IMG-LOGO

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා


2000 වසරේ සිටම ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් ගැන කතා ඇසෙයි

ඉන්දියාව කැමැත්තෙන් සිටී නම් ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකි ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා ද පවසා ඇත. 

ජනාධිපතිවරයා චීනයේ සිනොපෙක් සමාගම සමඟ හම්බන්තොට මෙවැනිම තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා සිය චීන සංචාරයේදී ගිවිසුම්ගත විය.

එහෙත්, දශක තුනක් ආපස්සට ගමන් කරන විට පෙනී යන්නේ, ත්‍රිකුණාමලයේ ඛනිජ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා 2000 වර්ෂයේ සිට මෙරට පැවැති සෑම ආණ්ඩුවක්ම විවිධ රටවල් සමඟ සාකච්ඡා කර ඇති බවය. වාර ගණනාවක්ම තෙල් පිරිපහදුවක් ඉදිකිරීම ගැන කතා කළත්, පිරිපහදුව තවමත් “කතා සාප්පුවකට” සීමා වී ඇති බවය.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය ඉදිවන්නේ 1940 වර්ෂයේදී දෙවැනි ලෝක යුද සමයේය. ත්‍රිකුණාමලයට එල්ල වූ ජපන් හමුදා ප්‍රහාරයේදී එකී ගුවන් නියමුවකු තම යානය එක් තෙල් ටැංකියක හැප්පීමෙන් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් එම තෙල් ටැංකිය ගිනි ගෙන විනාශ විය. බ්‍රිතාන්‍යයන්ගේ යුද කඳවුරු ලංකා රජයට 1959 වර්ෂයේදී පවරාගත් පසුව ද මෙම ටැංකි සමූහය පවරා දෙන්නට බ්‍රිතාන්‍ය රජය අකැමැති වූ අතර, 1965 වර්ෂයේදී බණ්ඩාරනායක අගමැතිනිය ස්ටර්ලින් පවුම් දෙලක්‍ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවා තෙල් ටැංකි සමූහය ලංකා රජයට පවරා ගත්තාය. එහෙත්, එදා සිට 2003 වර්ෂය දක්වාම තෙල් ටැංකි නිකරුණේ දිරමින් පැවැතුණේය. 

තෙල් පිළිබඳ ගනුදෙනු ඉන්දියාවට අතිශය සංවේදීය. අසූව දශකයේ ඇමෙරිකාව සිටියේ ඉන්දියානු විරෝධි ස්ථාවරයකය. ඉන්දියාව සෝවියට් දේශය සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන යාම එයට හේතුවය. ලංකාව ඇමෙරිකාව සමඟ වඩාත්ම හිතවත්ව සිටීමත්, ඒ සමඟම ජේ.ආර්. ප්‍රේමදාස ඇතුළු ආණ්ඩු ප්‍රධානින් ඉන්දීය විරෝධි මත පළ කිරීමත් නිසා ඉන්දියාව දමිළ බෙදුම්වාදයට වැඩි වැඩියෙන් ආධාර කළේය. අසූව දශකයේ මුලින්ම දමිළ ත්‍රස්තවාදි ප්‍රහාර එල්ල වෙද්දී ඇතුළත්මුදලි වැනි ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ කිව්වේ, සෝවියට් දේශය ලංකාව අස්ථාවර කරන්නට සිදු කරන මෙහෙයුමක් කියාය. 

ජේ.ආර්.ලා, ලලිත්ලා ඇමෙරිකාව සමඟ දීග යද්දී ඉන්දියාව බය වුණේ ඇමෙරිකානු හමුදාව ලංකාවේ කඳවුරු පිහිටුවයි කියාය. ඉන්දියාව සිතුවේ ත්‍රිකුණාමලය වරායත් ඒ අසල ඇති තෙල් ටැංකි සියයත් මැදිකර ඇමෙරිකානු හමුදාව බින්නබහී කියාය. මේ නිසා 1983 වර්ෂයේ සිටම ඉන්දියාව ලංකාව සමඟ කළ සෑම සාකච්ඡාවකදීම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අන්සතු නොකළ යුතු බවට ලංකාවට බල කෙරුණේය. අවසානයේ බලහත්කාරයෙන් අත්සන් කළ 1987 ඉන්දු ලංකා ගිවිසුමටත් ඉන්දියාවෙන් නොවිමසා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කිසිම විදේශීය පාර්ශ්වයකට පවරා නොදෙන බවට වගන්තියක් ද ඇතුළත් කෙරුණේය. පසුව ඇමෙරිකාව, ඉන්දියාවේ මිතුරකු වුණේය. දෙරටේම පොදු සතුරා වූයේ චීනයය. 

එක්දහස් නවසිය අසූව වසරේදී එතෙක් පිලිපීනයේ “සුවික්” බොක්කේ පවත්වාගෙන ගිය ඇමෙරිකානු හත්වැනි නාවික හමුදාවේ සුවිසල් කඳවුරේ බදු කාලය අවසන් වීම නිසා පිලිපීනයෙන් පිටමං වීමට ඇමෙරිකාවට සිදු විය. මේ නිසා 7 වැනි නාවික හමුදාව ත්‍රිකුණාමල වරායේ යුද කඳවුරක් ඉදිකිරීමට එකල එ.ජා.ප. රජයෙන් අවසර ඉල්ලා ඇති බවට මත පළ විය. විපක්‍ෂය ගෙන ගිය විරෝධය හමුවේ ඇමෙරිකා හා ශ්‍රී ලංකා ආණ්ඩු නිවේදනය කළේ, එවැනි ඉල්ලීමක් කර නැති බවය. 

එහෙත්, එතැන් සිට වසර ගණනාවක්ම ඇමෙරිකානු නාවික කඳවුරකට ත්‍රිකුණාමල වරාය ලබා දෙන බවට විවිධ ප්‍රචාර පළ විය. සෝවියට් දේශය ඇදවැටීමත් සමඟ ඉන්දියාව ඇමෙරිකාවේ මිතුරකු බවට පත්වූ අතර, එතැන් සිට ඇමෙරිකාව සහ ඉන්දියාව අතර ඇත්තේ කොන්දේසි විරහිත එකඟතාවකි. ගෝඨාභය ජනාධිපති සමයේ ඇමෙරිකාව සහ ඉන්දියාව එක්ව ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ත්‍රිකුණාමලය වරාය සහ තෙල් ටැංකි ඉල්ලා සිටියේය. 

ශ්‍රී ලංකා රජය එයට අකැමැති වූ පසු ආණ්ඩු පෙරළන ගෝල් ෆේස් අරගලය ඇරැඹුණේය. දැන් ගෝඨාභයගේ රජය නැත. දැන් ඇත්තේ ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායකගේ රජයකි. ඒ රජය චීනයට හම්බන්තොට වරාය අසල සුවිසල් තෙල් පිරිපහදුවක් අරඹන්නට ඉකුත් දා ගිවිසුම් අත්සන් කළේය. ත්‍රිකුණාමලය තෙල් පිරිපහදුවේ කතාව යළිත් උඩට ආවේ ඉන් පසුවය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු 2003 වසරේදී අගමැති රනිල් වික්‍රමසිංහ රජය ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගම සමඟ අත්සන් කළ ගිවිසුමකින් සම්පූර්ණ තෙල් ටැංකි සංඛ්‍යාවම එම සමාගමට බදු දුන්නේය. බදු කාලය වසර තිස් හතකි. එහෙත්, තෙල් ටැංකි අනූ නවයෙන් ඉන්දීය තෙල් සමාගම පාවිච්චි කරන්නේ තෙල් ටැංකි 15ක් පමණකි. 

2021 වර්ෂයේදී ඇමෙරිකානු සමාගමක් ත්‍රිකුණාමලයේ මහා පරිමාණ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඉදිරිපත් විය. එයට සමාන්තරව ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව අක්කර 33,000ක මහා පරිමාණ ආයෝජන කලාපයක් ඉදිකිරීමට ද ඇමෙරිකාව යෝජනා කළේය. එම ආයෝජන කලාපයේ ආයෝජනය කළ හැක්කේ ඇමෙරිකානු, ඉන්දියානු සහ ජපාන සමාගම්වලට පමණකි. මෙම දැවැන්ත ව්‍යාපෘතිය ඇතුළත් වූයේ ඇමෙරිකාව මෙරටට යෝජනා කළ එම්.සී.සී. ගිවිසුම යටතටය. එහෙත්, රට තුළින් ආ විරෝධතා හේතුවෙන් පිරිපහදු ව්‍යාපෘතිය හා එම්.සී.සී. ගිවිසුම ද අකුලා ගන්නට ඇමෙරිකානු රජයට සිදු විය.

ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ බලශක්ති ඇමැති වූ උදය ගම්මන්පිල මහතා 2003 වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ රජය තෙල් ටැංකි පවරා දුන් ගිවිසුම සංශෝධනය කරමින් ටැංකි 61ක් ඒකාබද්ධව සංවර්ධනය කිරීමට ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගම අතර “ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්” නමින් අලුත් සමාගමක් ආරම්භ කළේය. 

එහෙත්, එම සමාගම ද කටයුතු කරන්නට පටන්ගත්තේ ඉබි ගමනිනි. එයට හේතුව, අදාළ ඇමැතිවරයාට ඉහළින් රටේ නායකකාරකාදින් ගන්නා තීන්දු තීරණය.

2023 වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය සමයේදී ත්‍රිකුණාමලයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඉන්දීය රජයෙන් යෝජනාවක් ඉදිරිපත් විය. මෙම යෝජනාව අනුව පිරිපහදුවක් අලුතෙන්ම ඉදිවන අතර, තෙල් ටැංකි අනූනවය එයට බාහිරින් සම්බන්ධ වෙයි. එහෙත්, ඒ යෝජනාව ද “කතා සාප්පුවක්” පමණක් බවට පත්විය. 

ශ්‍රී ලංකා රජය ඛනිජ තෙල් වෙළෙඳාමට පිවිසියේ 1961 වසරේදීය. 

එතෙක් යුරෝපීය තෙල් සමාගම් මෙරට ඛනිජ තෙල් වෙළෙඳාමේ නිරතව සිටි අතර, 1961 වර්ෂයේදී සිරිමාවෝ බණ්ඩාරනායක රජය විදේශීය තෙල් සමාගම්වලට වන්දි ගෙවා රජයට පවරා ගත්තේය. ඉන් පසු 1969 වර්ෂයේදී ඩඩ්ලි සේනානායක රජය යටතේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිහිටුවීය. සපුගස්කන්ද තෙල් පිරිපහදුව සැලකෙන්නේ ආසියාවේ පළමු ඛනිජ තෙල් පිරිපහදුව වශයෙනි.

මෙම පිරිපහදුව ඉරාන බොරතෙල් පිරිපහදු කිරීමේ අරමුණින් ඉරාන රජයේ ආධාරය ඇතිව ඉදිකරන ලදී. ලෝකයේ බොරතෙල් නිෂ්පාදනය කරන රටවල තෙල් එකිනෙකට වෙනස් සාන්ද්‍රණයකින් යුක්තය. ඉරාන ආධාරයෙන් ඉදිකළ සපුගස්කන්දේ පිරිපහදු කළ හැක්කේ ඉරාන, ඉරාක, ඕමාන යන රටවල බොරතෙල් පමණකි. 

1961 වර්ෂයේ සිට 1995 වර්ෂය දක්වාම ඛනිජ තෙල් සංස්ථාව විවිධ ඛනිජ තෙල් නිෂ්පාදනවලින් විශාල විනිමය ප්‍රමාණයක් ඉපැයූ අතර, ඉන් මුල් තැන ගත්තේ ලිහිසි තෙල් ව්‍යාපාරයයි. සපුගස්කන්දෙන් බොරතෙල් පිරිපහදු කිරීමේදී නිෂ්පාදන ලිහිසි තෙල් විකුණා ඇතැම් අවුරුදු ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියනය ඉක්ම වූ ලාබයක් ලැබූ බව කියැවේ. එහෙත්, 1994 වර්ෂයේ චන්ද්‍රිකා කුමාරතුංග රජය ඛනිජ තෙල් සංස්ථාවේ ලිහිසි තෙල් ව්‍යාපාරය විදේශීය සමාගමකට පැවැරීය. එතැන් සිට තෙල් සංස්ථාවේ ලාබය වසරින් වසර අඩු වුණා මිස වැඩි වුණේ නැත. 

හරි විදිහට කරන්නේ නම් ඛනිජ තෙල් කර්මාන්තය යනු, රටක ආර්ථික දියුණුව ළඟා කරගැනීමේ ප්‍රධානම අවස්ථා කිහිපයෙන් එකකි. හොඳම උදාහරණය සිංගප්පූරුවය. සිංගප්පූරුවේ එකම තෙල් ළිඳක් හෝ නැතත් පිරිපහදු කරන ලද ඉන්ධන විකුණන රටවල් අතර තුන්වැනි තැනට පත්ව ඇත්තේ සිංගප්පූරුවය. රට වටා ඉදිකර ඇති තෙල් ටැංකිවලට බොරතෙල් රැගෙනවිත් පිරිපහදු කර විකිණීමෙන් සිංගප්පූරුව සුවිශාල ආර්ථික වර්ධනයක් ලබා ගත්තේය. ත්‍රිකුණාමලය වරායත්, හම්බන්තොටට මුහුදු කිලෝමීටර් හතරක් දුරින් ඇදී යන ජාත්‍යන්තර නෞකා මාර්ගයත් ආර්ථික දියුණුව කරා ළඟා වීමට අපට ඇති ප්‍රධානම මාර්ග වුවත්, විවිධ දේශපාලන පක්‍ෂවල බලලෝභය නිසා තමන්ගේම ආණ්ඩුවක් එනතුරු අනුන්ගේ ආණ්ඩු කරන ඛනිජ තෙල් කර්මාන්තයේ ආයෝජනවලට අකුල් හෙළීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් රට මැද ඇති ඛනිජ තෙල් පිරිපහදුව හැර අන් පිරිපහදුවක් මෙරටට අදටත් නැත. නවීන ලෝකයේ ඛනිජ තෙල් පිරිපහදු ඉදිකරන්නේ වරායකට ඉතා සමීපවය. බංකරින් ලෙස හැඳින්වෙන නෞකාවලට තෙල් අලෙවි කිරීමේ ව්‍යාපාරය වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක් ඉපැයීමේ මාර්ගයක් වුවත්, අපගේ රටේ ඛනිජ තෙල් පිරිපහදු ඉදිකිරීම “කතා සාප්පුවක්” පමණක් බවට පත්ව ඇත. ත්‍රිකුණාමලය පිරිපහදුවත් එවැන්නක් බවට පත්වේ දැයි අපට ඇති ප්‍රශ්නයයි.

 



අදහස් (0)

2000 වසරේ සිටම ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් ගැන කතා ඇසෙයි

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩිජිටල්කරණයෙන් පමණක් බදු ස්භියෝගවලට විසඳුම් නැහැ
2025 පෙබරවාරි මස 26 50 0

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය දිශාවට රැගෙන යාමට රජය තැබූ පියවර නිවැරදි එකක් වුවත් ඉන් පමණක් මෙරට මුහුණදෙන බදු අභියෝගවලට විසඳුම් සෙවිය නොහැකි බව ජෝන් කීල්ස


සිවිල් ගුවන් සේවා බීජිං සම්මුතිය බලාත්මක කිරීමට නව නීති
2025 පෙබරවාරි මස 26 9 0

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාළව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස න


ඕෆ් සීසන් නිසා බිස්නස් අඩුයි
2025 පෙබරවාරි මස 26 22 0

පිටකොටුව වෙළෙද නගරයේ එක් එක් භාණ්ඩ සදහා සුවිශේෂී වූ වීදී රාශියකි. බෑග්, ඔරලෝසු, පාවහන් සදහා මල්වත්ත පාර, මංගල ඇරියුම් පත් ආදිය සදහා මැලිබන් වීදිය, රත්තර


අනාගතයට බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා ශක්තිමත් සහයෝගිතාවයක්
2025 පෙබරවාරි මස 26 17 0

ජනාධිපති දිසානායක යටතේ මෑතකදී නව ආණ්ඩුවක් පිහිටුවූ පසුව ශ්‍රී ලංකාවට මගේ ප්‍රථම නිල විදෙස් සංචාරය සිදුකිරීමට ලැබීම මගේ ඉමහත් සතුටට හේතු විය. එය මගේ ප්


2000 වසරේ සිටම ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් ගැන කතා ඇසෙයි
2025 පෙබරවාරි මස 26 13 0

ඉන්දියාව කැමැත්තෙන් සිටී නම් ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකි ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමට සූදානම් බව ජනාධිපති අනුර කු


සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් සැපයීමට DFCC සහ David Peiris Renewable Energy ගිවිසුමක
2025 පෙබරවාරි මස 26 14 0

DFCC බැංකුව සහDavid Peiris Renewable Energy සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙරට ජනතාවට හා ව්‍යාපාරවලට සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 304 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 460 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 188 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site