ව්‍යවසායකයින් 15000ක් නිර්මාණය කිරීම අරමුණක්
දේශීය ආර්ථිකය සවිබල ගැන්වීමක්
දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවක් වන RDB බැංකුව රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ව්‍යවසායකයන් දිරි බල ගැන්වීමේ දැවන්ත කාර්යයක නිරතව සිටි. ශාඛා 272 ක් පුරා විහිදුණු 3000 කට වඩා සේවක පිරිසකින් යුතු RDB බැංකුව ආර්ථික සංවර්ධනයේ පෙර ගමන්කරුවකු ලෙස වසර 40 කට ආසන්න කාලයක් පුරා සුවිශාල කාර්ය භාරයක් ඉටු කරමින් සිටී.
ව්‍යවසායක ආර්ථිකයක් බිහි කිරීමේ රජයේ සංකල්පය වන “ව්‍යවසායක උන්මාදයක්” ඇති කිරීමේ වැඩසටහනට සමගාමීව ව්‍යවසායකයන් 15,000 ක් නිර්මාණය කිරීමේ වැඩසටහන RDB බැංකුව විසින් ආරම්භ කර ඇත.
“ආර්ථික සංග්‍රාමයේ RDB මෙහෙයුම් ක්‍රියාන්විතය – ව්‍යවසායකයන් 15,000ක බලකායක් ජාතික ආර්ථිකයට” යන තේමාව ඔස්සේ සෑම ග්‍රාම සේවක කොට්ඨාසයකින්ම අවම වශයෙන් එක් ව්‍යවසාකයෙක් බැඟින් ව්‍යවසායකයන් 15,000 ක් වසරක් තුළ බල ගැන්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. එසේ ගොඩනැගෙන ව්‍යවසායකයන් 15,000 වටා ධීවර, කෘෂි, කර්මාන්ත, පශු සම්පත් වැනි නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍ර නියෝජනය කරමින් ප්‍රධාන ව්‍යවසායකයා වටා ගොනුවුණු ව්‍යවසායක පොකුරක් නිර්මාණය කර ග්‍රාමීය ව්‍යවසායකත්ව සංවර්ධනය ඉලක්ක සපුරා ගනිමින් දේශීය ආර්ථිකය සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ ඉලක්කය වේ.
ව්‍යවසායකයින් සඳහා ණය ප්‍රතිපාදන ලබා දීමට අමතරව මුල්‍ය පාලනය හා විනය, නවීන තාක්ෂණික ක්‍රම, නව වෙළඳපොල අවස්ථා සහ අත්‍යාවශ්‍ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් මුල්‍යමය වශයෙන් හා දැනුමින් සන්නද්ධ වූ ව්‍යවසායක බලකායක් නිර්මාණය කිරීමද මෙහිදී සිදු වීණි.
තවද ව්‍යවසායක ප්‍රජාවගේ නිෂ්පාදන නොමිලේ අලෙවි කිරීම සඳහා වෙබ් අඩවියක් හදුන්වා දීමටද බැංකුව කටයුතු කර ඇත.
මෙම වැඩසටහනේ ජාතික සාමාරම්භක උළෙල RDB බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතාගේ සහ සාමාන්‍යාධිකාරි ජනිත ප්‍රියශාන්ත මහතාගේ ආරාධනයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ආමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතරදී පැවැත්විණි. මෙහිදී දකුණු පළාතේ ග්‍රාමසේවා කොට්ඨාස 250ක් නියෝජනය කරමින් ව්‍යවසායක ව්‍යවසායිකාවන් 250ක් සඳහා රු.මිලියන 500කට අධික ණය පහසුකම් ප්‍රදානය කෙරුණි.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
RDB බැංකුවෙන් මාතර ව්‍යවසායකයන්ට ණය