IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


2024 ඇස්බැස්ටෝස් තහනම්

2024 වන විට ජනවාරි පළමු වැනි දා වන විට රටේ ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

2018 ජනවාරි පළමු වැනිදා සිට ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සීමා කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

 



අදහස් (0)

2024 ඇස්බැස්ටෝස් තහනම්

විශ්ව Thursday, 08 September 2016 02:46 PM

බලමුකෝ.(හේ)

:       0       0

ඩයස් Thursday, 08 September 2016 02:40 PM

හොදයි ඉතින්.(හේ)

:       0       0

ජගත් Thursday, 08 September 2016 02:47 PM

තව ඒකට අවුරුදු 08ක් යනවනේ.(හේ)

:       0       0

ආකාෂ් Thursday, 08 September 2016 02:47 PM

ඒක හොදයි.(හේ)

:       0       0

සඳරු Thursday, 08 September 2016 02:40 PM

ඇස්බැස්ටෝස් යනු මොනවද පොඩ්ඩක් හදුවන්න හැකිද?(හේ)

:       0       0

සඳුරු Thursday, 08 September 2016 02:41 PM

ඇස්බැස්ටෝස් යනු මොනවද පොඩ්ඩක් හදුවන්න හැකිද (හේ)

:       0       0

හිමාල් Friday, 09 September 2016 06:10 AM

දැනටමත් මේ සඳහා විකල්ප වෙළෙඳපොලේ තියෙනවා. අමානෝ තහඩු, ශාක කෙඳි වලින් තැනූ ශීට්, වහලයට යොදන ටයිල් වර්ග, ඒවායින් කිහිපයක්. (බ)

:       0       0

ධම්ම Wednesday, 07 September 2016 02:17 PM

කරුණාකර මේ සමගම විකල්පය හඳුන්වා දෙන්න. (අ)

:       0       0

පුෂ්ප Monday, 12 September 2016 09:47 AM

මම ඉන්න රටේ ඇස්බැස්ටෝස් තිබුනොත් පළාතේම මිනිස්සු අයින් කරලා තමයි ඒවා ඉවත් කරන්නේ. ඉවත් කරන මිනිස්සු හරියට හඳේ යනවා වගේ ඇඳගෙන ඉන්නේ. ඇස්බැස්ටෝස් කඩන තාක් කල් හානියක් නැහැ. තීන්ත ගගා තියාගන්න පුළුවන්. ඇස්බැස්ටෝස් වල තියෙන හීනි දිග ඉතා කුඩා තන්තු අපගේ ස්වසන පද්ධතියෙන් අයින් කිරීම කළ නොහැකියි. එබැවින් ඒවා ලය තුල රැඳෙමින් පිළිකා ඇති කරනවා. (බ)

:       0       1

පුෂ්ප Monday, 12 September 2016 09:48 AM

මම ඉන්න රටේ ඇස්බැස්ටෝස් තිබුණොත් පළාතේම මිනිස්සු අයින් කරලා තමයි ඒවා ඉවත් කරන්නේ. ඉවත් කරන මිනිස්සු හරියට හඳේ යනවා වගේ ඇඳගෙන ඉන්නේ. ඇස්බැස්ටෝස් කඩන තාක් කල් හානියක් නැහැ. තීන්ත ගගා තියාගන්න පුළුවන්. ඇස්බැස්ටෝස් වල තියෙන හීනි දිග ඉතා කුඩා තන්තු අපගේ ස්වසන පද්ධතියට අයින් කිරීම කල නොහැකියි. එබැවින් ඒවා ලය තුළ රැඳෙමින් පිළිකා ඇති කරනවා. කිසිම දිනෙක ඇස්බැස්ටෝස් කඩන තැනක ඉන්න එපා. ඒ වගේම ඇස්බැස්ටෝස් කැඩීම කල යුත්තේ හොඳින් වතුරෙන් පෙගීමෙන් අනතුරුවයි. එතකොට දුම ඉතා අඩුවෙන් එන්නේ. ඇස්බැස්ටෝස් ඉතාම අගනා ද්‍රව්‍යයක්. එයට ආදේශකයක් සොයා ගැනීම ඉතා අපහසුයි. නමුත් මෙය භාවිතයෙන් ඉක්මනින් අයින් කල යුතුයි. (අ)

:       0       0

අබය Saturday, 10 September 2016 09:31 AM

"පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ" නිසා ඇස්බැස්ටෝස් තහනම් කරන එක හොඳයි. (නි)

:       0       0

අජිත් Monday, 12 September 2016 09:51 AM

ඇස්බැස්ටෝස් කැපීමේදී, පලුදු කරීමේදී සිහින් අංශු පිට වෙනවා. ඒවා පෙනහලුවලට ඉතා අහිතකරයි.(අ)

:       0       0

ජනහිත Wednesday, 07 September 2016 02:48 PM

2024 කියන්නේ ලොකු කාලයක්. මේවා තහනම් කරන්න තිබුනේ අවුරුදු ගණනාවකට පෙර. හැකි ඉක්මනින් මේවා ඉවත් කළයුතුයි. මට මතක 2017 ජනවාරි සිට එය කරන බව කී බවයි. එසේම ජනජීවිතයට හා පරිසරයට හිතකාමී දේවල් නිපදවීමට ව්‍යාපාරිකයින් උනන්දු කළයුතුයි. (නි)

:       0       0

රජින්ද Wednesday, 07 September 2016 02:44 PM

2010 වසරේදී මම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මේවායේ ඇති භයානකකම පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ සහ වෙනත් දුගී අප්‍රිකානු රටවල විතරයි මේවා තවමත් ක්‍රියාශීලී මට්ටමේ භාවිතා වෙන්නේ. ආසියාවේ පවා අතිබහුතරයක් රටවල් 90 ගණන්වල සිට මේවා භාවිතය අවමයේ හෝ තහනම් හෝ කර තිබෙනවා. (නි)

:       0       0

ජයතු Wednesday, 14 September 2016 07:48 PM

ඇස්බැස්ටෝස් වගේම බෝට්ටු සැදීමට භාවිතා කරන ෆයිබර් ග්ලාස් කෙඳි සහ උඳුන් සඳහා භාවිතා කරන වීදුරු පුළුන් මේ වගේම භයානකයි. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 07 September 2016 05:07 PM

දැන් එතකොට ආයෙත් පොල් අතු සෙවිලි කරන්නද කියන්නේ? (නි)

:       0       0

ශාන්ත Saturday, 10 September 2016 03:49 PM

ඇස්බැස්ටෝස් වලට සරිලන මිල ගණන් මේවායින් පරිබෝගිකයට ලැබෙයිද කියන එක තමයි ගැටලුව. (නි)

:       0       0

කසුන් Thursday, 08 September 2016 07:05 AM

නැහැ ප්‍රියන්ත, පිදුරු දාන්න (නි)

:       0       0

රොෂාන් Saturday, 10 September 2016 05:50 PM

ඉන්දියාව සමඟ රජය ලංකාවට අවාසිසහගත ගිවිසුම් වලට එළඹුනහොත් එමඟින් සිදුවන්නේ දේශීය කර්මාන්ත විනාශකොට ඉන්දියානු ව්‍යාපාරිකයන් පොහොසත් කිරීමයි (නි)

:       0       0

අබරන් Sunday, 11 September 2016 10:56 AM

සඳරු, ඇස්බැස්ටෝස් නමැති ද්‍රව්‍යය ලෝක සෞඛ්‍යය සංවිධානයෙන් ඉවත් කරලයි තිබෙන්නේ. හේතුව , එයින් පෙනහළු පිළිකා රෝගය සැදීමට ඇති ඉඩ කඩ නිසා. ඒ උනාට අපේ මහා ගෙදර 1960 හැදුවේ ඇස්බැස්ටෝස් සෙවිලි කරලා වගේම සීලිං හදල තියෙන්නෙත් ඇස්බැස්ටෝස් වලින්.... අපිට නම් කිසිම උවදුරක් නැහැ. ඒ කාලයේ ගොඩාක් ගෙවල් ඇස්බැස්ටෝස් භාවිතා කරා. එහි ඇති කෘතීම කෙඳි මගින් තමයි පිළිකා රෝගය සැදෙන්නේ. ඔස්ට්‍රේලියාව වැනි රටවල ඇස්බැස්ටෝස් භාවිතය 100% ක්ම අයින් කරලා තිබෙන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ
2025 අප්‍රේල් මස 21 45 0

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්
2025 අප්‍රේල් මස 21 19 0

මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ
2025 අප්‍රේල් මස 21 20 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි
2025 අප්‍රේල් මස 21 26 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්
2025 අප්‍රේල් මස 21 13 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට
2025 අප්‍රේල් මස 21 13 0

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 478 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 437 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site