IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


2024 සංචාරක ආදායම ඩො . බි. 3. 168 ක්

 

  • මේ වසරේ ඩො.බි. 5ක ඉලක්කයක්
  • ආදායමේ වර්ධනය සියයට 53.2ක්
  • පෙර වසරට සාපේක්ෂව සංචාරක පැමිණීමේ සියයට 38.1 වර්ධනයක්
  • දෙසැම්බරයේ උපයාගත් ආදායම ඩො.මි. 362ක්
  • සංචාරකයකුගේ දිනක සාමාන්‍ය වියදම ඩො. 181ක්
  • අපේක්ෂිත ආදායම වු​ණේ ඩො.බි. 4ක්

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.168 ක් සංචාරක කර්මාන්තයෙන් උපාය ගැනීමත් සමග මෙම වසරේ දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5 ක මුදලක් උපයා ගැනීමට ඉලක්ක කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
 පසුගිය වසරේ දී මෙරටට පැමිණි සංචාරකයන් මිලියන දෙක මෙම වසරේදී මිලියන 3 ක් දක්වා වර්ධනය කර ගැනීම සංචාරක අමාත්‍යාංශයේ ඉලක්කය වී ඇත.
සංචාරක කර්මාන්තයෙන් 2023 වසරේ දී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.068 උපයා ගැනීමට සමත් වූ අතර ඒ අනුව පසුගිය වසරේ දී මෙරට සංචාරක ඉපැයීම් සියයට 53.2 කින් වර්ධනය වී ඇති බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය වසරේ දී මෙරටට සංචාරකයන් 2,053,465 ක් පැමිණ ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 38.1 ක වර්ධනයක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2022 වසරේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,487,303 කි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 362 ක් උපාය ගත් දෙසැම්බර් මාසය පසුගිය වසරේ වැඩිම සංචාරක ආදායමක් උපයා ගත් මාසය ලෙසද මහ බැංකු දත්ත පෙන්වා දෙයි. එය 2022 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 34.46 ක වර්ධනයක් වන අතර එය පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 33 ක වර්ධනයකි.
පසුගිය වසරේ සංචාරක ඉපැයීම ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට ලැබූ ඉහළම සංචාරක ඉපැයීම වන අතර එය 2019 වසරින් පසුව ලැබූ ඉහළම සංචාරක ඉපැයීම ද වේ.
කෙසේ නමුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය සහ සැපයුම් අභියෝග පසුගිය වසරේ දී සංචාරක කර්මාන්තයට යම් අකාරයක බලපෑමක් එල්ල කළ අතර සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන් තර්ක කරන්නේ ඉන් රටට ඩොලර් මිලියන ගණනක ආදායමක් අහිමි වූ බවයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) තාවකාලික දත්තවලට අනුව, සංචාරකයෙක් පසුගිය වසරේ දී දිනක දී සිදුකළ සාමාන්‍ය වියදම ඇමෙරිකානු ඩොලර් 181.15 ක් වන අතර එය 2023 වසරට සංචාරකයෙක් සාමාන්‍යයෙන් දිනකට වියදම් කළ ඩොලර් 164.4 ට වඩා ඉහළ අගයකි.
සංචාරකයෙක් සාමාන්‍යයෙන් දින රාත්‍රී 8.42 ක් පසුගිය වසරේ දී මෙරට ගතකර ඇති අතර එය පසුගිය වසරේ දී සංචාරකයෙක් සාමාන්‍යයෙන් ගත කළ රාත්‍රී 8.44 ට වඩා සුළු පහළ යාමකි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය වසරේ දී සංචාරකයන් මිලියන 2.3 ක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කර තිබූ අතර ඉන් උපයා ගැනීමට බලාපොරොත්තු වූ අදායම ඩොලර් බිලියන 4 කි. වීසා බලපත්‍ර ආශ්‍රිත ගැටලු‍ හේතුවෙන් එම ඉලක්කය වෙනස් කර ගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට සිදුවිය. 

 



අදහස් (0)

2024 සංචාරක ආදායම ඩො . බි. 3. 168 ක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

2024 සංචාරක ආදායම ඩො . බි. 3. 168 ක්
2025 ජනවාරි මස 17 47 0

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.168 ක් සංචාරක කර්මාන්තයෙන් උපාය ගැනීමත් සමග මෙම වසරේ දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5 ක මුදලක් උප


ඖෂධ හිඟය විසඳීමට පුළුල් ප්‍රසම්පාදන නීතියක් අවශ්‍යයි ඇඩ්වොකාටා කියයි
2025 ජනවාරි මස 17 18 0

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන බරපතළ ඖෂධ හිඟය විසඳීම සඳහා පුළුල් ප්‍රසම්පාදන නීතියක් පනවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඇඩ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය.


නව තෙල් පිරිපහදුවට ඉදිකිරීමට චීනයේ සයිනොපෙක් සමග ගිවිසුමක්
2025 ජනවාරි මස 17 31 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදු


IMF වැඩසටහන වෙනස් කරන්න බෑ -ආචාර්ය සමරතුංග
2025 ජනවාරි මස 17 43 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන්, අදහස


රබර් අපනයන ආදායමේ සියයට 7ක වර්ධනයක්
2025 ජනවාරි මස 17 9 0

ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන අපනයන ආදායම 2023 වසරේ පළමු මාස 11 ට සාපේක්ෂව පසුගිය වසරේ පළමු මාස 11දී ඇමෙරිකානු ඩොලර් බිලියන 11.67 දක්වා සියයට 7 ක ප්‍රතිශතයකින් වර්


අරවින්ද හැටන් ප්ලාන්ටේෂන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට
2025 ජනවාරි මස 17 9 0

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැවිලි සමාගමක් වන හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස අරවින්ද ද සිල්වා මහතා පත් ක


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 327 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site