ඉතිහාසයේ පළමු වතාවට ටෙන්ඩර් කැදවීමකින් වී පෞද්ගලික අංශයට නිකුත් කිරීම යහපාලන ආණ්ඩුව ගත් තීරණය පිළිබද තමා සතුටු වන බවත් වී මිලදී ගැනීම හා වී ගොවියා ශක්තිමත් කිරීම ඉදිරි වර්ෂයේදී ජාතික ප්‍රතිපත්තියක් යටතේ සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී. හැරිසන් මහතා එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ඉකුත් රජය සමයේදී අමාත්‍ය වරයාගේ නිර්දේශ මත කෙලින්ම කිව්වොත් ඇමති වරයාගේ තුන්ඩුවකින් මේ වී ටික දෙන්න කියපු වහාම පෞද්ගලික අංශයට පෞද්ගලික හිතවතුන් කිහිප දෙනෙකුට වී නිකුත් කිරීම සිදුවුණා. නමුත් යහපාලන ආණ්ඩුව යටතේ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යවරයා හැටියට මම එහෙම සිදු කරන්නේ නැහැ. මොකද මේක සාධාරණ විය යුතුයි.‘ යැයි අමාත්‍යවරයා කීවේය.
මගේ අමාත්‍යංශය යටතේ මින් ඉදිරියට පෞද්ගලික හිතවත් කමට දේශපාලන වාසි බලාගෙන පෞද්ගලික අංශයට වී තොග ලබා දෙන්නෑ කියන එක මං සහතික වශයෙන්ම ඔප්පු කරලා තියෙනවා. මෙය ක්‍රියාත්මක වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු මට ඉතා හොඳ සහයෝගයක් ලබා දෙනවා.
මෙම අවස්ථාවට වී අලෙවිමණ්ඩලයේ සභාපති දිසානායක, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් රේණුකා ඒකනායක හා අමාත්‍ය උපදේශක ලෙස්ලි තිසේරා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘හිතවත්කමට වී තොග පෞද්ගලික අංශයට දෙන්නෑ‘
සුනිල් ගිකියනගේ Tuesday, 17 November 2015 05:29 PM
ලබන අවුරුද්දේ වී විකුණන කාලයට තමයි අපිට ඕක හරියටම තේරුම් ගන්න පුලුවන් වෙන්නේ. ගොවියන්ට ලබන අවුරුද්දේ වී ටික විකුණාගන්න පුලුවන් වුණොත් ඇමතිතුමාගේ කථාවේ හැටියට වැඩේ කෙරිලද කියලා දැනගන්න පුලුවන්. (නි)
සුනේෂ් Tuesday, 17 November 2015 01:26 PM
යහපත් දෙයක් සිදුවෙනවා නම් අපිත් කැමතියි (නි)
සුනිල් ගීකියනගේ Tuesday, 17 November 2015 01:29 PM
අනේ හොඳයි. කොහොමත් ලබන අවුරුද්දේ තමයි ඕක අපිට හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. විකුණාගන්න ක්‍රමයකුත් තිබුණොත් හොඳයි (නි)
චතුර Wednesday, 18 November 2015 05:51 PM
ලබන අවුරුද්ද ගැන කතා කරන්න කලින් මේ අවුරුද්දේ වී ටිකට උත්තරයක් දුන්නොත් හොඳයි නේද. ඉඟිනිමිටිය, යාය 10, පලුගොල්ල, නවගත්තේගම පැත්තේ වී තාම ගෙවල්වලලු.(රේ)
චතුර Wednesday, 18 November 2015 05:51 PM
ලබන අවුරුද්ද ගැන කතා කරන්න කලින් මේ අවුරුද්දේ වී ටිකට උත්තරයක් දුන්නොත් හොඳයි නේද. ඉඟිනිමිටිය, යාය 10, පලුගොල්ල, නවගත්තේගම පැත්තේ වී තාම ගෙවල්වලලු. (රේ)