ශ්රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපොළේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් නව්‍ය තාක්ෂණික විසඳුම් ලබා දීමේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන Lenovo හි නවතම නිෂ්පාදන ද්විත්වය පසුගිය දා මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙන ලදී. ඒ අනුව වසර 05ක් දක්වා වගකීමක් සහිත ThinkCentre Neo 50t Gen 5 Desktop පරිගණකය සහ Thinkbook G7 ලැප්ටොප් පරිගණකය මෙහිදී එළිදැක්විණි.
නවීන ව්‍යාපාර කටයුතු වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ThinkCentre Neo 50t Gen 5 , 13 වැනි සහ 14 වැනි Gen Intel® Core™ i7 හෝ Intel® 300 ප්‍රොසෙසරවලින් බලගැන්වෙන අතර, එමගින් Intel UHD ග්‍රැෆික්ස් (710, 730, හෝ 770) සහ 64GB DDR5-5600 ක මතක ධාරිතාවක් දක්වා ඉහළ කාර්යසාධන හැකියාවක් ලබාදෙයි. මෙහි අන්තර්ගත ස්වාධීන සංදර්ශක ත්‍රිත්වය සහ විකල්ප Intel Arc A310 GPU හරහා බාධාවකින් තොරව බහුකාර්ය හැකියාව සමඟ සුවිශේෂී දෘශ්‍යමය අත්දැකීමක් වෘත්තිකයන්ට ලබා ගත හැකිය. Smart Power On සහ Smart Connect විශේෂාංගවලින් මෙහි උපාංග එකිනෙක ඒකාබද්ධ කරමින්, සුමටව වැඩ කටයුතු කිරීමට අවස්ථාව සලසන අතර එමගින් කාර්යක්ෂමතාව තවදුරටත් වැඩි දියුණු කරයි.
මෙහි ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන සුවිශේෂී පහසුකම් අතර ප්‍රොසෙසරය (Processors) : 14 වන පරම්පරාවේ (14th Generation) Intel Core i3 / i5 / i7 හෝ Intel 300 ප්‍රොසෙසරය, ග්‍රැෆික්ස්: Intel UHD ග්‍රැෆික්ස් 710 / 730 / 770 හෝ Intel Arc A310 LP,මතක ධාරිතාව (Memory) : 64GB DDR5-5600 දක්වා (dual-channel), ස්ටොරේජ් (Storage): 1TB M.2 SSD දක්වා සහ විකල්ප HDD 2TB දක්වා.සම්බන්ධතාව (Connectivity): HDMI, DisplayPort, VGA, USB-C සමඟ 15W ආරෝපණය, Wi-Fi 6, සහ Bluetooth 5.3, Design: Smart Power On සහ 13.6L Compact tower සහ විකල්ප පසුපස පද්ධති විදුලි පංකාවක් සහිත වැඩි දියුණු කළ සිසිලනය ප්‍රධානවේ.
පාරිභෝගික තෘප්තිය තවදුරටත් ඉහළ නැංවීමේ පියවරක් ලෙස, Lenovo සිය සේවා සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර තිබේ.ඒ අනුව වසර 1 සිට 5 දක්වා වූ කාලය තුළදී සියලුම Commercial නිෂ්පාදනවල නඩත්තු කටයුතු බලයලත් Lenovo ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ පාරිභෝගිකයන් වෙතටම පැමිණ සිදු කිරීම සඳහා Onsite වගකීමක් ප්‍රකාශයට පත් කර ඇත. පාරිභෝගික විශ්වාසය හා අලෙවියෙන් පසු සේවා සහාය ඉහළ නැංවීම වෙනුවෙන් දියත් කරනු ලැබූ මෙම සුවිශේෂී වගකීම් සහතිකය ඔස්සේ Lenovo හි නොසැලෙන කැපවීම මැනවින් පිළිබිඹු වේ. මින් වඩාත් කාර්යක්ෂම විසඳුම් බාධාවකින් තොරව පිරිනැමීම සහතික කරයි.
Lenovo ආයතනයේ විදේශ ව්‍යාපාර අධ්‍යක්ෂ, නවීන් කෙජ්රිවාල් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. ”නවතම ThinkCentre Neo 50t Gen 5 ශ්‍රී ලංකාවේ අපගේ පාර්ශවකරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට ගෙන ඒමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. පරිණාමය වෙමින් පවතින ඩිජිටල් පරිසරයක ව්‍යාපාරවලට සහය වෙමින් නව පරපුරේ මෙම ThinkCentre Neo 50t Gen 5 විශිෂ්ට කාර්ය සාධනය, ආරක්ෂාව හා තිරසාරභාවය පිළිබඳව අසමසම සංයෝජනයක් ලබා දෙනවා. ඒ වගේම අලුතින් හඳුන්වා දුන් Onsite වගකීම් සහතිකය තුළින් අපගේ ගනුදෙනුකරුවන්ට විශ්වාසදායක සහ දිගු කාලීන සහයෝගය ලබා දීම සඳහා අපගේ කැපවීම අවධාරණය කරනවා.”
මේ සම්බන්ධයෙන් IT Gallery Computers Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත පෙරේරා මහතා සිය අදහස් මෙසේ එකතු කළේය. ‘‘ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත විශිෂ්ට ගණයේ තාක්ෂණික විසඳුම් ලබා දීම සඳහා Lenovo සමඟ අපගේ සහයෝගීත්වයෙන් සෑමවිටම අවධානය යොමු කරනවා. වැඩිදියුණු කළ වගකීම් සහතිකය සමගින් එන ThinkCentre Neo 50t Gen 5 ඔස්සේ ව්‍යාපාරවලට උසස් සේවාවක් සහිත අති නවීන උපාංග සැපයීමේ ශක්තිමත් ඉදිරි පියවරක් ප්‍රදර්ශනය කරනවා.
ගැමි ගෙදර මුළුතැන් ගෙයි තිබු මැටි වළඳට ඇලුමිනියම් භාජන හා ළිග්ගල් තුනේ ළිප වෙනුවට ගෑස් ළිප පැමිණීමත් සමග මැටි ආශ්‍රීත නිෂ්පාදකයා කබලෙන් ළිපට වැටී ඇතැ
කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන්වන විට ඊයේ (29) මෙම සතිය තුළ දෙවැනි දිනයටත් අඛණ්ඩ වර්ධනයක් සනිටුහන් කළේය. හෙළ ඇපරල් සමාගමේ කොටස් මිලියන විසි එකක් ගනුදෙ
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,195 ක් වුවත් එම ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් බදු ගෙවන්නන් පිරිසක් සොය
ශ්රී ලාංකික ශිෂ්‍යයන් විසින් 2024 වසරේදී විදේශ අධ්‍යාපනය සඳහා දැරූ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 194.4ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. බැංකු පද්ධතිය ඔ
අප්‍රේල් මාසයේ අවසන් සතියේ ආරම්භක දිනය වූ ඊයේ (28) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් යම් ඉහළ යාමක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI)
මෙම මස පළමු දින 24 තුළදී මෙරටට සංචාරකයන් 144,320 ක් පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ අප්‍රේල් මස පළමු දින 24ට සාපේක්ෂව සියයට 22.1 ක ඉහළ යාමක් බවත් සංචාරක සංවර්ධන අධික
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
IT Gallery කොම්පියුටර්ස් වෙතින් නවතම Lenovo Commercial නිෂ්පාදන ද්විත්වයක්