෙක දැන් දැන් ලංකාවට එන සංචාරකයන් වෙනත් සංචාරක පුර සොයාගෙන යනවා. වෙනදා ලංකාවේ සංචාරක පුරවර අතරින් හික්කඩුවට හිමිවුණේ හොඳ තැනක්. ඒ නිසාම එදා හික්කඩුවට සංචාරකයන් රොතු බුරුතු පිටින් ආවා.
සුදත් ප්‍රියංකර:- මම සංචාරක මග පෙන්වන්නෙක් හැටියට රස්සාව කරනවා. අපිට එන සංචාරකයන් දැන් දැන් හික්කඩුවේ සංචාරය කිරීමට කැමැත්තක් දක්වන්නේ බොහෝම අඩුවෙන්. ඒ හික්කඩුවේ සංචාරකයන්ට තියෙන පහසුකම් මදි නිසා. බලන්න හික්කඩුව පාර දෙපැත්ත දිහා සංචාරකයකුට පාර අයිනෙන්වත් පයින් යන්න විදිහක් නැහැ. එක එක වෙළෙඳ සල්වල දැන්වීම් පුවරු සවි කරලා තියෙන්නේ පාර දෙපැත්තේ. සංචාරකයන් මේ විදිහට පාරේ ගමන් කරන්න කැමැති නැහැ.
තම තමන්ගේ රටවල ඇති තරම් මහන්සිවෙලා සංචාරකයන් ලංකාවට එන්නේ උපරිම විවේකයක් ගන්න. උපරිම විනෝදයක් ලබන්න. එසේ එන සංචාරකයා තමන්ගේ විවේකය වෙනුවෙන්, විනෝදය වෙනුවෙන් තමන් රැගෙන එන ඩොලර් මල්ලම වියදම් කරන්න සූදානම්. සංචාරකයාගේ ඒ සූදානමට සංචාරක පුරවරයත් සූදානම් විය යුතුයි. හික්කඩුවේ සංචාරක පුරවරයට ඒ සඳහා සූදානමක් තියෙනවද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. එහෙව් පහසුමක් නැතිවුණාම සංචාරකයා හික්කඩුවෙන් විතරක්ම නෙමෙයි ලංකාවෙන්ම ඈත්ව යනවා. ඒ නිසා දැන්වත් හරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මේවා අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කරන්න පුළුවන් අදාළ බලධාරීන්ට සහ නිලධාරීන්ට පමණයි.
හික්කඩුවේ සංචාරක පුරවරය එදා තිබූ තැනට ගේන්න පුළුවන්. සංචාරකයන්ට අංක එකටම ඕන පිරිසුදු කම. මැසි මදුරුවන් බෝවෙන තැන්වලට ඔවුන් කැමැති නැහැ. ඒ වගේම ශබ්ධවලටත් සංචාරකයා කැමැති නැහැ.
රුවන් කුමාර:- හික්කඩුවේ බෝවී ඇති සොර සතුරනුත් සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් වෙලා තියෙනවා. හික්කඩුව වැල්ලේ නිදහසේ සංචාරකයකුට ඉන්න නැහැ. මේ සොර සතුරන් හික්කඩුවේ සංචාරකයන් ලැගුම් ගෙන සිටින තැන්වලටත් පැනලා දේවල් හොරකම් කරනවා. ඇතැම් වෙළෙඳ සල් හික්කඩුවම එපා වන විදිහට ගාන කපා ගන්න දඟලනවා,
විකල්ප මාර්ගය මොන ආණ්ඩුව කළත් හොඳ දෙයක්. හික්කඩුව සංචාරක පුරවරය තුළ සංචාරකයන්ට නිදහසේ දිවි ගෙවන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් කළ යුතුමයි. හික්කඩුවට සංචාරකයන් එන මාස තුන හතරෙදිවත් මේ වැඩපිළිවෙළ දියත් කළ යුතුයි. එසේ නොවුණොත් කිසිම සංචාරකයකු හික්කඩුවට එන එකක් නම් නැහැ.
විශේෂයෙන්ම හික්කඩුවේ වෙළෙදාමේ නිරත වන අය ත්‍රිරෝද රථ රියදුරන්, සංචාරක මග පෙන්වන්නන්, ප්‍රදේශවාසී ජනතාව සංචාරක ව්‍යාපාරය පිළිබඳව දැනුම්වත් කළයුතුයි. හික්කඩුවට එන සංචාරකයා හික්කඩුවට කරදරයක් නොව සම්පතක් බව ඔවුනට ඒත්තු ගැන්විය යුතුයි.
අපි දන්නවා හික්කඩුවේ වීදුරු පතුල් සහිත බෝට්ටු සේවාවෙන් සංචාරකයන් ගසා කනවා. මේ බෝට්ටු සේවයෙන් කරන්නේ හික්කඩුව නොගැඹුරු මුහුදේ ඇති කොරල් පර පෙන්වීමයි. මේ අය ටිකට් කඩන්නේ නැහැ. ඒ සල්ලි සාක්කුවට දාගන්නවා. එයින් රජයට විශාල ආදායමක් අහිමි වෙනවා. සමහරු සංචාරකයන්ගෙන් ටිකට් කඩන්නේ භාගයකටයි. අනෙක් භාගය ඔවුන්ගේ සාක්කුවලටයි. ඒවගේම තමයි හික්කඩුවේ ඇතැම් වෙළෙද සල් හිමියන් සංචාරකයන්ට පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන්නේ හිතූ හිතූ ගණන්වලට. ඒ නිසා ඇතැම් සංචාරකයන් ඔවුනට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට හික්කඩුව පොළට යන්න පුරුදු වෙලා තියෙනවා. සංචාරකයා එහෙම නොකළොත් ඔවුන්ට හික්කඩුවේ සංචාරය කිරීමට අමාරු නිසා ඔවුන් අවශ්‍ය දෑ ගන්න ලාබ තැන් සොය සොයා යන්න වෙලා තියෙනවා. හික්කඩුවේ ඇතැම් වෙළෙඳ ආයතනවලට වෙළෙදාමක් නැතිවෙලා තියෙන්නේ මේ අසාධාරණ වෙළෙදාම නිසයි. සංචාරකයන් තමන්ට විනෝද වෙන්න තියෙන කෙටි වේලාවේදී පොළවල් ගානේ ගොස් බඩු භාණ්ඩ ගන්න යන්නේ කැමැත්තකින් නොවෙයි.
නගරයේ කැළි කසළ ඉවත් කිරීම හිමිදිරි උදෑසනම සිදු කරනවානම් තමයි ඉතා යෝග්‍ය. මොකද සංචාරකයන්ට පේන්න කුණු පුරවාගෙන නගරයම ගඳ ගසමින් යන කුණු ට්‍රැක්ටරය දකින ඔවුන්ට අපිරියාවක් ඇති වෙනවා. නගරයට එකතුවන කැළි කසළ පුළුවන් තරම්ම සංචාරකයන්ගේ දෑස් වලට නොපෙනෙන සේ ඉවත් කිරීමට පියවර ගත යුතුයි. ලංකාවේ වෙනත් සංචාරක පුරවරවල මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනවා. ඒ නිසා සංචාරකයන් හික්කඩුවෙන් සමුගෙන ඒ සංචාරක පුර වෙත යනවා. ඒ වගේම හික්කඩුව වෙරළේ ඉන්න සංචාරකයන්ගේ නිදහසට බාධා වන අයුරින් ඇතැම් අය වෙළෙදාම් කටයුතුවල නිරතවෙනවා. එයත් නතර කළයුතුයි.
ශ්රී ලංකාව කිසි විටෙකත් ඩොලර් බිලියන 2 ක සෘජු විදේශ ආයෝජනයක් (FDI) ලබාගෙන නැති බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2කටවත් සමාන ගලා ඒමක් ලබා ගැනීමට ඓතිහාසික
වාහන ආනයන සීමා කොන්දේසි සහිතව රජය විසින් ඉවත් කරනු ලැබුවද සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි ලංකා වාහ
ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අ
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය ජනවාරි මස සියයට සෘණ 4.0 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
චීනයෙන් රෙදිපිළි ආනයනය කිරීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ බරපතළ අවදානමට ලක්ව ඇතැයි
ඉන්දියාව ගියවර අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන්කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 245 ක මුදල මෙවර අයවැයෙන් කෝටි 300 දක්වා වැඩිකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හික්කඩුව සංචාරක කර්මාන්තයත් අනතුරේ