HUTCH, 67 වැනි ඉන්දියානු සංචාරක නියෝජිතයන්ගේ සම්මේලනයේදී, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) සහ ඉන්දියානු සංචාරක නියෝජිත සංගමය (TAAI) සමඟ ඇතිකරගත් හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිවේදනය කළේය. කොළඹදී පැවැත්වුණු මෙම සම්මේලනය සඳහා ඉන්දියානු සංචාරක කර්මාන්තයේ නියෝජිතයෝ 500 කට අධික පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් දෙවනුවට වැඩිම පිරිසක් පැමිණෙන රට ඉන්දියාව වන අතර 67 වැනි TAAI සම්මුතිය, ක්ෂේත්රයේ ප්‍රවීණයන්, සංචාරක නියෝජිතයින්, සංචාර මෙහෙයවන්නන් සහ හෝටල් හිමියන්ට නව සම්බන්ධතා ඇති කරගැනීමටත් සහයෝගිතාව වර්ධනය කර ගැනීමටත් කදිම වේදිකාවක් විය. සංචාරක ව්‍යාපාරය ඇතුළුව සියලුම කර්මාන්ත වෙනුවෙන් කැපවෙන HUTCH ආයතනය, ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ටෙලිකොම් ක්‍රියාකරුවන් රැසක් වන Jio, Airtel සහ Vodafone Ideaසමඟ එක්ව දිනකට ඇමරිකානු ඩොලර් 1ක් වැනි අඩු මුදලකට රෝමිං පහසුකම් ලබාදීම මඟින් සංචාරක කාල සීමාව තුළ අනපේක්ෂිත බිල්පත් ගාස්තු වලින් සංචාරකයන් සුරක්ෂිත කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HUTCH හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරි හම්ඩි හසන් මහතා මෙසේ පැවසීය. “67 වැනි TAAI සම්මුතියේදී SLAITO සහ TAAI සමඟ අපගේ හවුල්කාරිත්වයට ලැබුණු අතිමහත් ප්‍රතිචාරය ගැන අපි සතුටු වෙනවා. රටේ ප්‍රමුඛතම ටෙලිකොම් ක්‍රියාකරුවකු ලෙස, දේශීය සහ විදේශීය සංචාරකයන්ට විශිෂ්ටතම ජංගම අත්දැකීමක් ලබා දීමට අප නිරන්තරයෙන් කැපවී සිටිනවා. ශ්‍රී ලංකා ආර්ථිකයට සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම කියා නිම කළ නොහැකි අතර, ආර්ථික වර්ධනයට, රැකියා අවස්ථා ඇති කිරීමට සහ ජාතීන් අතර සංස්කෘතික හුවමාරුවට එය මහත් පිටුවහලක්. අපගේ දීප ව්‍යාප්ත සහ ගෝලීය ආවරණය මෙන්ම E-SIM වැනි පහසුකම් නිසා HUTCH ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සුදුසුම සන්නිවේදන සහකරු බවට පත් කරයි.”
සංචාරකයන්ට විශිෂ්ට සංචාරක අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් HUTCH සිදුකරන කැපවීම අගයමින් SLAITO හි සභාපති නිශාඩ් විජේතුංග මෙසේ පැවසීය. “මෙම සම්මුතියේ සන්නිවේදන සැපයුම්කරු ලෙස HUTCH කටයුතු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඔවුන්ගේ විශ්වාසනීය සේවාවන් 67 වන TAAI සම්මුතියේ සාර්ථකත්වයට නිසැකවම දායක වී ඇත. අපගේ සහයෝගිතාව තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය තවදුරටත් ඉහළ නැංවිය හැකි බව අපට විශ්වාසයි.”
595
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
HUTCH ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය ගිවිසුමක