IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


2024 සමස්ත ආදායම රු.ට්‍රිලියන 4.14 ක්

  • 2023 වසරට සාපේක්ෂව සියයට 
  • 22.7 ක ඉහළ යාමක්

චාරුමිණි ද සිල්වා


මෙරට සමස්ත රජය ආදායම පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 4.14 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 22.7 ක ඉහළ යාමක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ විශේෂ වියදම් ඒකකවල රජයේ ආදායම් සහ වියදම් දක්වා ඇති සිව්වැනි කාර්තුවේ මූල්‍ය වාර්තාව 2024 වසර අයවැය සමග අනුකූල දැයි සෙවීම සඳහා අමාත්‍ය මණ්ඩලය එම මූල්‍ය වාර්තාව සමාලෝචනයට ලක්කළ බවද කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසුවේය.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 53(1) වගන්තියට අනුව, කාර්තුවක් අවසානයේ දින 45කට නොඅඩු කාලයක් තුළ රාජ්‍ය ආදායම සහ වියදම් ඇතුළුව රජයේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශයක් අමාත්‍ය මණ්ඩලය වෙත මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යුතු අතර එය අවම වශයෙන් කාර්තුමය පදනම මත සිදුවිය යුතුය.

ඒ අනුව,පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ කාලසීමාව ආවරණය වන පරිදි 2024 සඳහා වන සිව්වැනි කාර්තුවේ වාර්තාව එහි අවසන් දිනය වන හෙට(14)ට පෙර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. නව මූල්‍ය ප්‍රතිපත්තියේ කාර්යක්ෂමතාව සහ කඩාවැටුණු මෙරට ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ගත් ක්‍රියාමාර්ගවල ඵලදායිතාව පසුගිය වසරේ රජයේ ආදායම ඉහළ යෑමෙන් පිළිබිඹු වේ.

කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන ආර්ථික වැඩසටහන යටතේ මෙරට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරෙන බැවින් රජයේ වියදම් පාලනය සමඟ ආදායම් වර්ධනය සමතුලිත කිරීමේ අභියෝගයට රජය මුහුණදී සිටී.



අදහස් (0)

2024 සමස්ත ආදායම රු.ට්‍රිලියන 4.14 ක්

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

ලෝක දුෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව තවත් පිරිහේ
2025 පෙබරවාරි මස 13 41 0

මෙරට රාජ්‍ය අංශය දුෂිත එකක් බවට පිටපිට 5 වැනි වතාවටත් තහවුරු කරමින් ‘2024 දූෂණ සංජානන දර්ශක ශ්‍රේණිගත කිරීමේ”‍ ලකුණු 32 ක් ලබාගනිමින් එම ශ්‍රේණිගත කිරී


ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට ඔරකල් සමාගමේ සහාය
2025 පෙබරවාරි මස 13 32 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන් ලෝක රාජ්‍ය සමුළුව (WGS) අතරතුර ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා මහ


අයවැයෙන් කර්මාන්තවලට බදු සහන නෑ
2025 පෙබරවාරි මස 13 22 0

ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේදී කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේස


2024 සමස්ත ආදායම රු.ට්‍රිලියන 4.14 ක්
2025 පෙබරවාරි මස 13 13 0

මෙරට සමස්ත රජය ආදායම පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 4.14 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 22.7 ක ඉහළ යාමක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අ


ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමක්
2025 පෙබරවාරි මස 13 7 0

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නිෂ්පාදන බදු නැංවීමට අවසර
2025 පෙබරවාරි මස 13 9 0

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නිවේදනය පාර්ලිමේන්තුවේ අනුම


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 159 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 129 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site