INSEE සිමෙන්ති සමාගම තම පරිසර හිතකාමී සහ අනාගතවාදී ඉදි කිරීම් අමුද්‍රව්‍ය නිෂ්පාදනය වෙනුවෙන්, හරිත ගොඩනැගිලි කවුන්සිලය විසින් සංවිධානය කළ 13 වැනි වාර්ෂික හරිත ගොඩනැගිලි සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර විය.
මෙහිදී ඉදි කිරීම් ක්ෂේත්‍රයේ තිරසාරත්වය, නවෝත්පාදනය සහ පාරිසරික ආරක්ෂණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් INSEE සිමෙන්ති සමාගම වෙත මෙම ගෞරවනීය සම්මානය හිමි විය.
මෙම සම්මානය INSEE කණ්ඩායමේ සෑම සාමාජිකයකුගේම කැපවීම හා කර්මාන්ත වෙනුවෙන් ඔවුන් දක්වන උනන්දුව නිසා ලබා ගත් ජයග්‍රහණයකි. ඉන් ශ්‍රී ලංකාව සහ සමස්ත ලෝකයම හරිත අනාගතයක් කරා රැගෙන යෑම කෙරෙහි INSEE සමාගම දක්වන අවධානය ද කැපී පෙනේ.
INSEE සමාගමට මෙම ජයග්‍රහණය වඩාත් වැදගත් වන්නේ, ශ්‍රී ලංකා හරිත කවුන්සිලය විසින් අපගේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන INSEE සංස්ථා; පෝට්ලන්ඞ් සිමෙන්ති නැවතත් හරිත නිෂ්පාදනයක් ලෙස නාමකරණය කිරීමයි. ඉතිහාසයේ ප්‍රථම වරට මෙම සිමෙන්ති නිෂ්පාදනය වෙත තරු 5 ක ශේණිගත කිරීමේ අගයක් ලැබුණු අතර, එය ක්ෂේත්‍රයේ සිමෙන්ති සමාගමක් විසින් මෙවැනි විශිෂ්ට කීර්තියක් අත් කර ගත් පළමු අවස්ථාව විය. INSEE සමාගම විසින් දිගු කාලයක් තිස්සේ ISO 14025 ප්‍රමිතියට අනුකූලව පවත්වා ගෙන ආ පාරිසරික නිෂ්පාදන ප්‍රකාශන (EPD) සහතිකය ද මෙම ජයග්‍රහණයට බල පෑ තවත් එක් සුවිශේෂී සාධකයකි. (EPD) සහතිකය යනු යම් නිෂ්පාදනයක සමස්ත චක්‍රය පුරාම එහි පාරිසරික බලපෑම පිළිබඳ ව සවිස්තරාත්මක, ප්‍රමිති ගත සහ තුන් වන පාර්ශව විසින් තහවුරු කරන ලද තොරතුරු ලබා දෙන ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිති රාමුවකි.
INSEE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි/සභාපති, නන්දන ඒකනායක මහතා මෙසේ ප්‍රකාශ කළේය. ”සිමෙන්ති නිෂ්පාදනයක් සඳහා තරු 5 ශේණිගත කිරීමක් ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු සිමෙන්ති සමාගම වීම සම්බන්ධයෙන් අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හරිත ගොඩනැගිලි සම්මාන උළෙලේදී INSEE සමාගමට සම්මාන