අලුත් අවුරුදු සතුට දෙගුණ තෙගුණ කිරීමේ අරමුණින් සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් සුවිශේෂී වට්ටම් හා දීමනා එකතුවක් හඳුන්වා දීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ.මාර්තු මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහන් එකතුව අප්‍රේල් මාසය පුරාද ක්‍රියාත්මක වනු ඇත. මෙම වැඩසටහන මගින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට මෙන්ම ඩෙබිට් කාඩ්පත් හිමියන්ටද විශාල වට්ටම්ල නම්‍යශීලී පහසු ගෙවීමේ ක්‍රම සහ ආකර්ෂණීය Cashback දීමනා ඇතුළු වාසි රැසක් හිමි වේ.
DFCC කාඩ්පත් හිමියන්ට මෙම වාසි පිරිනැමීම සඳහා දිවයිනේ ජනප්‍රියම අලෙවිසැල් සහ සුපිරි වෙළෙඳසැල් රාශියක් මේ වන විට DFCC බැංකුව සමග අත්වැල් බැඳගෙන සිටී. මෙම අලෙවිසැල්වලදී DFCC කාඩ්පත් හිමියන්ට සියයට 60 ක් දක්වා වට්ටම්ල මාස 36 ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම සහ සෑම ගනුදෙනුවකදීම සියයට 3 ක් දක්වා Cashback දීමනා හිමි වේ.
අලුත් අවුරුද්ද යනු පවුලේ සැම දෙනාම එකට එකතු වී සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවල යෙදෙන අතරම අලුත් ආරම්භයක් වෙනුවෙන් සැරසෙන මොහොතක්. කෙසේ නමුත් අලුත් අවුරුදු සැමරීමේදී ගනුදෙනුකරුවන්ට දරන්නට සිදුවන වියදම් පිළිබඳව අප හොඳින් දන්නවා. එම වියදම් හමුවේ සුවිශාල සහනයක් සලසමින් මෙම දීමනා හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ ඉලක්කය වන්නේ චාරිත්‍ර වාරිත්‍රවල තෑගි බෝග සහ එදිනෙදා අවශ්‍යතා ඇතුළු ඕනෑම දෙයකදී තමන්ටම සීමා පනවා ගැනීමෙන් තොරව අලුත් අවුරුදු සතුට උපරිමයෙන් අත්විඳින අතරම සුවිශේෂී ඉතුරුම් අත්විඳීමට හා පහසු ගෙවීමේ ක්‍රම භාවිත කිරීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදා කර දීමයි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසීය.
DFCC බැංකුවේ Visa සහ Mastercard ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් සඳහා වලංගු වන මෙම දීමනාල අදාළ වෙළඳසැල් වෙත ගොස් භාණ්ඩ මිලදී ගැනීමේදී මෙන්ම මාර්ගගත ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමේදීද වලංගු වේ.
අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඉපැයූ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක් බවත් එය පසුගි
ශ්රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙමින් පැවැතුණත් තවමත් මෙරට ජනතාවගෙන් තුනෙන් එකක් දුගී භාවයෙන් හෝ දුගී භාවයට පත්වීමේ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත Dipped Products PLC සමාගම සහ එම සමාගම යටතේ පවතින DPL Premier Gloves Limited සමාගම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඉල්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (23) පැවැති අතර එහිදී දින 91 සහ දින 182 පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබුණි. එමෙන්ම දින 364 කල්පිරෙන බිල්පත් පොලියෙහි
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙයුම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම පසුගිය 10 වැනිදා නිල වශයෙන් කොළඹදී දියත් කිරීමත් සමග මෙරට සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ගන්න උත්සාහයේ සන්ධිස්ථා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
DFCC කාඩ්පත් හිමියන්ට අවුරුදු දීමනා රැසක්