IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


‘Berry Much in Nuwara Eliya’ අප්‍රේල් 27 දක්වා ග්‍රෙගරි වැව අසලදී

දේශීය බෙරි නිෂ්පාදන සන්නාමයක් වන  Berry Much  සංවිධානය ‘Berry Much in Nuwara-Eliya’  සැණකෙළිය අප්‍රේල් 27 දක්වා නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේදී පැවැත්වේ. දින 12ක් පුරා පැවැත්වෙන ඊට සහභාගී වන අයට නැවුම් බෙරි වර්ගවලින් සකසන ආහාර පාන රස විඳීමටත්, විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක නිරත වීමටත් අවස්ථාව ලැබේ. 

නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේ පැවැත්වෙන එයට බෙරි තේමාව කර ගත් ශ්‍රී ලංකාවේ පළමු පාවෙන අවන්හලද ඇතුළත්ය. ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, රාස්ප්බෙරි, බ්ලැක්බෙරි සහ ගූස්බෙරි ඇතුළු නුවරඑළියේ වගා කළ නැවුම් බෙරි යොදා ගෙන පිළියෙළ කරන ආහාර පාන රැසකින් සමන්විත මෙම පාවෙන අවන්හල සැණකෙළියේ ප්‍රධාන අංගය වේ. 

දේශීයව වගා කරන බෙරි වර්ගවල නැවුම් බව සහ ප්‍රණීත රසය අත්විඳීමට දේශීය සහ විදේශීය සංචාරකයන්ට අවස්ථාව සැපැයීමේ අරමුණෙන් ‘Berry Much in Nuwara-Eliya’  සංවිධානය කර ඇත. ග්‍රෙගරි වැව උද්‍යානයේ පිහිටි අලෙවිසල වෙත ගොස් බෙරි නිෂ්පාදන රස විඳීමටත්, විශේෂ වට්ටම් යටතේ මිල දී ගැනීමටත්, බෙරි තේමාව කර ගත් විනෝදාත්මක ක්‍රියාකාරකම්වල යෙදීමටත් හැකිය. 

#BerryMuchInNuwaraEliya යනුවෙ න්  hashtag  එක යොදා ඉන්ස්ටග්‍රෑම්හි [email protected]  පිටුව ටැග් කරන ඕනෑම අයකුට දිනපතා ත්‍යාග දිනා ගත හැකිය. හානිකර රසායන සහ බැර ලෝහ අඩංගු නොවන බවට සහතික කර ඇති සියලු‍ම බෙරි වර්ග නිෂ්පාදනය කරන සහ අලෙවි කරන එකම ශ්‍රී ලාංකික සමාගම Berry Much  ය. එහි සෑම නිෂ්පාදනයක්ම නැවුම් බවින් සහ සුරක්ෂිත බවින් ඉහළය. මෙම ව්‍යාපෘතියෙන් දේශීයව වගා කරන බෙරි පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් සැපැයීමටත් අපේක්ෂා කෙරේ. 



අදහස් (0)

‘Berry Much in Nuwara Eliya’ අප්‍රේල් 27 දක්වා ග්‍රෙගරි වැව අසලදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

පළමු කාර්තුවේ අපනයන ආදායම ඩොලර් බිලියන 4.2 ක්
2025 අප්‍රේල් මස 24 53 0

අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඉපැයූ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක් බවත් එය පසුගි


ලංකාවේ දරිද්‍රතාව අඩු කිරීමට වැඩි අවධානයක් අවශ්‍යයි- ලෝක බැංකුව
2025 අප්‍රේල් මස 24 37 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙමින් පැවැතුණත් තවමත් මෙරට ජනතාවගෙන් තුනෙන් එකක් දුගී භාවයෙන් හෝ දුගී භාවයට පත්වීමේ


DPL හි සමාගම් දෙකක් ඒකාබද්ධ කිරීමට BOI අනුමැතිය ඉල්ලයි
2025 අප්‍රේල් මස 24 37 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත Dipped Products PLC සමාගම සහ එම සමාගම යටතේ පවතින DPL Premier Gloves Limited සමාගම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඉල්


බිල්පත් පොලියේ අඩු වැඩි වීමක්
2025 අප්‍රේල් මස 24 36 0

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (23) පැවැති අතර එහිදී දින 91 සහ දින 182 පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබුණි. එමෙන්ම දින 364 කල්පිරෙන බිල්පත් පොලියෙහි


මෙල්බර්න් ගුවන්තොටුපොළේ ශ්‍රී ලන්කන් බිම් මෙහෙයුම් සේවා Dnata Airport Services සමාගමට
2025 අප්‍රේල් මස 24 21 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙයුම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම නිල වශයෙන් එළි දැක්වේ
2025 අප්‍රේල් මස 24 18 0

සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම පසුගිය 10 වැනිදා නිල වශයෙන් කොළඹදී දියත් කිරීමත් සමග මෙරට සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ගන්න උත්සාහයේ සන්ධිස්ථා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 744 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 363 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 513 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site