ශ්‍රී ලංකාවේ දේපොළ වෙළෙඳාම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වනHome Lands Skyline ඇමරිකානු ඩොලර් මිලියන 40 ක සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතියක් සමගින් සුන්දර මීගමු කලපු ප්‍රදේශය, ඓතිහාසික පරිවර්තනයක් කරා ගෙනයාමට සූදානම් වේ. ඒ මීගමු කලපුවට මුහුණ ලා පිහිටි අක්කර 7 කින් යුත් භූමි භාගයක් පුරා විහිදෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම Tourists Resort Apartment සංකීර්ණය ඉදි කරමිනි.
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) සිට මිනිත්තු 10 කින් ළඟා විය හැකි දුරකින්, මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගයටද යාබදව ඉදිකෙරේ. ආසන්නයේම පිහිටි අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුව වෙත මිනිත්තු 5 කින් ළඟා වීමේ පහසුවද සමගින් මෙම ව්‍යාපෘතිය මගින් දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉහළම පහසුව සලකා ජාත්‍යන්තර මට්ටමේ අවන්හලක් හා සමාජ ශාලාවක් ඇතුළුව පහසුකම් 40 කට අධික ප්‍රමාණයක් පිරිනැමේ. ඉහළම සුවපහසුව හා ක්‍රියාකාරකම් පමණක් නොව, පාරිසරික වගකීම්ද ඉටු කෙරෙන පරිශ්‍රයක් බවට මෙම ව්‍යාපෘතිය පත්වන බැවිනි. සියලු පහසුකම් පිරි මෙම පරිශ්‍රය, ඒ සඳහා ආයෝජනය කරන පිරිසට දිනකට ඇමරිකානු ඩොලර් 125 දක්වා ආයෝජන ප්‍රතිලාභයකට ඉඩ සලසමින් මෙරට දේපොළ වෙළඳාම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත්ම ලාභදායී ආයෝජන විකල්පයක්ද වනු ඇත.
මෙම ව්‍යාපෘතිය ඉදිකෙරෙන්නේ, කුලුනු 5 ක පිහිටි අති නවීන මහල් නිවාස 280 ක් සහ සුඛෝපභෝගී විලා 40 ක් ඇතුළත්ව වන අතර, සෑම කුලුනක්ම මහල් 7 කින් සමන්විත වේ. එමෙන්ම, 2BR මහල් නිවාස 56 සමන්විතව කුලුනු දෙකක් ඉදිකෙරෙන අතර, වර්ග අඩි 900 - වර්ග අඩි 1095 ප්‍රමාණයේ ඉඩකඩවලින් එහි මහල් නිවාස තෝරා ගැනීමේ පහසුව පවතී. අනෙකුත් කුලුනු 3, වර්ග අඩි 1270 - වර්ග අඩි 1375 බැගින් වූ ඉඩකඩ සහිත 3BR මහල් නිවාස බැගින් සමන්විතව ය.
මීගමු කලපුව අභිමුව ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය පිළිබඳව, Home Lands සමූහයේ සභාපති නලින් හේරත් මහතා සිය අදහස් පළ කළේ මෙසේයි. Home Lands හි අප විශ්වාස කරන්නේ, මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සිමා මායිම් අඛණ්ඩව පුළුල් කිරීමට අපට හැකි බවයි. මෙම මනරම් පරිශ්‍රයේ නවීනතම නිවාස හා විලා සමගින් නූතන පහසුකම් ඇතුළත්ව මෙම ව්‍යාපෘතිය ඉදිකෙරෙන්නේ තිරසාර ඉදිකිරීම් ක්‍රමවේද අනුව වීම විශේෂත්වයක්. ජාත්‍යන්තර මට්ටමේ සුවපහසුව හා නවීනතම පහසුකම්, පහසුවෙන් ඒ වෙත පිවිසීමේ හැකියාව හා තිරසාරභාවය ඇතුළත් වන පරිදි මෙහි මූලික සැලැස්ම සකස් කර තිබෙන අතරම, ස්වභාවික වටපිටාවෙහි පාරිසරික සුන්දරත්වය සම්මිශ්‍රණය වූ වාස්තු විද්‍යාත්මක වශයෙන් කැපී පෙනෙන ව්‍යුහයක් ඊට ඇතුළත්.”
ශ්‍රී ලංකාවේ නිශ්චල දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රය කැපී පෙනෙන පරිවර්තනයකට ලක් කර ඇති Home Lands CIDAඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඇගයීමද හිමිකර ගත්, CS2 ශ්‍රේණියේ ඉදිකිරීම් අංශය සතු, මෙරට එකම දේපොළ වෙළෙඳාම් සංවර්ධන ආයතනයයි. ක්ෂේත්‍රය වෙනුවෙන් වසරකට මහල් නිවාස 600ක් එක් කිරීමට කැප වී සිටින Home Lands මේ වන විටත් නිමකර ඇති මහල් නිවාස 3,000කට අධික ප්‍රමාණයක් මෙන්ම, දැනටත් ඉදිවෙමින් පවතින මහල් නිවාස 1,800ක් සමඟින් මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ මහා පරිමාණ විසඳුමයි. මෙරට දේපොළ වෙළෙඳාම් සම්බන්ධ ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන, පර්යේෂණ බුද්ධි ඒකකයෙහි (RIU) සංඛ්‍යාලේඛනවලට අනුව, අද වන විට, සියයට 58 ක විශාල වෙළෙඳපොළ කොටසක්ද සමාගම සතු වේ.
Home Lands Group විසින් අක්කර 55 ක භූමි භාගයක් පුරා ඉදිකරන ලද, ශ්‍රී ලංකාවේ විශාලතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය Canterbury Golf Resort Apartments and Villas නිවාස ඒකක 1,200කින් සමන්විත වේ.
ශ්‍රී ලංකාව හමුවේ තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීමට තිබෙන මූල්‍ය ප්‍රතිපාදන කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඒ හේතුවෙන් මෙවර අයවැයේදී ප්‍රමුඛතාව මත මූල්
නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරි මස 59.0 ක දර්ශක අගයක් වාර්ත
2025 අයවැය පිළිබඳව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE)ද රජයට ප්‍රශංසා කරයි. රටේ විස්තීරණ ආර්ථික වර්ධනය සඳහා විවිධ දෘෂ්ටිකෝණවලින් ජාතික සංවර්ධනයට ප
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 2025 අයවැය ජනතාවාදී අයවැයක් ලෙස නොදකින බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය ඊයේ (19) ක
රජයේ මංගල අයවැය, ශ්‍රී ලංකාවේ බැංකු විසින් සාදරයෙන් පිළිගනු ලැබ ඇති අතර, එය මූල්‍ය මාවතේ ප්‍රතිපත්ති අනුකූලතාව පවත්වා ගැනීමට උත්සාහ කිරීමක් බව පැවැසෙ
දීර්ඝ කාලයක සිට රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග අලෙවි කරන ව්‍යාපාරිකයකු මෙවර ‘මේ දවස්වල බිස්නස් කොහොමද’ විශේෂාංගය සඳහා එක්කරගත්තෙමු. ඔහු නමින් චරිත් ප්‍රිය
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
Home Lands Skyline මීගමුවේ ඩො.මි. 40 ක ව්‍යාපෘතියේ ඉදිකිරීම් අරඹයි