සටහන ඡායාරූප - ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ
වයඹ මුහුදු තිරය සුවිශේෂී මුහුදු කලාපයක් වෙයි. මෙම මුහුදු කලාපය ජෛව විවිධත්ව සුන්දරත්වය මනා ලෙස පිළිඹුවන අපුර්වතම නිර්මාණයක් ද වෙයි. එහෙත් මෙවන් සුන්දර පරිසර පද්ධතියකින් හෙබි මෙම කලාපයේ සිදුවන නීති විරෝධී මසුන් මැරීමේ පන්න ක්‍රම හේතුවෙන් දශක හතරකට ආසන්න කාලයක සිට මෙම කලාපයට බලපා ඇත්තේ එම පද්ධතියට දරා ගත නොහැකි දරුණු විනාශයක් බව පරිසරවේදීහු පවසති.
වයඹ මුහුදු කලාපය කොච්චිකඩේ මුහුදු සීමාවෙන් ආරම්භ වී එය මන්නාරම ආසන්නයේ පිහිටි මෝදගම්ආරු විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ පිහිටි පුක්කුලම ධීවර ගම්මානය ආසන්නයට දක්වා විහිදී යයි.
එසේම මෙම මුහුදු සීමාව කොරල්පර ඇතුළු විශේෂීත මත්ස්‍ය වර්ග රැසකට හිමිකම් කියයි. මෙම කලාපයේ මත්ස්‍ය විශේෂ විදෙස් රටවලට අපනයනය කරමින් ඩොලර් රැගෙන එන කිමිදුම්කරුවන් හා ධීවරයන් විශාල පිරිසකි. බොහෝ පිරිසක් රැකියාවල නිරත වන කලාපයක් වීම හේතුවෙන් රටට ආර්ථීක අතින් සුවිශේෂ දායකත්වයක් දක්වයි.
එවැනි සුවිශේෂ කලාපයක් වන මෙම මුහුදු තීරය පුත්තලම දිස්ත්‍රික්කයට අයිවාසිකම් පවතින අතර එය හලාවත හා පුත්තලම යන ධීවර දිස්ත්‍රික්ක දෙකකට වෙන් කර සහකාර ධීවර අධ්‍යක්ෂකවරුන් දෙදෙනකු යටතට පත් කර ඇත්තේ ධීවරයන්ට පහසුවක් ලෙස සලකමිනි.
මෙම ධීවර දිස්ත්‍රික්ක දෙකේ අශ්ව බල 25 හා 40 යන එන්ජීන් භාවිත කරනු ලබන බෝට්ටු 5600 ක් වල්ලම් හා පාරු ද 3000 ක් පමණ මෙම කලාප දෙකේ ඇති අතර මෙම කලාපයෙන් දියඹට දියත් වන බහුදින යාත්‍රා 600 ක් පමණ ඇති බව ධීවරය නිලධාරිහු පවසති.
එසේම මෙම ධීවර දිස්ත්‍රික්ක දෙක තුළ ඍජු හා වක්‍ර රැකියාවල නිරත වන පිරිස 40000 කට (හතළිස් දහසකට) ආසන්නය.
මෙම කලාප දෙකේ රැකියාවල නිරත වන ධීවරයන් අතරින් පුත්තලම ධීවර අධ්‍යක්ෂ කලාපයේ ධීවරයන් දශක කිපයක සිට විවිධාකාර ගැටලු රැසකට මුහුණ දී ඇති අතර එයින් බරපතළ කරුණු කිපයක් වෙයි.
එක් කරුණක් නම් ඉන්දීය ධීවරයන් බත්තලන්ගුන්ඩුව ආසන්නයේ ශ්‍රී ලංකා මුහුදු තිරයේ ශ්‍රී ලාංකික ධීවරයන් බරපතළ ලෙස පීඩාවට ලක්කරමින් සිදුකරන නීති විරෝධි මසුන් ඇල්ලීමයි.
මේ හේතුවෙන් මෙම කලාපයේ රැකියාව කරන ධීවරයන්ට තම මුහුදු සීමාවේ මත්ස්‍ය අස්වැන්න අහිමි කරමින් ඉන්දීය ධීවරයන් ශ්‍රී ලාංකික ධීවරයාගේ මත්ස්‍ය අස්වැන්න සුරාකෑම බරපතළ ගැටලුවක්ව තිබේ.
කෙසේ නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව මෙම ඉන්දීයන් ධීවරයන් අත්අඩංගුවට ගැනීම නිරන්තරයෙන් සිදුවෙයි.
ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු පතුල වනසා දමද්දී ශ්‍රී ලාංකිකයන්ද මුහුදු පතුල වනසා දමමින් ඇත්තේ මේ වන විට සුළු පන්න ධීවරයන් යැයි හඳුන්වන ලයිලා හා සුරුක්කු ඇතුළු දැල් ආම්පන්න යොදා ගනිමිනි.
මෙම ලයිලා හා සුරුක්කු පන්න ක්‍රමය මුලින්ම ත්‍රිකුණාමලය මුහුදේ ක්‍රියාත්මක වී තිබුණි. කල්පිටියට මුලින් ලයිලා පන්න ක්‍රමය පැමිණ ඇති අතර සුරුක්කු පන්න ක්‍රමය කන්දකුලිය කුඩාව ප්‍රදේශයේ බලහත්කාරයෙන් ක්‍රියාත්මක කර ඇත්තේ සුළු පන්න ධීවරයන්ගේ දැඩි විරෝධය හමුවේය. ලයිලා පන්න ක්‍රමයට සුළු පන්න ධීවරයෝ දැඩි විරෝධය මතු කළහ.
එසේ විරෝධය මතු කරන්නට වූයේ සුළු පන්න ධීවරයන්ට හිමිව තිබූ මත්ස්‍ය සම්පත ලයිලා පන්න ක්‍රමයෙන් සුරා ගැනීම හේතුවෙනි.
සුළු පන්න ධීවරයන් තම විරෝධය මතු කරමින් මෙම පන්න ක්‍රමය තහනම් කරන ලෙසට කළ ඉල්ලීමට අවසානයේ සිදු වූයේ පුදුම දනවන්නකි.
එනම් සුළු පන්න ධීවරයන් ලයිලා සුරුක්කු ලෙස හැඳින්වූ නීති විරෝධී පන්න ක්‍රමයට එවකට ධීවර ඇමැතිවරුන් හා ධීවර අමාත්‍යංශ ලේකම්වරුන් හා සෙසු නිලධාරීන් එක්වි එය අලුත්ම නමක් දමා හැඹිලි දැල නමින් නම් කර ඒ සඳහා නිත්‍යනුකුල බලපත්‍රයක් 1986 වසරේදී ලබා දීමය.
මෙයටද සුළු පන්න ධීවරයන් තම විරෝධය මතු කළද එයටද හඬක් නොවීමෙන් සුළු පන්න ධීවරයන් වෙනුවෙන් පිහිටට කිසිවකු නොමැති පසුබිමක් උදාවිය.
එහෙත් ලයිලා හා සුරුක්කු නමින් වූ දැල් පන්නය වෙනුවට හැඹිලි දැල් ලෙස බලපත්‍ර ලබා දීම පිළිබඳව එම බලපත්‍රය ලබා දීමට මැදිහත් වූ එවක දේශපාලන අධිකාරිය හා ධීවර අමාත්‍යංශ නිලධාරීන් සුළු පන්න ධීවරයන්ගේ සිත් සනසා තිබුණේ දැඩි කොන්දෙසි ලබා දෙමින් මේ සඳහා බලපත්‍ර ලබා දීම කර ඇති බව කියමිනි.
එහිදී සුළු පන්න ධීවරයන් සම්පූර්ණයෙන් නොමග යවා හැඹිලි දැල් සඳහා බලපත්‍රය ලබා දීමේදි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ නියමයන් හා විධි විධාන එම පනතේ පනවා ඇති බලපවත්නා නියෝග යටතේ මෙම බලපත්‍රයේ කොන්දේසි අනුව මෙහෙයුම්වල යෙදිමට අවසර ලබා දී ඇත.
ඒ අනුව ඇස් ප්‍රමාණය (දැලක)අගල් 2 ,1/2
දැලක උස මිටර් 25 ක්
දැලක දිග මිටර් 225 ක්
මෙහෙයුම් කළ යුතු දුර ගොඩබිමේ සිට සැතපුම් 10ක් ඔබ්බෙන් වූ මුහුදු තිරය.
මසුන් ඇල්ලීම කළ යුතු කාල පරිච්ජේදය උදෑසන 6 සිට සවස 6 දක්වා.
බලපත්‍ර යටතේ ඇල්ලීය හැකි මසුන් වර්ග ද නම් කර ඇත. ඒ අනුව මුරල්ලා, හබරලා, අලගුඩුවා, කිලෝ තුනට වැඩි කෙළවල්ලන් හා ඊට සමාන සත්වයන් නම් කර ඇත.
හැඹිලි දැල් සදහා ආලෝකය භාවිත නොකොට දිවා කාලයේ පමණක් මසුන් ඇල්ලීම කළ යුතුය.
මෙහෙයුම් සඳහා ඩයිනමයිට් හෝ වෙනත් කිසියම් පුපුරණ ද්‍රව්‍යයක් භාවිත කිරීම තහනම් කර ඇත.
ශ්‍රී ලංකා මුහුදු තිරයේ හැඹිලි දැල් කිමිදුම් උපකරණ කිසියක් භාවිත කිරීම ද තහනම් කර ඇත.
හැඹිලි දැල් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ එක් යාත්‍රාවක් සඳහා පමණකි.
මෙම හැඹිලි දැල් භාවිත කරන කිසි විටකත් ගල්පර සහ මුහුදු පතුල ආශ්‍රීත ගැවසෙන මසුන් හෝ කාලීනව ජල ස්ථරය මතුපිටට පැමිණෙ එවැනි මසුන් ඇල්ලීම තහනම් වෙයි.
ධීවර පනත යටතේ තහනම් කරන ලද මත්ස්‍ය විශේෂයක් වන මුහුදු ක්ෂීරපායින් වන කැස්බෑවන්, කස මෝරා, විශේෂ කස මෝරා, පොල් කොළ මෝරා, මිනිමුතු මෝරා වැනි මත්ස්‍ය විශේයෙන් සිටින මාළු රෑන් හැඹිලි දැල් මගින් වට කිරීම තහනම් කර ඇත.
ඉහත නීති උල්ලංඝණය කරන පිරිසට දැඩි නීති පනවන බවද අදාළ බලපත්‍රය මගින් තහවුරු කර ඇත.
එහෙත් පුදුමය වී ඇත්තේ මෙම සියලුම කොන්දේසි රිසි සේ උල්ලංඝණය කරමින් මෙම පන්න ක්‍රමය ක්‍රියාත්මක කළද ඒ සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව හෝ ධීවර දෙපාර්තුමේන්තුව නීතිය ක්‍රියාත්මක නොකර මුනිවත රකිමින් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව සුළු පන්න ධීවරයෝ පවසති.
සුළු පන්න ධීවරයන් ලයිලා ලෙස හදුන්වන මෙම හැඹිලි දැල් පන්නයට ලබා දී ඇති බලපත්‍ර අනුව එක් යාත්‍රාවක් පමණක් යොදා ගත යුතුව ඇති බව සදහන් කළද මුහුදට ගොස් පරික්ෂා කිරීමේදී යාත්‍රා 10කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් කිමිදුම්කරුවන් යොදා දැවැන්ත දැල් පන්නයක් මුහුදට දමා එයට මසුන් කොටු කර ගැනීමට විවිධ උපක්‍රම යොදා ගැනිමට කටයුතු යොදන ආකාරය නිසි ලෙස පෙනි යයි.
ඇතැම් විටක මෙලෙස හැඹිලි දැල් සදහා මසුන් කොටු කර ගැනිමට ඩයිනමයිට් පුපුරවා හැරීමද සිදුවන බව නොරහසකි. මෙවැනි විනාශයක් සිදුවන තුරු එය කිසිදු ලෙසකින් සිදු නොවූ ලෙස අදාළ කලාපවල නාවික හමුදා නිලධාරීන් මුනිවත රැකිමද බරපතළම ප්‍රශ්නයකට තුඩු දී ඇත්තේ ඒ සදහා වන නීතියට කුමක් වී දැයි සුළු පන්න ධීවරයා ප්‍රශ්න කරන පසුබිමකය.
මෙම ලයිලා හා සුරුක්කු දැල් සම්බන්ධව දශක කිපයක් පුරා දැඩි විරෝධයක් මතු කළ මේ සම්බන්ධව සටන් වැදි මේ වන විට තම ජීවිතයේ සැඳෑ සමය ගෙවා දමන නමින් පෙනී සිටීමට අකැමැති ධීවරයන් වෙනුවෙන් පෙනි සිටි ධීවරයකු හා ධීවර ක්‍රියාකාරියකු මෙලෙස තම අත්දැකීම් එක්කළේය.
“මම මේ වෙනුවෙන් සටන් කළේ සුළු පන්න ධීවරයකු වූ මා ඇතුළු ප්‍රජාව වෙනුවෙන්. ඒ කාලයේ හිටපු දේශපාලඥයන් අපිව කඩේ යැව්වේ පුදුම විදිහට.
අපි දැඩි විරෝධය මතු කළේ ලයිලා හා සුරුක්කු වෙනුවෙන්. හැබැයි ඒ වන විටත් ලයිලා හා සුරුක්කුවලින් යැපුන දේශපාලඥයන් හා ධීවර අමාත්‍යංශයෙ නිලධාරීන් උපක්‍රමශීලි ලෙස හැඹිලි දැල් ලෙස නම් කරමින් නව පන්න ක්‍රමයකට බලපත්‍රයක් ලබා දීමට තරම් ලජ්ජා සහගතය.
අන්තිමට අපි ලයිලා සුරුක්කු වෙනුවෙන් හඬ නගද්දි බලධාරීන් හා දේශපාලඥයන් අපි ඉදිරිපිට පොලිසියට කතා කරලා අල්ලන්න කියලා නියෝග දිලා එයාලා අලුත් නමකින් නම් කර බලපත්‍ර දුන්නා. හැබැයි ලයිලා කිව්වත් හැඹිලි කිව්වත් දෙකම එකයි.
සුළු පන්න ධීවර යාත්‍රා 50 කට තිබෙන මසුන් මේ හැඹිලි එක දැලකට අරන් ගොඩ යනවා. එතකොට සුළු පන්න ධිවරයා අන්ත අසරණයි. මේ කරුණු බරපතළ ඇත්ත කථා.
හැඹිලි දැල් මෙලෙස මුහුද වනසමින් ක්‍රියාත්මක කිරීම පිළිබදව සටන් කළ ක්‍රියාකාරියකු වන මේ වන විට ජාතික ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජීත් ගිහාන් මහතා මෙලෙස අදහස් දැක්වීය.
“මෙය පසුගිය පාලන කාලවල කළ බරපතළම හානියක්. ඒ නිසාම සුළු පන්න ධීවරයා හා හැඹිලි පන්න ධීවරයා අතර නිරන්තර ගැටුම් ඇති වුණා. අඩුම තරමින් මේ ගැටලුවට සාධාරණ තීරණයක් හිටපු අයට දෙන්න බැරි වුණා. ඒ නිසාම අද මෙය බරපතළ ගැටලුවක් වෙලා .
එහෙත් මේ හැඹිලි පන්නය නිසි ලෙස අදාළ නීති රාමුව යටතේ කරනවාද නැත්නම් සම්පුර්ණයෙන් මුහුදින් අයින් කරනවාද යන්න තිර්ණයක් ගන්න අපි සුදානමින් ඉන්නේ.
පුත්තලම ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රවංශ මහතා මේ සම්බන්ධව මෙසේ පැවසීය.
“පුත්තලම ධීවර අධ්‍යක්ෂ කලාපයේ හැඹිලි දැල් 90 කට ආසන්න රැකියාව කරන්න බලපත්‍ර දිලා තියෙනවා. එහෙත් මේ පන්න ක්‍රම කුමන ලෙසකින් මුහුදේ ක්‍රියාත්මක කරනවාද යන්න සොයා බලන්නවත් අපට ධීවර යාත්‍රාවක් නැහැ. ඒ සඳහා නාවික හමුදාව තමා අදාළ කටයුතු කරන්න වුවමනා. යම් ගැටලු තිබේනවා නම් අපි සුදානම් ඒ සදහා මැදිහත් වෙන්න.
මූල්‍ය විනයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගියදා පැසැසුමට ලක් කළේ
පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද
ආසියානු සංවර්ධන බැංකුවේ 11 සභාපතිවරයා ලෙස මසාටෝ කන්ඩා මහතා පසුගියදා වැඩ බාර ගත්තේය. ජපානයේ ජාත්‍යන්තර කටයුතු සඳහා නියෝජ්‍ය මුදල් ඇමැති ධුරය දරා ඇති මස
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ප්
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු, මහා විහාර වංශික ස්‍යාමෝපාලී ම
ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය (ISA) වෙත වාර්ෂික දායකත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හැඹිලි දැලෙන් වැනසෙන වයඹ මුහුදු තිරයේ ධීවර කර්මාන්තය