IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


NDB බැංකුවෙන් අපනයනකරුවන්ට විශේෂ සැසියක්

NDBබැංකුව ශ‍්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත් කිරීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීම තහවුරු කරමින්  අපනයනකරුවන් සඳහා තවත් සාර්ථක විශේෂ සැසියක් පවත්වන ලදී. මෙම වැඩසටහන අපනයනකරුවන් සහ ප‍්‍රධාන කොටස්කරුවන් රැසක් එක්රැස් වන කුරුණෑගල නගරයේ පැවැත්විණි.  අපනයන සංවර්ධනය සහ වර්ධනය වේගවත් කිරීමේදී NDB බැංකුවේ ව්‍යාපාරික බැංකු සේවාවල උපාය මාර්ගික කාර්යභාරය කේන්ද‍්‍ර කරගත් අර්ථවත් සාකච්ඡා සඳහා පැමිණි සිටි පිරිස දායක වූහ.
දේශීය ව්‍යවසායකයන්ගේ සහ තම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යාමේ අභිලාෂය සහිත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඇති අවස්ථා විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු කළ ඉතා  වැදගත් දැනුම බෙදාගැනීමේ වේදිකාවක් ලෙස මෙම සැසිය පැවැත්විණි. දිනෙන් දින වෙනස් වෙමින් පවතින ගෝලීය වෙළෙඳපොළේ ශ‍්‍රී ලාංකික අපනයනකරුවන්ට සාර්ථකත්වයට පත්වීමට උපකාර කිරීම වෙනුවෙන්ම සකස් කළ මූල්‍ය විසඳුම් උපදේශන සේවා පිළිබඳවත්ල ව්‍යාපාරික ධාරිතා ඉහළ නැංවීමට ලබාදෙන සහය පිළිබඳවත් NDB බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය විසින් පැමිණි සිටි පිරිස දැනුවත් කරන ලදී.
NDBබැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරල මධ්‍ය වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණ අංශයේ උප සභාපති ඉන්දික රණවීර මහතා විසින් පිළිගැනීමේ කතාව සහ වැඩසටහන පිළිබඳ කෙටි හැඳින්වීමකින් උත්සවය ආරම්භ කළ අතර ඔහු ශ‍්‍රී ලංකාවේ අපනයන වෙළෙඳාමේ වර්ධනයට පහසුකම් සැලසීම සඳහා NDB බැංකුවේ දිගුකාලීන සැලසුම් පිළිබඳවද අදහස් දක්වන ලදී. මෙම සැසියේ මූලික පරමාර්ථය ඉස්මතු කරමින්  ජාත්‍යන්තර මට්ටමේ තරගකාරී අපනයනකරුවන් බවට පරිවර්ථනය වීමේදී ව්‍යාපාරික බැංකුකරණ ගනුදෙනුකරුවන්ට සහය වීම උදෙසා NDBබැංකුවේ ඇති උපායමාර්ගික සැලසුම් පිළිබඳවද මෙහිදී අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාවට ආරාධිත කථිකයා ලෙස සහභාගී වූයේ අධ්‍යක්ෂ කාර්මික නිෂ්පාදන - මනෝජා දිසානායක මහත්මිය වන අතර, ඇය ශ‍්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත‍්‍රයේ අවස්ථා සහ දේශීය ව්‍යවසායකයන්ට ගෝලීය ඉල්ලූමේ ඇති නව ප‍්‍රවණතාවලට ඔවුන්ගේ නිෂ්පාදන සූදානම් කළහැකි ආකාරය පිළිබඳ වටිනා දේශනයක් ඉදිරිපත් කරන ඇයගේ දේශනයෙන් රටේ කාර්මික අපනයන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ව්‍යාපාරවල ඔරොත්තු දීමේ හැකියාව නිෂ්පාදන නවෝත්පාදනය සහ බැංකු සහ වෙනත් ආයතන වල දායකත්වයේ වැදගත්කම ද ඉස්මතු කළාය.
ඉන්පසුවල ජාත්‍යන්තර වෙෙළඳ මූල්‍ය ප‍්‍රාග්ධන කළමනාකරණය, ව්‍යාපාරික ගනුදෙනු බැංකුකරණය සහ අපනයන පහසුකම් සැපයීම සම්බන්ධ අතිශය වැදගත් මාතෘකා පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන ලද සාකච්ඡා වටයක් ද පැවැත්විණි. මෙම සාකච්ඡා NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් පැවති අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මධ්‍ය වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණය පිළිබඳ උප සභාපති ඉන්දික රණවීර උප සභාපති - භාණ්ඩාගාර දමිත සමරනායක සහ ව්‍යාපාර ගනුදෙනු බැංකුකරණය සහ වෙළෙඳ මෙහෙයුම් පිළිබඳ සහකාර උප සභාපති තිලංක එස්. වීරසිංහ යන මහත්වරු සහභාගී වූහ. මීට අමතරව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB)  ප‍්‍රාදේශීය සංවර්ධන වැඩබලන අධ්‍යක්ෂ ඩී. එම්. පී. දිසානායක මහතා සම්බන්ධ වූ අතර ඔහු විසින් මේ හා සම්බන්ධ ජාතික ප‍්‍රතිපත්තිය පිළිබඳව සිය අදහස් එකතු කරන ලදී. මෙම සාකච්ඡා සැසිය මෙහෙයවනු ලැබුවේ NDB බැංකුවේ කලාපීය ව්‍යාපාර බැංකුකරණ ප‍්‍රධානී/ ප‍්‍රධාන කළමනාකරු නිලේන්ද්‍ර විතානගේ මහතා විසිනි.

 



අදහස් (0)

NDB බැංකුවෙන් අපනයනකරුවන්ට විශේෂ සැසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site