මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Phoenix Industries සමාගමේ නවතම නිෂ්පාදන පෙළ ඉකුත් ජනවාරි 23 කොළඹ පෝට් සිටි පරිශ්‍රයේදී එළිදක්වන ලදී. ගුණාත්මකභාවය, නවීනත්වය, නිර්මාණශීලීත්වය යන අංශවලට ප්‍රමුඛත්වය දෙමින් විවේක ගැනීම, අසුන් ගැනීම, ගබඩා කිරීම වැනි බහුවිධ අවශ්‍යතා සැපිරිය හැකි ලෙස මෙම භාණ්ඩ නිපදවා තිබේ.
විවේකයෙන් කාලය ගත කිරීමට භාවිත කළ හැකි Nap Foldable Hammock ඒ අතර ප්‍රධාන වේ. එය කොටස් දෙකකට නවා කුඩා ඉඩක වුවත් තැබිය හැකි අතර ආනතිය වෙනස් කර පහසු ආකාරයෙන් ඉඳ ගැනීමට භාවිත කළ හැකිය. භාවිත කරන්නන් සුව පහසුවෙන් තබන ෆැබ්රික් වර්ගයකින් නිපදවා ඇති එය Phoenix සමාගමේ ෆැබ්රික් සහ රෙසීන් මිශ්‍ර පළමු පුටුව වේ. තවත් නිෂ්පාදනයක් වන Cala Foldable Comfort Chair අවශ්‍ය ඕනෑම ස්ථානයකට රැගෙන යා හැකි ලෙස සකසා ඇත. කුඩා ඉඩකට ගැළපෙන ලෙස සකසා ඇති Flip Foldable Table පහසුවෙන් නැවීමටත්, දිග හැරීමටත් හැකිය. හැඩකාර සහ ශරීරයට සුව පහසු ලෙස අසුන් ගැනීමට සකසා ඇති Kyo පුටුව ඕනෑම අවකාශයක අපහසුවකින් තොරව තැබිය හැකිය. එය ක්‍රියාකාරිත්වය සහ නවීන සෞන්දර්යය එකට මුසු කරයි. Cocktail Bar Stool අලංකාරත්වය සහ සුව පහසුව කැටි වූ තවත් හඳුන්වා දීමකි. එය අවන්හලකට ඉතා සුදුසු වේ. මෙම නවතම නිෂ්පාදන පෙළට ඕනෑම ආහාර වර්ගයක් ගබඩා කළ හැකි නවීන මෝස්‌තර සහිත භාජනද ඇතුළත් වේ.
එදිනෙදා ජීවිතය වඩාත් පහසු කර ගැනීමට උපකාර වන නිෂ්පාදන රැසක් පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇති Phoenix සමාගම සරල බව, ක්‍රියාකාරී බව සහ විශිෂ්ට වර්ණ සංයෝජනය එකට කැටි කරයි. මාර්ගගත ක්‍රමයට සහ වැලිසර, පානදුර හා බත්තරමුල්ලේ පිහිටි ශාඛාවලට ගොස් මෙම නවතම නිෂ්පාදන පෙළ මිල දී ගැනීමට හැකිය.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
Phoenix නව නිෂ්පාදන එකතුවක්