IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


Belluna ලංකා සමාගමෙන් ඩොලර් මිලියන 200කට වැඩි ආයෝජනයක්

Belluna Co. Ltd. ආයතනයේ අධ්‍යක්ෂ හිරෝෂි යෂුනෝ

වර්තමානයේ ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන Belluna Lanka  ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ආයෝජනය වෙනුවෙන් දිගු කාලයක් කැපවීමෙන් ක්‍රියාකරයි. විවිධ වූ කර්මාන්ත ක්ෂේත්‍රවල වසර 50කට අධික අත්දැකීම් සහිත ටෝකියෝ කොටස් වෙළෙදපොළේ ලැයිස්තු ගත ආයතනයක් වූ ජපානයේ Belluna Co. Ltd. ආයතනයේ සම්පූර්ණ හිමිකාරීත්වය හිමි සමාගමක් වන Belluna Lanka, සිය මව් ශාඛාවේ මුල්‍යමය ස්ථාවරත්වය, ජාත්‍යන්තර පිළිගැනීම සහ සාර්ථක ව්‍යාපාරකරණයේ ශක්තියෙන් ඉදිරියට පැමිණෙයි.
 සිය ස්ථාවරත්වයේ උරුමයෙන් ශක්තිමත් වූ Belluna Lanka සමාගම සිය මව් ශාඛාවේ දකුණු ආසියානු උපායමාර්ගික පදනම ලෙස කටයුතු කරන අතරම ශ්‍රී ලංකාව ඔවුන්ගේ කලාපීය දැක්ම ක්‍රියාත්මක කරන කේන්ද්‍රය වෙයි. Belluna Co. Ltd. සමාගම  ඉඩම් විකිණීම්, සත්කාර සේවා සහ ගෝලීය ආයෝජනයේ පුරෝගාමියකු ලෙස තමන්ගේ ස්ථානය ස්ථාවර කරගෙන ඇති අතර ඔවුන්ගේ ලාබදායී ව්‍යාපාරකරණයේ ප්‍රගති වාර්තා මගින් එය මනාව ඔප්පු වෙයි. තිරසර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කරන නව්‍ය ආයෝජන සමාගම විසින් ගොඩනගයි. Belluna Lanka, සිදුකළ සියලු‍ ආයෝජනය සම්පූර්ණයෙන්ම ජපානයෙන් ලැබුණු ස්වයං මුල්‍යදායකත්වය ලද ව්‍යාපෘති වෙයි. මේ මගින් සමාගමේ ශක්තිමත් ආර්ථික පදනම සහ තිරසර ආයෝජන ව්‍යාප්ත කිරීමට ඇති කැපවීම මනාව පැහැදිලි වෙයි.
පසුගිය දශකය පුරා ශ්‍රී ලංකාවේ ආයෝජන වපසරිය තුළ Belluna Lanka, තීරණාත්මක ක්ෂේත්‍රවල උපායමාර්ගික ආයෝජන පුළුල්කරණය හරහා සිය නාමය ශක්තිමත්ව ඉදිරියට රැගෙන විත් තිබේ. ජීවිත සාරවත් කිරීම, යහපත් පරිසරය නිර්මාණය කිරීම සහ රටේ පොහොසත් සම්ප්‍රදායන්ට ගරුකිරීම පදනම් වූ Belluna දැක්ම මත ආයතනයේ සියලු‍ ඉලක්ක සංකේන්ද්‍රණය වී තිබෙන අතර සිය දිගු කාලීන සාර්ථකත්වය හරහා සංවර්ධනය සිදුකරයි.  සංවර්ධනයේ ගෝලීය නියමුවෙක් ලෙස රට ස්ථානගත කරමින් සහ අවධානයෙන් තෝරාගත් ආයෝජන හරහා සත්කාර සේවා ගොඩනැංවීමෙන් Belluna Lanka, ශ්‍රී ලංකාවේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට සහයෝගය ලබාදෙයි. සමස්ත කලාපීය ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 200කට වඩා (ආසන්න වශයෙන් රුපියල් බිලියන 60ක) වැඩියෙන් ආයෝජනය කරමින් Belluna Lanka සමාගම සිය ආයෝජන විවිධත්වය සහ සිය වර්ධනීය ව්‍යාපාරකරණය සැමට පිළිඹිබු කරන අතර සමස්ත ආයෝජනයෙන් විශාල කොටසක් ශ්‍රී ලංකාව තුළ සිදුකළ ආයෝජන වෙයි. ආසන්න වෙළෙඳපොළ වෙතට සිය ආයෝජන සංවර්ධනයේ ඉදිරි පියවර තබන අතරතුර Belluna  දකුණු ආසියාවේ උපායමාර්ගික මර්මස්ථානය ශ්‍රී ලංකාව වීම නිසාම Belluna Lanka සමාගම ශ්‍රී ලංකාව පදනම් කරගනිමින් සිය කලාපීය පෙනී සිටීමට නායකත්වය ලබාදෙයි. 
කාලය විසින් සනාථ කළ ශ්‍රී ලාංකීය ශීල්පීය නිපුණතාව සමගින් ජපානයේ චාම්බව සුමට ලෙස එකට එකතු කරමින් ශ්‍රී ලාංකික සොබාදහමේ සහ සංස්කෘතියේ අරුමය සමගින් සුවිශේෂී අත්දැකීමක් ලබාදෙන Granbell Colombo සහ Le Grand Galle යනු ඔවුන්ගේ සුඛෝපභෝගී හෝටල් ද්විත්වයයි. Belluna Lanka  සමාගමට 2018 දී සම්පූර්ණයෙන් වැඩ නිමකළ Marriott International පරිපාලනය කරන සුඛෝපභෝගී හෝටලයක් බටහිර මාලදිවයිනේ ඇති අතර මෙමගින් Belluna කලාපීය ආයෝජන දැක්ම සැබැවින්ම පිළිඹිබු වෙයි. 
ඉඩම් අලෙවි කිරීම් ක්ෂේත්‍රය පිළිබ‍ඳ සැලකීමේ දී Belluna Lanka සමාගම කොළඹ කුරුඳු වත්තේ 447 Luna Tower ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම හරහා කැපී පෙනෙන හැකියාව පෙන්වීය. එහි දී අති සුඛෝපභෝගී සුවිශේෂී ජීවන අත්දැකීමක් අපේක්ෂා කරන්නන් වෙනුවෙන්ම නිර්මාණිත මෙම ගොඩනැගිල්ල පෞද්ගලිකත්වය සහ ඉහළ ජීවන රටාව සුවිශේෂී ලෙස නිර්මාණය කර තිබේ. එසේම සමාගමට කොළඹ 03, විජේවර්ධන මාවතේ ද ඉහළ වටිනාකමක් ඇති ඉඩමක් තිබෙන අතර එය ශ්‍රී ලාංකිකයන්ගේ නාගරික ජීවිතයක අපේක්ෂා සංවර්ධනය කරමින් දියුණු කිරීමට දැනටමත් සැලසුම් සකස් කර තිබේ.
ජපානයේ Belluna Co. Ltd. ආයතනයේ අධ්‍යක්ෂ හිරෝෂි යෂුනෝ (Hiroshi Yasuno), මහතා සමාගමේ කැපවීම පිළිබඳව සිය අදහස් මෙසේ දැක්වීය. ” දිගු කාලීන කැපවීමෙන් ජීවිත ගුණාත්මකව සංවර්ධනය කිරීම සහ අර්ථාන්විත ආයෝජන සිදුකිරීම සැමදා Belluna පරමාර්ථයයි. දකුණු ආසියාවේ අපගේ උපායමාර්ගික කේන්ද්‍රයවන Belluna Lanka මුළු හදවතින්ම අපගේ අරමුණ ඉදිරියට ගෙනයාමට කැපවීමෙන් කටයුතු කරනවා. අපි ශ්‍රී ලංකාවෙහි ආයෝජනය කිරීම දිගටම කරනගෙන යනවා. ජපානයේ නිර්මාණාත්මක දර්ශනය සමග ශ්‍රී ලංකාවේ නිර්මාණශීලීත්වය, ළෙංගතුකම සහ ආවේණික කෞෂල්‍ය ඒකාත්මික කරමින් තිරසර සහ පරිවර්ථනීය කාර්යයක් කිරීමට පරිසරය සහ අත්දැකීම් නිර්මාණය කිරීමට අපි මූලික වෙනවා. ඒවගේම අපේ මෙහෙයුම් ව්‍යාප්ත කිරීමේ පියවරක් ලෙස අපි මේ සියල්ල යම් අර්ථවත් අරමුණකින් සිදු කළ යුතුයි. එහි දී අපේ අරමුණට සමපාත වෙන ව්‍යාපෘතිය හරියටම තෝරාගැනීම සහ තිරසරබව, ඒකාත්මිකතාව සහ ඉහළ අගයක් ඇතිව ප්‍රජාවට සේවය කිරීම ඉතා වැදගත්. ”
තමන්ගේ නව වෘත්තීය පියවර ලෙස ශ්‍රී ලංකාව තුළ ආයෝජනයේ, සංවර්ධනයේ සහ තිරසර අගය එකතු කිරීමේ කාර්යය තවත් ශක්තිමත් කිරීමට සියලු‍ කටයුතු කිරීමට Belluna Lanka ශක්තිමත්ව ක්‍රියාත්මක වෙයි. නව්‍යකරණයේ සහ උසස් තත්ත්වයේ වටිනාකම් මතින් සමාජයේ දියුණුව සහ ව්‍යාපාරික සාර්ථකත්වය අත්පත් කරගැනීමට සමාගම නිතැතින්ම කැපවෙයි.



අදහස් (0)

Belluna ලංකා සමාගමෙන් ඩොලර් මිලියන 200කට වැඩි ආයෝජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි
2025 අප්‍රේල් මස 30 18 0

ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක


DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි
2025 අප්‍රේල් මස 30 14 0

DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක


ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු
2025 අප්‍රේල් මස 30 12 0

ලංකා බැංකුව 2025 අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම


2025 -26 වර්ෂවලදී ආර්ථික සංගණනයක්
2025 අප්‍රේල් මස 30 13 0

2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.


උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්
2025 අප්‍රේල් මස 30 9 0

උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත


රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්
2025 අප්‍රේල් මස 30 8 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 218 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 62 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1090 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site