NDB බැංකුව පසුගිය දා යාපනයේ නෝර්ත් ගේට් හෝටල් පරිශ්‍රයේදී උතුරු ප්‍රාදේශිකය ආවරණය කරමින් පාරිභෝගික හමුවක් පැවැත්විය. මෙම අවස්ථාවට බැංකුවේ ඉහළම පෙළේ ගනුදෙනුකරුවෝ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ අපනයනකරුවෝ සහ ආරාධිතයෝ 100 ආසන්න පිරිසක් රැස් වූහ, එමඟින් පැමිණ සිටි පිරිසට සබඳතා ගොඩනැංවීම, විවිධ දැනුවත් වීම් සහ වර්ධනය සඳහා අවශ්‍ය කටයුතු නිර්මාණය කරගැනීම සඳහා සුදුසු අවස්ථාවක් විය.
උතුරු කලාපයේ ගනුදෙනුකරුවන් සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ, පෞද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික සේවා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපසභාපති සංජය පෙරේරා, ව්‍යාපාර බැංකුකරණය පිළිබඳ උපසභාපති ඉන්දික රණවීර, පෞද්ගලික බැංකුකරණය පිළිබඳ උපසභාපති සෙයාන් හමීඩ් සහ උප සභාපති, ප්‍රධාන අවදානම් නිලධාරී ඇලෙක්ස් පෙරේරා ඇතුළු NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෝ මෙම හමුවට සහභාගී වූහ.
වටිනා සබඳතා අවස්ථා ලබා දීමට අමතරව, මෙම හමුවේ දී පුළුල් දැනුවත් කිරීමේ සැසියක් පැවැත්වූ අතර, එහි දී NDB බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කරන ලද මූල්‍ය විසඳුම් මාලාව ප්‍රදර්ශනය කරන ලදී. නව්‍ය ණය පහසුකම් විසඳුම් වල සිට අපනයන මූල්‍යකරණ විකල්ප දක්වා, NDB බැංකුවේ සේවා පාරිභෝගිකයන්ගේ ව්‍යාපාරික අභිලාෂයන්ට සහාය විය හැකි ආකාරය සහ තිරසාර වර්ධනයක් ඇති කළ හැකි ආකාරය පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කිරීමට සහ ඔවුන් බලගැන්වීමට වේදිකාවක් ලෙස මෙම අවස්ථාව පවත්වනු ලැබීය.උත්සවයේදී සභාව අමතමින් NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා ගනුදෙනුකරුවන් සමඟ මෙලෙස සම්බන්ධ වීමේ සහ ඔවුන්ගේ සාර්ථකත්වය කරා යන ගමනට සහාය වීමේ වැදගත්කම අවධාරණය කළේය. තව දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය. NDB බැංකුව, අපගේ ගනුදෙනුකරුවන් සමඟ ශක්තිමත්, සහයෝගී සබඳතා වර්ධනය කිරීම, ඔවුන්ගේ අභිලාෂ තේරුම් ගැනීම සහ ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට ඔවුන්ට අවශ්‍ය බලය ලබා දෙන විසඳුම් ලබා දීම පිළිබඳව අපි දැඩිව විශ්වාස කරමු. උතුරු පළාත තුළ පුළුල් විභවයක් ඇති අතර, මෙවැනි හවුල්කාරිත්ව හරහා එම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට සහාය වීමට අපි කැපවී සිටින්නෙමු. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, අපනයනකරුවන් සහ අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන්ගේ අභිලාෂ සපුරාලමින් විශ්වාසදායක මූල්‍ය හවුල්කරුවකු වීමේ NDB බැංකුවේ මෙහෙවර මෙම උත්සවය පැවැත්වීම මඟින් තහවුරු කරන ලදී.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
NDB බැංකුවෙන් යාපනයේදී පාරිභෝගික සබඳතා හමුවක්