ශ්රී ලංකාවට අනන්‍ය වූ සම්ප්‍රදායන්ට හා සංස්කෘතියට මුල් තැන දෙමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සිය වාර්ෂික නැව්තොටේ අලුත් අවුරුදු උත්සවය’ පසුගියදා පවත්වන ලදී. සත් වසරක සාර්ථක මෙහෙයුම් සනිටුහන් කරමින් ඉතා උත්සවාකාරයෙන් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා දෙස්, විදෙස් කාර්ය මණ්ඩල සාමාජිකයෝ එක්ව සිටියහ.
වරාය පරිශ්‍රයේ පැවති මෙම උත්සවයට කොට්ටා පොර, බනිස් කෑම ඇතුළු සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් ඇතුළත් වූ අතර, කාර්ය මණ්ඩලය විසින් අවුරුදු කුමරා සහ කුමරිය තෝරා ගැනීම සිදු වූයේ විනෝදාත්මක අත්දැකීමක් සියලු දෙනා වෙත උරුම කර දෙමිනි.
උදෑසන 9 සිට ආරම්භ වූ අවුරුදු උත්සවය සඳහා කාර්ය මණ්ඩල සාමාජිකයන් 150කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර වරායේ අත්‍යාවශ්‍ය මෙහෙයුම් නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා අදාළ කණ්ඩායම් කැපවී කටයුතු කළහ.
සාම්ප්‍රදායික උදෑසන ආහාරය සමගින් ආරම්භ වූ උත්සවය වරාය සාමාජිකයන්ගේ එකමුතුකම හා හැකියාව මනාව පිළිබිඹු කළේය. මෙහි තවත් විශේෂත්වයක් වූයේ දෙස්, විදෙස් කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු දෙනා සාම්ප්‍රදායික දේශීය ඇඳුමෙන් සැරසී සිටීමයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා මෙසේ පැවසීය. “හම්බන්තොට ජාත්‍යන්තර වරාය නව විශ්වාසයකින් හා අධිෂ්ඨානයකින් යුතුව ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක මෙම අලුත් අවුරුද්ද සැමරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ගෝලීය සැපයුම් අංශය තුළ ක්‍රමයෙන් ඇති වන වෙනස්කම් වලට අනුකූලව නව අභියෝග වැළඳ ගනිමින්, තවදුරටත් ව්‍යාප්ත වීමට අප සූදානම්. ඉදිරි වසරේදී, වරාය සේවා තවදුරටත් වැඩිදියුණු කර නව ආයෝජන හඳුන්වා දීමට අප පියවර ගෙන තිබෙනවා.
අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඉපැයූ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක් බවත් එය පසුගි
ශ්රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙමින් පැවැතුණත් තවමත් මෙරට ජනතාවගෙන් තුනෙන් එකක් දුගී භාවයෙන් හෝ දුගී භාවයට පත්වීමේ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත Dipped Products PLC සමාගම සහ එම සමාගම යටතේ පවතින DPL Premier Gloves Limited සමාගම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඉල්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (23) පැවැති අතර එහිදී දින 91 සහ දින 182 පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබුණි. එමෙන්ම දින 364 කල්පිරෙන බිල්පත් පොලියෙහි
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙයුම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම පසුගිය 10 වැනිදා නිල වශයෙන් කොළඹදී දියත් කිරීමත් සමග මෙරට සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ගන්න උත්සාහයේ සන්ධිස්ථා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය &2025 නැව්තොටේ අලුත් අවුරුද්ද* සමරයි