IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


BYD ප්‍රථම මගී වාහන තොගය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරමින් BYD හි පළමු අතිනවීන නව බලශක්ති වාහන (NEVs) තොගය හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ BYD මගී වාහන සඳහා මෙරට බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto පහසුකම් සපයන ලද මෙම සුවිශේෂ සංධිස්ථානය නව්‍ය සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරයි.

මෙම නවතම මගී වාහන තොගයට BYD හි ජනප්‍රිය ගෝලීය මාදිලි වන BYD SEALION 6, BYD ATTO 3 සහ BYD DOLPHIN ඇතුළු තවත් අති නවීන නව බලශක්ති වාහන (NEVs) ඇතුළත් වේ. EV සහ Plug in hybrid මෝටර් රථවලට බෙහෙවින් ඇලුම් කරන පාරිභෝගිකයන්ට වසර පහකට වැඩි ආනයන සීමාවලින් පසුව ශ්‍රී ලංකා වෙළෙඳපොළට නැවත පිවිසි BYD මගී වාහන මිලදී ගැනීමට දැන් අවස්ථාව ඇත. වාහන කලින් වෙන් කරවා ගත් පාරිභෝගිකයන්ට එම වාහන බෙදා හැරීමේ කටයුතු ඉදිරි සතිවලදී ආරම්භ වීමට නියමිතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් JKCG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න මහතා මෙසේ පැවසීය. “BYD සමග අපගේ හවුල්කාරිත්වය පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීමේ අපගේ කැපවීම පිළිබිඹු කරන අතර එය ශ්‍රී ලංකාවේ සුපිරිසුදු, වඩාත් තිරසාර අනාගතයක් පිළිබඳ දැක්මට සහාය දක්වනවා. ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු මෙම නවතම BYD වාහන ශ්‍රී ලංකාවට රැගෙන ආ පළමු ආයතනය වීම ගැන අපි නිහතමානීව ආඩම්බර වෙනවා. ජෝන් කීල්ස් සමූහයේ සහයෝගිතාව උපරිම ලෙස භාවිත කරමින් රට තිරසාර ගමනාගමනය වෙත ගමන් කිරීම සඳහා උසස් තත්වයේ වාහන, යටිතල පහසුකම් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා ලබා දෙමින් ශ්‍රී ලංකාව තිරසාර පරිවර්තනයක් කරා මෙහෙයවීම සඳහා සහාය වීම අපගේ අරමුණයි.”



අදහස් (0)

BYD ප්‍රථම මගී වාහන තොගය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

යෝජිත නව ගාස්තු ක්‍රමයෙන් පුනර්ජනනීය ව්‍යාපෘති 200ක් කොටඋඩ
2025 අප්‍රේල් මස 02 26 0

කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති යෝජිත නව ගාස්තු ක්‍රමය හේතුවෙන් පුනර්ජනනීය ව්‍යාපෘති 150ත් 200ත් අතර ගණනක් අතරමග නතර වී තිබෙන බවත් එම ව්‍යාපෘති ඇන හිටිය


බදු සහන හේතුවෙන් රජයට 2023/24 දී රු. බි. 966 ක් අහිමිවෙලා
2025 අප්‍රේල් මස 02 13 0

රජය බදු වියදම් ලෙස සටහන් කර ඇති බදු සහන හේතුවෙන් රජයට 2023/24 මූල්‍ය වර්ෂයේදී බදු ආදායම ලෙස ඉපැයීමට හැකියාව තිබූ රුපියල් බිලියන 966 ක් පමණ මුදලක් රජයට අහිමි ව


DFCC බැංකුවෙන් නව ආයෝජන බැංකුවක්
2025 අප්‍රේල් මස 02 18 0

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව වත්කම් කළමනාකරණ සහ ආයෝජන බැංකුකරණ සේවා වෙනුවෙන් සිය පූර්ණ හිමිකාරීත්වය සහිත නව බැංකුවක් ස්ථාප


LOLC Finance කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් අත්හරී
2025 අප්‍රේල් මස 02 17 0

LOLC සමූහයට අයත් LOLC Finance PLC සමාගම සතුව පැවැති කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් (CIB) සමාගමෙහි සියයට 40 ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමූ බව එම සමාගම පවසයි.


ටී. සෙන්තිල්වර්ල් ලංකෙම් සිලෝන්හි තවත් කොටස් මිලියනයක් මිලදී ගනී
2025 අප්‍රේල් මස 02 11 0

මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන වෛද්‍ය තිරුඤානසම්බන්දර් සෙන්තිල්වර්ල් මහතා විසින් ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමෙහි තවත් කොටස් 1,000,000 ක


ස්විට්සර්ලන්තය - ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා තර කෙරේ
2025 අප්‍රේල් මස 02 12 0

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site