අමානා බැංකුව සහ Havelock City එක් වී පසුගියදා මහනුවර ප්‍රදේශයේ පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේ ය. එහිදී Havelock City නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවාස මෙන්ම ඒවා මිලදී ගැනීම සඳහා අමානා බැංකුව වෙතින් ලබාගත හැකි මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් එම ජනතාව දැනුවත් කරන ලදි.
Havelock City නිවාස සංකීර්ණයේ දේපළ සංවර්ධන සමාගම වන Mireka Homes (පුද්.) සමාගම සහ අමානා බැංකුව අතර ඇතිකරගෙන ඇති හවුල්කාරීත්වයේ එක් අදියරක් වශයෙන් මෙම වැඩසටහන පවත්වන ලද අතර, අමනා බැංකුවේ මූල්‍ය පහසුකම් සමගින් පාරිභෝගිකයන් සඳහා කොළඹ නගරයේ සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට අවස්ථාව උදාකර දීම මෙහි මූලික අරමුණ විය.
අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවිකරණ) සිද්දීක් අක්බාර්, එම බැංකුවේ පාරිභෝගික මූල්‍ය ප්‍රධානී රියාස් නූර්, හවුල්කාරීත්ව සම්බන්ධතා සහකාර නිලධාරිනී හර්ෂිනී මෝහන් සහ Mireka Homes (පුද්.) සමාගමේ සාමාන්‍යාධිකාරී (විකුණුම්) නිරූපා පීරිස් යන මහත්ම මහත්මීහු ප්‍රමුඛ දෙපාර්ශ්වය නියෝජනය කළ තවත් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. වැඩසටහනට සහභාගී වූවන්ට අමානා බැංකුවේ මූල්‍ය පහසුකම් පිළිබඳව පූර්ණ මගපෙන්වීමක් ලබාදෙන ලද අතර, එහිදී දින 3 ක් ඇතුළත අනුමැතිය හිමි වන කඩිනම් ක්‍රමවේදය මෙන්ම තම ආදායම් මට්ටම් අනුව සැලසුම් කරගත හැකි නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රමවේද ආදිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
Havelock City සුඛෝපභෝගී නිවාස මිලදී ගැනීමට අමානා බැංකුවෙන් මූල්‍ය පහසුකම්