IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


APIDM සිය පළමු ඩිජිටල් අලෙවිකරණ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පවත්වයි


ආසියා පැසිෆික් ඩිජිටල් අලෙවිකරණ ආයතනය (APIDM) විසින් සිය ඩිජිටල් ඩ්‍රිවන් මාර්කටින් ඩිප්ලෝමා පාඨමාලාව පළමු වරට අවසන් කළ සිසුන්ට ඩිප්ලෝමා පිරිනැමීමේ උත්සවය පසුගියදා පවත්වන ලදී. එම ඩිප්ලෝමාධාරීන්ගෙන් බොහෝ දෙනකු ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයට සුවිශාල බලපෑමක් සිදු කරනු ඇත. උපාධි ප්‍රදානෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා වූ දර්ශන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

2009දී eBusiness Academy ලෙස ඇරැඹූ APIDM ආසියාව පුරා ඩිජිටල් අලෙවිකරණ වෘත්තිකයන් සවි බල ගැන්වීමේ ප්‍රමුඛයා වී ඇත. APIDM ශ්‍රී ලංකාව, බංගලිදේශය, කාම්බෝජය සහ මැදපෙරදිග රටවල වෘත්තිකයන් ඩිජිටල් අලෙවිකරණ කුසලතාවලින් සන්නද්ධ කරයි. මීට වසර තුනකට පෙර දියත් කළ ඩිජිටල් ඩ්‍රිවන් මාර්කටින් ඩිප්ලෝමාව විධිමත් අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය අතර පරතරය පියවයි. ශ්‍රී ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) අනුමත කර ඇති මෙම වැඩසටහනෙන් උසස් පෙළ සුදුසුකම් ලත් තරුණ තරුණියන්ට ප්‍රායෝගික හා කර්මාන්ත කේන්ද්‍ර කර ගත් පුහුණුවක් සපයයි.

“APIDM අප හුදු ඩිප්ලෝමාවක් පමණක් පිරිනමන්නේ නැහැ. ඩිජිටල් අලෙවිකරණ විශිෂ්ටත්වයෙන් අනාගතයට සූදානම් වෘත්තිකයන් බිහි කිරීම අපගේ අරමුණයි. පළමු ඩිප්ලෝමාධාරීන් පිරිස ක්ෂේත්‍රයට විශ්වාසයෙන් යුතුව පියවර තබනු දැකීම අපගේ අපේක්ෂාවයි. මෙය ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ ඩිජිටල් අලෙවිකරණ නායකයන් බිහි කිරීමේ ආරම්භය පමණයි.” APIDM ප්‍රධාන විධායක නිලධාරී අමිත අමරසිංහ පැවැසීය. “සියලු‍ ඩිප්ලෝමාධාරීන්ට ඔවුන්ගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට අපි සුබ පතනවා. මෙම වැඩසටහනේදී ලැබූ දැනුමෙන් සහ කුසලතාවෙන් සන්නද්ධව ඔවුන් ඩිජිටල් ආර්ථිකයට අර්ථවත් දායකත්වයක් සපයනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” ෆීනික්ස් ආයතනයේ අලෙවි සහ සන්නිවේදන ජ්‍යෙෂ්ඨ කළමනාකාර තරිඳු කරුණාරත්න පැවැසීය. 



අදහස් (0)

APIDM සිය පළමු ඩිජිටල් අලෙවිකරණ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දරුණුම ආර්ථික අර්බුදයෙන් රට මිදුණේ IMF සහායෙන්
2025 අප්‍රේල් මස 25 85 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


IMF හතරවැනි සමාලෝචනය කාර්ය මණ්ඩල එකඟතාව මෙම සතියේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති
2025 අප්‍රේල් මස 25 41 0

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර පවතින විස්තීර්ණ ණය අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ වන හතරවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එක


මාර්තුවේදී තේ ඵලදාව ඉහළට
2025 අප්‍රේල් මස 25 48 0

මේ වසරේ මාර්තු මාසයේදී මෙරට තේ ඵලදාව තේ කිලෝග්‍රෑම් මිලියන 24.4ක් ලෙස සටහන් වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් නිකුත් කළ දත්ත පෙන්වා දෙයි.


‘‘සංචාරක උදාව 2025’’ මැයි 23 සහ 24 BMICH හිදී
2025 අප්‍රේල් මස 25 32 0

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරනු ලබන “සංචාරක උදාව 2025“ සංචරණ සහ සං


ලංකාවේ සභාපතිත්වයෙන් ඉන්දියාවේදී ජාත්‍යන්තර ගුවන්සේවා සමුළුවක්
2025 අප්‍රේල් මස 25 15 0

දකුණු ආසියානු රටවල ගුවන් නිරුපද්‍රිතතාව වර්ධනය කිරීම උදෙසා පිහිටුවා ගනු ලැබූ COSCAP - South Asia (Cooperative Development of Operational Safety and Continuing Airworthiness Program – South Asia) සංවිධානයේ 32 වන සමුළුව ඉකුත


අපනයන සංවර්ධනයට පළාත් මට්ටමෙන් විධිමත් වැඩපිළිවෙළක්
2025 අප්‍රේල් මස 25 17 0

ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පළාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් දකුණු පළාත මූලික කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 897 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 394 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 553 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site