ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC පසුගියදා පැවැති National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී ලෝහ, අච්චු, යන්ත්‍රෝපකරණ මෙවලම් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂී සම්මානය මඟින් ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ කර්මාන්ත නායකත්වය සඳහා Alumex PLC හි නොසැලෙන කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) එක්ව සංවිධානය කරන ලද මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කර්මාන්ත නායකයන් ඇතුළු ආරධිතයෝ සහභාගී වූහ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය. “විශිෂ්ටත්වය වෙත ගමන් කිරීම සඳහා වූ අපගේ අඛණ්ඩ උත්සහය මෙම ගෞරව සම්මානය ඔස්සේ මැනවින් පිළිබිඹු කරනවා. Alumex PLC හරහා ඇලුමිනියම් කර්මාන්තයේ නවෝත්පාදනය සහ තිරසාරභාවය පිළිබඳ නිම් වළලු පුළුල් කිරීමට අපි කැපවී සිටිනවා. මේ ජයග්‍රහණය ඔස්සේ මෙරට කාර්මික ප්‍රගතිය සඳහා දායකත්වයක් ලබාදිය හැකි ගෝලීය මට්ටමේ විසඳුම් සැපයීම සඳහා අපව තවදුරටත් උද්‍යෝගිමත් කරනවා.
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය ඇලුමිනියම් සන්නාමය ලෙස අපගේ ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට ලැබීම ගැන අපි නිහතමානිව සතුටු වන අතර ඒ ඔස්සේ කර්මාන්තයේ දියුණුව සහ ජාතික සංවර්ධනය වෙනුවෙන් වැඩි දායකත්වයක් සැපයීමට මාවත විවර වෙනවා.”
Alumex PLC විසින් ඇලුමිනියම් නිෂ්පාදනය සහ උසස් ගෘහ නිර්මාණ විසඳුම් සැපයීම සම්බන්ධයෙන් දක්වන අද්විතීය විශේෂඥතාව මෙම ජයග්‍රහණය මගින් විදහා දැක්වේ. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය උසස් තත්වයේ, තිරසාර ඇලුමිනියම් නිෂ්පාදන හරහා නවීකරණය කරමින් වෙළෙඳපොළ ප්‍රමුඛයකු ලෙස සිය සන්නාමය ගොඩනගා ගැනීමට සමාගමට හැකියාව ලැබී තිබේ.
ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකිරීම්ශිල්පීන් සහ කාර්මික අංශය සඳහා වඩාත් කදීම තේරීමක් ලෙසින්, පරිසර හිතකාමී සහ බලශක්ති කාර්යක්ෂම විසඳුම් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙනAlumex PLC දශක හතරකට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරා ලද අත්දැකීම් සහ ප්‍රවීණත්වය ඔස්සේ නිවාස, වාණිජ සහ කාර්මික යෙදුම් සඳහා ගෝලීය මට්ටමේ විසඳුම් ලබා දෙමින් අඛණ්ඩව ඇලුමිනියම් නිෂ්පාදනයේ නව මිණුම් සලකුණු කිරීමට සමත් වී ඇත.
ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රය ගොඩනැංවීම කෙරෙහි සැලකිය යුතු මෙහෙවරක් ඉටු කළ සන්නාම 2024 NIBE සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ අතර එහිදී කර්මාන්ත අංශ 25ක් සඳහා සම්මාන 111ක් ප්‍රදානය කරන ලදී. ජාතික ආර්ථික වර්ධනයට සුවිශේෂ දායකත්වයක් ලබාදෙමින් කැපී පෙනෙන සන්නාම වටිනාකම් සහ වෙළෙඳපොළ ප්‍රමුඛත්වයක් ප්‍රදර්ශනය කළ සන්නාම රැසක් මෙහිදී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, “අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට පැනවූ සියයට 44 ක ඉහළ තීරු බද්ද හේතුවෙන් ඉහළ යමින් පවතින ආර්ථික අස්ථාවරත්වයට ම
මෙරට වාණිජ බැංකු පසුගිය වසරේදී පෞද්ගලික අංශයට ලබාදුන් ණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා ප්‍රකාශයට පත් කළ 2024 වාර්ෂ
ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මධ්‍ය කාලීන රාමුවක් තුළ දළ දේශීය නිෂ්ප
සමස්තයක් ලෙස පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලාංකිකයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල රුපියල් 16,318 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්ත
ලෝක වෙළෙඳ පොළේ රන් මිල ඊයේ දිනයේදී වාර්තාගත ඉහළ අගයකට පත් වූ බව වාර්තා වෙයි. ඒ අනුව ඊයේ (22) දිනයේදී රන් අවුන්සයක මිල එක්සත් ජනපද ඩොලර් 3,500.05ක් දක්වා ඉහළ නැගි
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
Alumex සමාගමට ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන