IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


Marx Crossboarder ලංකාවේ මුදල් රහිත ගනුදෙනු කටයුතුවලට මග විවර කරයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Marx සන්නාමය යටතේ ක්‍රියාත්මක වන Marx Crossboarder Payments (Pvt) LTD විසින් නිර්මාණශීලීත්වය සහ මනා ඔරොත්තු දීමේ හැකියාව සමඟ පැමිණි විප්ලවීය ගමන් මගෙහි පස්වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරන ලදී. ආරම්භයේ සිට වර්තමානය දක්වා වූ කාල පරිච්ඡේදය පුරාවට සමාගම, මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස වර්ධනය වී ඇති අතර සියලු‍ම පරිමාණයේ ව්‍යාපාර සමාගම් සවිබල ගන්වමින් රටේ ඩිජිටල් ගනුදෙනු කටයුතු ඉහළ නැංවීම සඳහා විප්ලවීය දායකත්වයක් සපයා ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් Marx Crossboarder Payments සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රෝහිත පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. ”‍ඩිජිටල් පරිවර්තනය යනු තවදුරටත් සුඛෝපභෝගී දෙයක් නොවෙයි. එය අවශ්‍යතාවක්. ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු ප්‍රධාන වශයෙන් මුදල් මත පදනම් වී ක්‍රියාත්මක වූවද, ගෝලීය ආර්ථිකය මේ වන විට ඩිජිටල් ගනුදෙනු දෙසට වේගයෙන් ගමන් කරමින් සිටිනවා. නිර්මාණශීලී සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ගෙවීම් විසඳුම් රැසක් හඳුන්වාදෙමින් මෙම පරතරය අවම කිරීමට සිය දායකත්වය ලබා දීමට Marx Crossboarder Payments සමාගම කැපවී සිටිනවා. අපගේ all-in-one point-of-sale පද්ධතිය ඔස්සේ ලෝකයේ ප්‍රථම වරට වෙළෙඳ සහ වාණිජ කටයුතු පිළිබඳ විප්ලවීය වෙනසක් ඇති කරමින් අපගේ ආර්ථිකයේ පදනම වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඩිජිටල් ගනුදෙනු සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෝකයක් වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව සහතික කරනවා.”‍

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණදෙන විවිධ දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු කරමින් ඕනෑම iOS හෝ Android උපාංගයක් බලවත් විකුණුම් පද්ධතියක් බවට පරිවර්තනය කළ හැකි ආකාරයේ all-in-one point-of-sale (POS) විසඳුමක් Marx Crossboarder Payments සමාගම විසින් නිර්මාණය කර තිබේ. වෙළෙඳසල් ස්වයංක්‍රීය කිරීම සඳහා අවශ්‍ය වන ඉහළ ආයෝජන හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන දුෂ්කරතා සඳහා මෙම තාක්ෂණය මනා විසඳුමක් වනු ඇත.මෙම තාක්ෂණික මෙවලම සඳහා දේශීය හා ජාත්‍යන්තර ගෙවීම් ක්‍රම අටක් ඒකාබද්ධ කර ඇති අතර ඒ ඔස්සේ ප්‍රධාන වෙළෙඳ සමාගම්වලට සමාන වාසි රැසක් කුඩා පරිමාණයේ ව්‍යවසාකයන්ට ද පිරිනමයි. AI තාක්ෂණයෙන් බල ගැන්වෙන මෙහි Loyalty වැඩසටහන ඔස්සේ පාරිභෝගිකයන්ට වට්ටම් පිළිබඳ මෙන්ම සජීවීව ඔවුන් උපයාගත් මුදල් සහ ලබාගත් ත්‍යාග පිළිබඳ තොරතුරු ද එකම වේදිකාවකින් ලබා ගත හැකිය.

රෝහිත පෙරේරා මහතා මේ පිළිබඳ තවදුරටත් සිය අදහස් එකතු කළේ මෙසේය. ”‍අපගේ ඉලක්කය වන්නේ තරගකාරි බව බිඳ දැමීමයි. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර පාරිභෝගිකයන් රඳවා තබා ගැනීම සහ දෘශ්‍යතාව පවත්වා ගැනීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් අභියෝග රැසකට මුහුණ දෙනවා. AI බලයෙන් ක්‍රියාත්මක වන Loyalty වැඩසටහන සහ මෘදු විකුණුම් පද්ධතිය ඔස්සේ වඩාත් ඵලදායී ලෙස ව්‍යාපාර සිදුකිරීමට අවස්ථාව උදා කරන අතර සෑම ගනුදෙනුවක් හරහාම ගනුදෙනුකරුවන් වෙත වටිනාකමක් එකතු කරන බව සහතික කරනවා. අනාගතයේදී ව්‍යාපාර වර්ධනය එලෙස සිදුවන අතර අපගේ සමාගම මෙම ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන් සිටීම අපිට සැබෑ ගෞරවයක්.”‍

ආහාර ලබා ගැනීමේ අත්දැකීම වඩාත් සරල කරමින් ස්මාර්ට් අවන්හල් QR ආහාර Menu සහ මේස වෙන්කර ගැනීම සඳහා Marxdine ද Marx Crossboarder Payments මඟින් ඉදිරිපත් කර ඇති අතර එය රටේ ආර්ථික වර්ධනය සඳහා සංචාරක අංශය දියුණු කිරීමේ රජයේ වැඩපිළිවෙළට ද උපාය මාර්ගික සහය ලබාදෙයි.ගෝලීය වශයෙන් විමසූ විට අවන්හල්වලින් සියයට 88ක් ඩිජිටල් Menu ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇති අතර පාරිභෝගිකයන්ගෙන් සියයට 45ක් පමණ Smart Phone ඔස්සේ ඇණවුම් කිරීමට කැමැත්ත පළ කර තිබේ. එමෙන්ම වසංගත තත්වයෙන් පසුවද, මානව සබඳතා රහිතව ගනුදෙනු කටයුතු දිගටම සිදු කිරීම සඳහා සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් සියයට 74ක් කැමැත්ත ප්‍රකාශ කර තිබේ. මෙම දත්ත ඔස්සේ ඩිජිටල් තාක්ෂණය ආහාර අංශය වෙත ඉතා වේගයෙන් පැමිණ ඇති බව පැහැදිලිය. ඵලදායීතාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් සියයට 75ක් පමණ ක්‍රියාකාරීව ඩිජිටල් නවෝත්පාදන භාවිත කරන අතර QR Menu සමඟ සාමාන්‍ය ඒවා සියයට 92 ක් ඒකාබද්ධ කරන බැවින්, අවන්හල් ඒ සඳහා නිසි පරිදි ප්‍රතිචාර දක්වයි. QR කේත ඇණවුම් කිරීමේ පද්ධති ක්‍රියාත්මක කිරීමේදී Menu යාවත්කාලීන කිරීමට ඇති අවශ්‍යතාව අඩු වන අතර ඒ සඳහා යෙදවිය යුතු මිනිස් බලය අවම වන බැවින් මේ ඔස්සේ පමණක් පිරිවැය සියයට 30කින් අඩු කළ හැකිය. එමඟින් මේ තුළින් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි අදහසක් ලබාගත හැකිය. 



අදහස් (0)

Marx Crossboarder ලංකාවේ මුදල් රහිත ගනුදෙනු කටයුතුවලට මග විවර කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

යෝජිත නව ගාස්තු ක්‍රමයෙන් පුනර්ජනනීය ව්‍යාපෘති 200ක් කොටඋඩ
2025 අප්‍රේල් මස 02 26 0

කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති යෝජිත නව ගාස්තු ක්‍රමය හේතුවෙන් පුනර්ජනනීය ව්‍යාපෘති 150ත් 200ත් අතර ගණනක් අතරමග නතර වී තිබෙන බවත් එම ව්‍යාපෘති ඇන හිටිය


බදු සහන හේතුවෙන් රජයට 2023/24 දී රු. බි. 966 ක් අහිමිවෙලා
2025 අප්‍රේල් මස 02 13 0

රජය බදු වියදම් ලෙස සටහන් කර ඇති බදු සහන හේතුවෙන් රජයට 2023/24 මූල්‍ය වර්ෂයේදී බදු ආදායම ලෙස ඉපැයීමට හැකියාව තිබූ රුපියල් බිලියන 966 ක් පමණ මුදලක් රජයට අහිමි ව


DFCC බැංකුවෙන් නව ආයෝජන බැංකුවක්
2025 අප්‍රේල් මස 02 18 0

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව වත්කම් කළමනාකරණ සහ ආයෝජන බැංකුකරණ සේවා වෙනුවෙන් සිය පූර්ණ හිමිකාරීත්වය සහිත නව බැංකුවක් ස්ථාප


LOLC Finance කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් අත්හරී
2025 අප්‍රේල් මස 02 17 0

LOLC සමූහයට අයත් LOLC Finance PLC සමාගම සතුව පැවැති කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් (CIB) සමාගමෙහි සියයට 40 ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමූ බව එම සමාගම පවසයි.


ටී. සෙන්තිල්වර්ල් ලංකෙම් සිලෝන්හි තවත් කොටස් මිලියනයක් මිලදී ගනී
2025 අප්‍රේල් මස 02 11 0

මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන වෛද්‍ය තිරුඤානසම්බන්දර් සෙන්තිල්වර්ල් මහතා විසින් ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමෙහි තවත් කොටස් 1,000,000 ක


ස්විට්සර්ලන්තය - ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා තර කෙරේ
2025 අප්‍රේල් මස 02 12 0

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site