හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2025 ජනවාරි මස, වැඩි සල්ෆර් අන්තර්ගත නෞකා ඉන්ධන (HSFO) සාර්ථකව හඳුන්වා දී, තම ඉන්ධන සැපයුම් සේවාව පුළුල් කළේය.
මෙම නව හඳුන්වාදීමත් සමග අඩු සල්ෆර් අන්තර්ගත නෞකා ඉන්ධන (VLSFO), සමූද්‍රීය ගෑස් ඉන්ධන සහ සමූද්‍රීය ඩීසල් ඉන්ධන (MGO/MDO) ඇතුළු පූර්ණ ඉන්ධන සේවා වරාය විසින් සපයනු ඇත. එතුළින් ලොව වඩාත් කාර්යබහුල මාර්ගයක් ඔස්සේ යාත්‍රා කරන පුළුල් පරාසයක නෞකාවලට සේවා සැපයීමට HIP සූදානමින් සිටිනවා මෙන්ම, ගෝලීය සමුද්‍ර භූ දර්ශනය තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළ නංවනු ඇත.
HSFO ඉන්ධන සැපයුමත් සමග සම්පූර්ණ නෞකා තෙල් සැපයීමේ පහසුකම් දියත් කිරීමෙන් ලොව ප්‍රමුඛ සමුද්‍රීය ඉන්ධන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස HIP ස්ථානගත කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට ඉක්මනින් හැකි වන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරි විල්සන් ක්ව් මහතා පවසයි. ”පුළුල් සේවා සහ මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා දිනෙන් දින වර්ධනය වෙමින් පවතින කීර්තියත් සමඟ, HIP සමුද්‍රීය වෙළෙඳාම සහ ඉන්ධන සැපයුම් සඳහා ප්‍රධාන ක්‍රියාකරුවකු ලෙස ප්‍රසිද්ධිය ලබමින් සිටිනවා. මෙම ව්‍යාප්තියෙන් අපගේ සේවා පරාසය පුළුල් වනවා පමණක් නොව, ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධාන සමුද්‍රීය ක්‍රියාකරුවකු ලෙස ශ්‍රී ලංකාවේ ස්ථානය වඩාත් ශක්තිමත් කරනවා.”
අලුතින් ක්‍රියාත්මක HSFO පහසුකම ඝන මීටර් 6,000 ක ගබඩා ධාරිතාවකින් සමන්විත වන අතර, වරායේ ඉන්ධන ගබඩා පර්යන්තයේ වෙනම ටැංකි දෙකක් මේ සඳහා වෙන් කර ඇත. පැයකට මෙට්‍රික් ටොන් 400 ක ධාරිතාවකින් තෙල් පොම්ප කළ හැකි විශේෂ පද්ධතියක්ද එහි ඇත. වේගවත්ව, කාර්යක්ෂමව ඉන්ධන බෙදා හැරීම සහතික කරමින්, විධිමත් නළ මාර්ගයක් ඔස්සේ ටැංකි සෘජුවම HIP හි තෙල් ජැටිවලට සම්බන්ධ වේ.
මෙම පහසුකම නිරවද්‍ය, ආරක්ෂිත මෙහෙයුම් සහතික කරමින් උසස් පාලන පද්ධතිවලින් සමන්විතව තිබේ. අන්තර්ජාතික සමූද්‍රීය සංවිධානයේ (IMO) 2020 ගෝලීය සල්ෆර් කැප් රෙගුලාසිවලට අනුකූලව HSFO භාවිත කරන යාත්‍රා අයත් නැව් හිමියන්ට මෙම පහසුකම විශේෂ වාසියක් වනු ඇත.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හම්බන්තොට වරායෙන් HSFO නෞකා ඉන්ධන පහසුකම්