2024 ජනවාරි හා සැසඳීමේදී සියයට 10.3ක වර්ධනයක්
වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩො.මි.1004ක්
කෘෂිකාර්මික අපනයන ආදායම ඩො.මි. 258.93ක්
කාර්මික අපනයන ආදායම ඩො.මි. 745.89 ක්
වැඩිම අපනයන ආදායම ඇඟලුම් සහ රෙදිපිළි අංශයෙන් එම වටිනාකම ඩො.මි. 460.22ක්
තේ අපනයනයෙන් ඩො.මි. 112.70ක ආදායමක්
රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයේ සියයට -8.15ක අඩුවීමක්
භානුක අමරසිංහ
2025 ජනවාරි මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන1,334.19ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත අනුසාරයෙන් මෙම කරුණු ඉදිරිපත් කර තිබේ.
මෙය 2024 ජනවාරි මාසයේදී රැස් කරගත් සමස්ත අපනයන ආදායම වූ රුපියල් මිලියන 1,209.60 හා සැසඳීමේදී සියයට 10.30ක වර්ධනයකි.
මෙහිදී 2025 ජනවාරි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,004.82 ක් ලෙස සටහන්ව තිබේ. එය 2024 ජනවාරි මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 970.70 ට සාපේක්ෂව සියයට 3.51ක වර්ධනයකි.
ඒ යටතේ කෘෂිකාර්මික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 258.93දක්වා ළඟා වී තිබේ. එය 2024 ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 14.87ක වර්ධනයකි. එසේම ජනවාරි මාසයේදී කාර්මික අපනයනය ඩොලර් මිලියන745.89 ක අගයක් ගන්නා අතර, එය සියයට 0.08 ක වර්ධනයකි.
මේ අතර, 2025 ජනවාරි මාසය සඳහා ඇස්තමේන්තුගත සේවා අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 329.37 කි. එය 2024 ජනවාරි මාසයේ වාර්තා කළ රුපියල් මිලියන 238.90 ට සාපේක්ෂව සියයට 37.87 ක වර්ධනයකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අපනයන සංවර්ධන මණ්ඩලය, “මෙම ප්‍රතිඵලය වසරේ ශක්තිමත් හා බලාපොරොත්තු සහගත ආරම්භයක් සනිටුහන් කරයි. මෙම කැපී පෙනෙන වර්ධනය ශ්‍රී ලාංකේය කර්මාන්තවල ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ තරඟකාරිත්වය පිළිබිඹු කරන අතර තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා මාවත විවර කරයි. යනුවෙන් පවසා සිටියි.
මෙහිදී අංශය අනුව අපනයන කාර්යසාධනය සලකා බැලීමේදී 2025 ජනවාරි මාසයේදී වැඩිම අපනයන ආදායමක් හිමි කර දී ඇත්තේ ඇඟලුම් සහ රෙදිපිළි අංශයයි. එය ඩොලර් මිලියන 460.22 කි. එම වටිනාකම 2024 ජනවාරි හිමි වූ ඩොලර් මිලියන 380.10 ක ආදායම හා සැසඳීමේදී සියයට 21.08ක වර්ධනයකි.
එසේම තේ අපනයනය හරහා ඩොලර් මිලියන 112.70ක ආදායමක් හිමිව ඇති අතර, පසුගිය ජනවාරියේ හිමි කරගත් ඩොලර් මිලියන 102.18ක ආදායම හා සැසඳීමේදී එය සියයට10.30ක වර්ධනයකි.
කෙසේ වෙතත් රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය මේ වසරේ ජනවාරියේදී හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ඩොලර් මිලියන 75.06ක් වන අතර, එය පෙර වසරේ ජනවාරි ආදායම වූ ඩොලර් මිලියන 81.72 හා සැසඳීමේදී සියයට -8.15ක අඩුවීමක් පෙන්නුම් කර ඇත.
මේ අතර සේවා අපනයනය යටතේ 2025 ජනවාරි මාසයේදී ඉහළම ආදායම තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය හරහා ලැබී තිබේ. එය ඩොලර් මිලියන 166.60කි. මෙය පෙර වසරේ ජනවාරි මාසයේදී එම අංශය හරහා ලැබුණූ ඩොලර් මිලියන 84.50 හා සැසඳීමේදී සියයට 97.16ක වර්ධනයකි. එසේම මූල්‍යමය සේවා යටතේ 2025 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 5.10ක් හිමිව ඇති අතර, එය පෙර වසරේ එම කාලයේ හිමි වූ ඩොලර් මිලියන 1.90 හා සැසඳීමේදී සියයට 168.42ක වර්ධනයකි.
මීට අමතරව ඉදිකිරීම් සහ ප්‍රවාහන හා කාර්ෙ යා්පාය සේවා අංශය මගින් හිමිකරගෙන ඇති අපනයන ආදායම් පිළිවෙළින් සියයට 5.24කින් සහ සියයට 3.19කින් වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
මේ අතර 2025 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව වැඩිම අපනයන ආදායමක් හිමිකර ගැනීමට සමත් වූ රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එරට වෙත සිදුකර ඇති සමස්ත අපනයනයේ වටිනාකම ඩොලර් මිලියන 260.18ක් වන අතර, එය 2024 ජනවාරි මාසයේදී සිදුකළ ඩොලර් මිලියන 220.48 හා සැසඳීමේද සියයට 18.01ක වර්ධනයකි.
එසේම දෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාව වෙත සිදුකළ අපනයනයේ වටිනාකම ඩොලර් මිලියන 81.90ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 වසරේ සිදුකළ ඩොලර් මිලියන 56.93 හා සැසඳීමේදී සියයට 43.86ක වර්ධනයකි. තෙවැනි ස්ථානයේ පසුවන එක්සත් රාජධානිය වෙත සිදුකළ අපනයනයේ වටිනාකම ඩොලර් මිලියන 79.55ක් වන අතර, එය සියයට 17.82ක වර්ධනයකි.
මීට අමතරව 2024 ජනවාරි හා සැසඳීමේදී 2025 ජනවාරියේදී නෙදර්ලන්තය (සියයට 40.78), ප්‍රංශය (සියයට 29.14), චීනය (සියයට 19.45), බෙල්ජියම (සියයට 24.94), ස්විස්ටර්ලන්තය (සියයට 29.78), ඉරාකය (සියයට 36.19) සහ සෞදි අරාබිය (සියයට 43.50) යනාදී රටවලින් හිමි කරගත් අපනයන ආදායම් කැපී පෙනෙන ලෙස වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
කෙසේ වෙතත් 2024 ජනවාරි හා සැසඳීමේදී 2025 ජනවාරියේදී ඉතාලිය, කැනඩාව, එක්සත් අරාබි එමීරය, ඔස්ට්‍රේලියාව යන රටවල් වෙත සිදුකළ අපනයනයේ ආදායම් පිළිවෙළින් සියයට -8.13කින්, සියයට -16.29කින්,සියයට -17.79කින් සහ සියයට - 8.41කින් පහත වැටී තිබේ.
2025 ජනවාරි මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන1,334.19ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත අනුසාරයෙන් මෙම කරු
ව්‍යාපාර ලෝකය තුළ යම් යම් සංවේදීතා තිබුණත් රටේ ආර්ථිකය පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව තුළ තිබෙන විශ්වාසය මෙම මාසයේදී සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතැයි
ලොව ප්‍රමුඛතම සන්නාම තක්සේරු උපදේශන ආයතනය වන බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් නව වාර්තාවකට අනුව, 2025 වසර සඳහා බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ග්ලෝබල් සොෆ්ට් පවර් දර්ශකයේ, ලකු
මෙරට දිළිඳුකම පිටු දැකීම සඳහා බහු විධ ප්‍රවේශ ඇතුළත් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස“ප්‍රජා ශක්ති“ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ පිලිපීන ජන රජයේ විදේශ සේවා ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී
2025 වසර සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කරන ලද ආණ්ඩුව අලුත් ආයෝජන අවස්ථා ගණනාවක් ගැන එහි සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා සලකා බලන පසු ආයෝජන අවශ්‍යය.
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
2025 ජනවාරියේ ඩො.බි 1.33ක අපනයන ආදායමක්