ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය වන Intrepid Travel සමාගම සිය වාර්ෂික ගෝලීය සමුළුව (2025) සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි Intrepid Travel සමාගම තම ගෝලීය සමුළුව ඕස්ට්‍රේලියාවෙන් පිටත පවත්වන දෙවැනි අවස්ථාව මෙයයි. සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇති වැදගත්කම ඉන් මනාව පිළිබිඹු වේ.
2012 වසරේදී පළමු වරට කොළඹ කාර්යාලයක් පිහිටුවමින් මෙරට සිය මෙහෙයුම් ආරම්භ කළ Intrepid Travel සමාගම මේ වනවිට සාර්ථක ලෙස මෙරට සංචරණ කටයුතු මෙහෙයවනු ලබයි. විශේෂයෙන්ම සහාය තාක්ෂණය, ආදායම් කළමනාකරණය, මානව සම්පත්, නිෂ්පාදන සේවා, මූල්‍ය සහ පාරිභෝගික සේවා ආදී පුළුල් සේවා රැසක් සහිත පරිපූර්ණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස කොළඹ Intrepid Travel කාර්යාලය මේ වනවිට කටයුතු කරයි. ඊට 276ක ඍජු කාර්යාල කාර්යමණ්ඩලයක් සහ 45ක දේශීය සංචරණ මඟපෙන්වන්නන් කණ්ඩායමක් ඇතුළත් ය. එබැවින් සමාගමේ ගෝලීය වාර්ෂික සමුළුව පැවැත්වීමේ පූර්ණ හැකියාවක් කොළඹ කාර්යාලය සතු ය.
Intrepid ගෝලීය සමුළුව 2025 පෙබරවාරි 24 සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. ඊට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක පිහිටි සමාගමේ කාර්යාල 40කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන 200කට අධික ජාත්‍යන්තර සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ. තව ද, Intrepid Travel සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, සම-නිර්මාතෘවරු, ප්‍රධාන කළමනාකරණ කණ්ඩායම සහ 300කට වැඩි දේශීය කාර්යමණ්ඩලය ද සම්බන්ධ වීමට නියමිත ය.
දින හතරක් පුරා පැවැත්වෙන සමුළුවට, ක්‍රමෝපායික සාකච්ඡා, නායකත්ව වැඩමුළු, දේශීය ප්‍රජා සහභාගීත්වය සහිත වැඩසටහන් මෙන්ම නිරීක්ෂණ සංචාර ද ඇතුළත් ය. Intrepid සමාගම සිය ව්‍යාපාර කටයුතුවලට නායකත්වය ලබාදීම වෙනුවෙන් කාර්යමණ්ඩලයට ප්‍රමුඛ වගකීමක් හිමිවන ආකාරයේ ශක්තිමත් සහ ඍජු දායකත්වයක් සහිත ආයතනනික සංස්කෘතියක් පවත්වාගෙන යයි. ඒ අනුව මෙවර සමුළුවේ ක්‍රියාකාරකම්වලින් එම පුළුල් අරමුණු ද සාක්ෂාත් කරගැනීමට හැකිවනු ඇත. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සහභාගී කරවාගැනීමෙන් ගෝලීය කණ්ඩායම් සවිබලගැන්වීම සහ සමාගමේ ආසියානු ව්‍යාප්තිය වැඩිකිරීමට ඇති වුවමනාව ද හොඳින් පෙන්නුම් කෙරේ.
2024 ශ්‍රී ලංකා ජාතික සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත්ම ළබැඳි සහකරු සම්මානය දිනාගැනීමට Intrepid සමාගම සමත්වීම ද තවත් විශේෂත්වයකි. එම සම්මාන උළෙලේදීම හොඳම තිරසර භාවිතාව සඳහා නිර්දේශිත අවසන් සමාගම් අතරට ද Intrepid සමාගම නම්වී තිබුණි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට අප සමාගමේ ප්‍රධානම කාර්යාලයක් බවට පත්ව අවසන්. අපේ පාරිභෝගිකයනුත් මෙම විශිෂ්ට සහ සුන්දර දිවයින නැරඹීමට මහත් රුචිකත්වයක් දක්වනවා″, යනුවෙන් Intrepid Travel සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් තෝර්ටන් මහතා පැවසුවේය. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව තුළ අපේ දැක්ම හුදෙක් සංචාරක කර්මාන්තයෙන් ඔබ්බට විහිදී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ තිරසර වර්ධනය සමඟ අර්ථාන්විත සහ ස්ථීරසාර බලපෑමක් ඇතිකිරීම අපේ අරමුණයි. අපගේ පාරිභෝගිකයන් අතුරින් බොහෝදෙනෙක් ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස තෝරාගැනීමෙන් ශ්‍රී ලංකාව සතු දැවැන්ත විභවතාව හඳුනාගත හැකියි. එහිදී දේශීය ප්‍රජාවත් මෙම සාර්ථකත්වයේ පංගුකාරයෙක් කරගැනීමට අපි සහතික වෙනවා. එනිසා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ලෝකයට ගෙනයන අතර දේශීය ව්‍යාපාර සහ ප්‍රජාවට සහාය වීමට හැකිවීම ගැනත් අපි බෙහෙවින් සතුටට පත්වෙනවා″, යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2024 වසරේදී Intrepid Travel සමාගම ශ්‍රී ලංකාව වෙත සංචාරකයන් 4,000කට වැඩි ගණනක් ගෙන ආ අතර, එය 2023 වසරට සාපේක්ෂව සියයට 206ක වර්ධනයකි. එමෙන්ම එය කොවිඩ්-19 කාලයට පෙර පැමිණි ගණන ද ඉක්මවායෑමකි. වර්ෂ 2030 වනවිට සංචාරකයන් 15,000ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සමාගම සැලසුම් සකස්කර තිබේ. ඒ හරහා මෙරට දේශීය ප්‍රජාවට, සංචාරක මඟපෙන්වන්නන්ට මෙන්ම දේශීය ව්‍යාපාරවලට ද ආර්ථික ප්‍රතිලාභ රැසක් උදාවනු ඇත.
අපගේ ගෝලීය නායකත්ව කණ්ඩායම මෙන්ම ගෝලීය සගයන් ද කොළඹදී පිළිගැනීමට ලැබීම අපට විශාල ප්‍රීතියක්. එය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සතු ආකර්ෂණ විදහා දැක්වීමටත්, අපගේ සංස්කෘතික විවිධත්වය පිළිබිඹු කිරීමටත් කදිම අවස්ථාවක්. ඒ සියල්ල අතරේ අප සමාගමේ දැවැන්තම වාර්ෂික හමුවීම අපේ රටේ පැවැත්වීමට හැකිවීමත් අප ලද භාග්‍යයක්″, යනුවෙන් Intrepid Travel සමාගමේ මෙරට සාමාන්‍යාධිකාරී පූර්ණක දැල්පචිත්‍ර මහතා පැවසුවේය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය පීඩනය ලිහිල් කරමින් ණය ඇපකර සැපයීම සඳහා ජාතික ණය ඇපකර ආයතනයක් ණය කෙටුම්පත් කරන්නන්ගෙන් ඇපකර ගැනීමට බැංකුව
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීමට ජපානය විසින් යෙන් මිලියන 300 ක (රුපියල් මිලියන 565 ක්) ප්
ව්‍යාපාරික විශ්වාසය මනින දර්ශකය, අඛණ්ඩව සිව්වැනි මාසය සඳහා ඉහළ යෑමක් පෙන්නුම් කර ඇතැයි ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාවේ පෙබරවාරි කලාපයේ සඳහන් ව
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ස
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 15 ක් වටිනා හරිත බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. බැංකුවේ අධ
නිදහස් දින නිවාඩුවට පෙර, ආයෝජකයන්ගේ උනන්දුව අඩුවීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය, ඍණාත්මක බවක් පෙන්නුම් කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
Intrepid 2025 ගෝලීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට