NDB බැංකුව කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ගේ සංගමයේ (HCC, OBU) සාමාජිකයන් වෙනුවෙන් ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීමට සම්බන්ධ වී ඇත. මෙම හවුල්කාරිත්වය සඳහා නිල ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය පසුගියදා NDB බැංකු නවම් මාවත පරිශ‍්‍රයේදී NDB බැංකුවේ සහ කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
HCC ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත, කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ගේ සංගමයේ සාමාජිකයන් සඳහාම සුවිශේෂීව සකස් කර ඇති අතර, ඔවුන්ට වඩාත්ම වැදගත් ප‍්‍රතිලාභ රැසක් ලබා දෙයි. මුල්‍ය පහසුවට අමතරව, පළමු වසරේ වාර්ෂික ගාස්තුව අය නොකිරීම, වාරික ගෙවීමේ සැලසුම් සහ හවුල්කාර වෙළෙඳ ආයතන රාශියකින් විශේෂ වට්ටම් සහ දීමනා ඇතුළු සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් මෙමඟින් හිමිකර දෙයි. NDB බැංකුව විසින් HCC, OBU සාමාජිකයන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි සකස් කරන ලද තරඟකාරී මූල්‍ය සේවා වැනි සුවිශේෂී වරප‍්‍රසාද ද කාඩ්පත් හිමියන්ට හිමි වේ.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පෞද්ගලික බැංකුකරණ සහ පාරිභෝගික සේවා, සංජය පෙරේරා මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ‘‘මෙම සුවිශේෂී ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත එළිදැක්වීමට කළුතර සිරිකුරුස විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම අපි ගෞරවයක් කොට සලකනවා. මෙම හවුල්කාරිත්වය එක් එක් පුද්ගලයන් සඳහා ගැළපෙන විශේෂතව වූ පුද්ගලාරෝපිත බැංකුකරණ විසඳුම් හඳුන්වා දීම සහ ඒ හරහා සමස්ත සමාජය සවිමත් කිරීම වෙනුවෙන් අපගේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂියක්ද වෙනවා.
HCC හි ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති ලූෂන් ඇල්වරේස්, මෙම සහයෝගීතාව සඳහා කෘතඥතාව පළ කරමින් මෙසේ ප‍්‍රකාශ කළේය. ‘‘ NDB බැංකුව සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය අපගේ සාමාජිකයන්ට සහ අප සියලූ දෙනාට මඟහසර කියාදුන් අපගේ පාසලට කෘතගුණ දැක්වීමේ වැදගත් පියවරක්. එය ශක්තිමත් සහ වඩාත් එකමුතු කණ්ඩායමක් ගොඩනැගීම සඳහා වන අපගේ ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයක්.
වසර 125කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් සහිත කළුතර සිරිකුරුස විදුහල, කොළඹ, එක්සත් රාජධානිය සහ ඕස්ටේ‍්‍රලියාව පුරා විහිදී ඇති ශක්තිමත් ආදි ශිෂ්‍ය ජාලයක් ගොඩනගා ඇත. ආදි ශිෂ්‍ය සංගමය විසින් ආදි ශිෂ්‍යයන් ඒකරාශී කර පාසලේ උන්නතියට දායක වීම සඳහා ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.
HCC OBU සමඟ ඇති මෙම හවුල්කාරිත්වය නව්‍ය මූල්‍ය විසඳුම් ඉදිරිපත් කරමින් සමාජය සවිබල ගැන්වීමේ NDB බැංකුවේ මෙහෙවර තහවුරු කරයි. HCC ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීම කළුතර සිරිකුරුස විද්‍යාලයේ උරුමය සැමරීමක් පමණක් නොව එහි වත්මන් සහ ඉදිරි කාර්යයන් සඳහා සහය දැක්වීමේ සුවිශේෂි පියවරක් වේ.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
NDB බැංකුවෙන් කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ට සුවිශේෂී ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පතක්