
භානුක අමරසිංහ
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) මෙරට කෘත්‍රිම බුද්ධි තාක්ෂණික ගමනේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ වන උපදේශක කමිටුවක් පත් කළ බව පවසයි.
මෙම කමිටුවේ ආරම්භක හමුව පසුගියදා පැවැත් වී ඇති අතර, ශ්‍රී ලංකාව සඳහා වන කෘත්‍රිම බුද්ධි ක්‍රමෝපායක් සකස් කිරීම එම කමිටුවේ මූලික අදහස වී තිබේ. එසේම මෙම කෘත්‍රිම බුද්ධි තාක්ෂණික ක්‍රමෝපාය රජයේ පුළුල් ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය හා ගැළපීමත් එහි ප්‍රධාන අරමුණකි.
අලුතින් පත් කෙරුණු මෙම කෘත්‍රිම බුද්ධි උපදේශක කමිටුවේ සභාපතිවරයා වන්නේ ආචාර්ය රොමේෂ් රණවන මහතාය. එසේම ICTA හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා එහි කැඳවුම්කරුවා ලෙස කටයුතු කරයිග ඔවුන. දෙදෙනාට අමතරව ආචාර්ය හර්ෂ සුභසිංහ, මහාචාර්ය අශෝක කරුණානන්ද, ආචාර්ය ශ්‍රීනාත් පෙරේරා, මහාචාර්ය රොෂාන් රාගෙල්, ලක්මිණි විජේසුන්දර, ජයන්තා ප්‍රනාන්දු, ආචාර්ය රධීකා ජයසුන්දර අබේවීර, යසිත් ප්‍රනාන්දු, චන්දිකා ජයසුන්දර, සන්ජිනි මුනවීර සහ යුධාන්ජය විජේරත්න යන මහත්ම මහත්මීහු මෙම කමිටුවෙහි අනෙකුත් සාමාජිකයෝ වෙති.
මෙරට තුළ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ප්‍රතිපත්තියක් ඇති කිරීම, සියල්ල එක් වූ ඩිජිටල් අනුවර්තනයක් සඳහා වන ශ්‍රී ලංකාවේ දායකත්වය බලගැන්වීම ඇතුළු කාරණා මෙම කමිටුව වෙත පැවරෙන මූලික රාජකාරි වෙයි. එසේම රජයේ ප්‍රතිපත්ති හා ගැළපෙන ලෙස කෘත්‍රිම බුද්ධි ක්‍රමෝපාය ගැළපීම, රජයේ සේවා තවදුරටත් දියුණු කිරීම සඳහා වඩාත් වැදගත් මුලපිරීම් හඳුනාගැනීම සහ නියාමන ක්‍රියාරාමු සඳහා විශේෂඥ උපදෙස් සැපයීම, යටිතල පහසුකම් සංවර්ධනය, කුසලතා වර්ධනය, පර්‌යේෂණ සහ සංවර්ධනය මෙන්ම කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම යනාදිය ද මේ
අතර පවතී.
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ICTA කෘත්‍රිම බුද්ධිය පිළිබඳ උපදේශක කමිටුවක් පත් කරයි