IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


Conceptus Event සමාගමට පිනකල් මහජන සම්මාන


නවමු සංකල්ප හඳුන්වා දෙමින් සුවිශේෂි අත්දැකීම් සැලසුම්කරණයෙහි නවෝත්පාදකයකු මෙන්ම නව මංපෙත් සොයා යන ඉසව් කළමනාකරණ සමාගමක් වන Conceptus සමාගම විශිෂ්ටතම ඉසව් කළමනාකරණය (Event Management) වෙනුවෙන් 2024 වසර සඳහා වූ පිනකල් ශ්‍රී ලංකා මහජන සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පසුගියදා පැවති පිනකල් ශ්‍රී ලංකා මහජන සම්මාන උලෙළේ දී එම සම්මානය ප්‍රදානය කෙරිණ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාගමේ සම නිර්මාතෘවරුන් වන චන්දිම කරුණාතිලක සහ චමින්ද කුමාර හිරුමුතුගොඩ පවසා සිටියේ ‘ඉසව් කළමනාකරණයෙහිලා වන අපගේ නිර්මාණාත්මක හැකියාව සහ පුරෝගාමී සංකල්ප Peoples Pinnacle Sri Lanka සම්මාන උලෙළේ දී ඇගැයීමට ලක්වීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. අප විසින් මෙහෙයවනු ලබන සෑම ඉසව් අවස්ථාවක්ම අපගේ නිර්මාණාත්මක හැකියාව සහ අපගේ තාක්ෂණික ප්‍රවීණත්වය හා නවෝත්පාදන සංකල්ප සීමාවකින් තොරව එකිනෙක හා සංයෝග වෙමින් සුවිශේෂීත්වයෙන් ඉදිරිපත් කෙරෙනවා.’ යනුවෙනි. ඔවුන් දෙදෙනා ඉසව් කළමනාකරණ ක්ෂේත්‍රයෙහි වසර 19 කට අධික පළපුරුද්දක් දරති.

උසස් තත්වයේ සංකල්පනය, සැලසුම් නිර්මාණය සහ ඉදිරිපත් කිරීමෙන් සේවාලාභීන්ගේ අපේක්ෂාවලින් ඔබ්බට යමින් ඔවුන්ගේ අරමුණු මුදුන්පත් කර දෙමින් සිත්ගන්නාසුළු ඉසව් සංවිධානය කිරීමට සමාගමට හැකිවී ඇත්තේ ඉමහත් කැපවීමකින් සහ ඉහළ කුසලතාවලින් හෙබි Conceptus සේවක මඬුල්ලෙහි නිර්මාණාත්මක හැකියාව සහ තාක්ෂණික දැනුම එකිනෙක හා සංයෝගවීම නිසාය. එමෙන්ම නවීනතම ආලෝකකරණ උපකරණ LED  තිර සහ ශබ්ද පරිපාලනය මෙන්ම විශේෂ ප්‍රයෝග සහ පරිගණක ආධාරයෙන් සිදුකෙරෙන මෝස්තර සැලසුම්කරණයෙන් සේවාලාභීන් තෘප්තියට පත්කොට මෙරට ඉසව් කළමනාකරණය ඉහළ ප්‍රමිති කරා රැගෙන යෑමට ද ඔවුන්ට හැකිව තිබේ.

2025 වසරේදී තම සේවාලාභීන්ගේ ඉසව් (Events) වඩාත් පෙරළිකාරී ආකාරයෙන්, ඉතා නිවැරදිව නිමවා සැලසුම් කිරීමෙන් එක් එක් සේවාලාභියා වෙනුවෙන් අනන්‍ය වූ ඉසව් ඉදිරිපත් කර දීම සඳහා Conceptus සමාගම සූදානම්ව සිටී.



අදහස් (0)

Conceptus Event සමාගමට පිනකල් මහජන සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

ක්ෂුද්‍ර, කුඩා හා මාධ්‍ය ව්‍යවසාය අභියෝග විසඳන්න විශේෂඥ කමිටුවක්
2025 පෙබරවාරි මස 05 9 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය පීඩනය ලිහිල් කරමින් ණය ඇපකර සැපයීම සඳහා ජාතික ණය ඇපකර ආයතනයක් ණය කෙටුම්පත් කරන්නන්ගෙන් ඇපකර ගැනීමට බැංකුව


අපද්‍රව්‍ය කළමනාකරණ ධාරිතාව නැංවීමට ජපානයෙන් යෙන් මි. 300ක්
2025 පෙබරවාරි මස 05 6 0

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීමට ජපානය විසින් යෙන් මිලියන 300 ක (රුපියල් මිලියන 565 ක්) ප්


සිවුවැනි මාසයටත් ව්‍යාපාරික විශ්වාසය ඉහළට
2025 පෙබරවාරි මස 05 7 0

ව්‍යාපාරික විශ්වාසය මනින දර්ශකය, අඛණ්ඩව සිව්වැනි මාසය සඳහා ඉහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාවේ පෙබරවාරි කලාපයේ සඳහන් ව


සුළු හා මධ්‍ය ව්‍යාපාර ගෝලීයව නැංවීමට ExpoScaleUp ඇරැඹේ
2025 පෙබරවාරි මස 05 8 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ස


කොමර්ෂල් බැංකුවෙන් රු. බි. 15ක හරිත බැඳුම්කර නිකුතුවක්
2025 පෙබරවාරි මස 05 5 0

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 15 ක් වටිනා හරිත බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. බැංකුවේ අධ


කොටස් වෙළෙඳපොළ සෘණ අගයකින් මාසය අරඹයි
2025 පෙබරවාරි මස 05 8 0

නිදහස් දින නිවාඩුවට පෙර, ආයෝජකයන්ගේ උනන්දුව අඩුවීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය, ඍණාත්මක බවක් පෙන්නුම් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 739 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site