ව්‍යාපාරමය මූල්‍ය ගනුදෙනු ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාර සිදුවීම් 9,218ක්
දේශීය වංචනික මෘදුකාංශ මගින් සිදුවන සයිබර් ප්‍රහාර මිලියන 12.5කට වැඩි ගණනක්
2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරමය මූල්‍ය ගනුදෙනු ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාර සිදුවීම් 9,218ක් වාර්තා වී තිබෙන බව පසුගියදා නිකුත් වූ නවතම Kaspersky ආරක්ෂක වාර්තාව හෙළිකරයි. ඒ අනුව ව්‍යාපාරවල සංවේදී මූල්‍ය තොරතුරු සොරකම් කිරීමේ අරමුණින් සිදුවන අන්තර්ජාල අපරාධවල ශීඝ්‍ර ඉහළ යාමක් මේ හරහා පෙන්නුම් කෙරේ.
විවිධ මූල්‍ය ආයතනවල වෙස් ගත් සාවද්‍ය දැනුම්දීම් පදනම් කරගත් මෙවැනි මූල්‍ය තොරතුරු සොරකම් කිරීමේ සිදුවීම් මේ වනවිට ලොව පුරා ව්‍යාපාර ආයතන මුහුණ දෙන බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. මෙම සයිබර් සොරකම්වලට ගොදුරු කරගන්නා පුද්ගලයන්ට, ඔවුන්ගේ බැංකු පිවිසුම් කේත, ක්‍රෙඩිට් කාඞ්පත් අංක සහ ගෙවීම් තොරතුරු ආදිය හුවමාරු කරගැනීමට සයිබර් අපරාධකරුවන් විසින් පොළඹවාගනු ලැබේ. ඒ වෙනුවෙන් විවිධ වෙබ් දිගු (links) ඔවුන්ට පිරිනැමෙන අතර, ඒවාට පිවිසෙන පුද්ගලන්ගේ මූල්‍ය තොරතුරු සොරකම් කිරීමට සයිබර් අපරාධකරුවෝ ක්‍රියාකරති.
ශ්‍රී ලංකාව තුළ සිදුවන මූල්‍ය දත්ත සොරකම් කිරීමේ සිදුවීම් හරහා ශ්‍රී ලංකාවත් සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වෙමින් පවතින බවට සාක්ෂි සපයයි. ව්‍යාපාර ආයතන තමන්ගේ මූල්‍ය ගනුදෙනු ඩිජිටල්කරණය කිරීමේදී ඊට සමගාමීව මතුවිය හැකි සයිබර් තර්ජන පිළිබඳවත් අවබෝධයෙන් කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම සංවේදී දත්ත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ස්ථර කිහිපයක ආරක්ෂාවක් තමන්ගේ ඩිජිටල් පද්ධති වෙත ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත්, යනුවෙන් Kaspersky හි ආසියානු කලාපයේ නැගීඑන රටවල් අංශයේ අලෙවි ප්‍රධානී සෑම් යන් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආයතන සයිබර් ආරක්ෂාව ව්‍යාපාරික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගැනීම වැදගත්. සයිබර් මූල්‍ය අපරාධ වර්තමානයේ සුලබව දැකිය හැකි අතර, ඊට නිසි විසඳුම් නොගතහොත් දරුණු ප්‍රතිඵල උදාවිය හැකියි. එමනිසා සයිබර් අපරාධ වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමත්, සයිබර් ප්‍රහාර හඳුනාගැනීමට සහ ඒවා වැළැක්වීමට තම කාර්යමණ්ඩලය පුහුණු කිරීමත් අතිශය වැදගත්, ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මේ අතර, ශ්‍රී ලංකාව තුළ වෙබ් ආශ්‍රිත සහ දේශීය වංචනික මෘදුකාංග ප්‍රහාරවල ඉහළ යාමක් ගැන ද Kaspersky වාර්තාව අනතුරු අඟවයි. 2024 වසරේදී වෙබ් ආශ්‍රිත සයිබර් තර්ජන මිලියන 8.6කට වැඩි ගණනක් ද, දේශීය වංචනික මෘදුකාංශ මගින් සිදුවන සයිබර් ප්‍රහාර මිලියන 12.5කට වැඩි ගණනක් ද Kaspersky නිෂ්පාදන මගින් ග්‍රහණය කරගෙන තිබේ. මෙමගින් ද ව්‍යාපාර ආයතන දැඩි සයිබර් ආරක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමේ වැදගත්කම ඉස්මතු කෙරේ.
2025 දෙසැම්බර් මස 04
763
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
573
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2024 වසරේදී ශ්‍රී ලංකාවේ අන්තර්ජාල මූල්‍ය අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්: Kaspersky නවතම ආරක්ෂක වාර්තාව හෙළිකරයි