IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


RIDE සහ Bikerholics එකතුවෙන් Freedom RIDE යතුරුපැදි සවාරියක්

ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දිනය අභිමානයෙන් සැමරීමට, Bikerholics සංවිධානය කළ 4 වැනි වාර්ෂිකFreedom RIDE යතුරුපැදි සවාරියට ශ්‍රී ලංකාවේ දේශීයව නිසි පදනමකින් නිෂ්පාදනය කළ පළමු ශක්ති ජනක පානය වන RIDE විසින් අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී. 2025 පෙබරවාරි 4 වැනි දින පැවැත් වූ මෙම යතුරුපැදි සවාරිය අප රටේ නිදහසේ සහ එකමුතුකමේ ජාතික හැඟීම විදහා දක්වන්නක් විය.

හැත්තෑ දෙනකුට අධික යතුරුපැදි ධාවකයන්ගෙන් සමන්විත මෙම වර්ණවත් යතුරුපැදි සවාරිය, දෙපානම කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයෙන් ආරම්භ වූ අතර, දර්ශනීය මාර්ග ඔස්සේ ගමන් කරමින් ටොරින්ටන් කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රය වෙත පැමිණෙන ලදී. එහි දී යතුරුපැදි ධාවකයන් සමඟ එක්ව RIDE සිය නිෂ්පාදන ප්‍රවර්ධන ක්‍රියාකරකම් රැසක් සංවිධානය කරනු ලැබීය. ඉන් පසු යතුරුපැදි සවාරිය කොළඹ ගාලු මුවදොර වෙත පැමිණි අතර, එහි දී යතුරුපැදි සවාරිය අවසානය සනිටුහන් විය.

ගාලු මුවදොර පිටියේ දී ධාවකයන් සියලු දෙනා දල සහභාගී වූ අනෙකුත් පිරිස ද ජාතික නිදහස් දිනය වෙනුවෙන් එක් වී, මෙම ගමනෙහි අත්දැකීම් බෙදා ගනිමින්, නිදහස් දිනය උත්කර්ෂවත්ව සැමරීම සිදුකෙරුණි. මෙම Freedom RIDE යතුරුපැදි සවාරිය විශාල පිරිසකගේ සහභාගීත්වය හා උනන්දුව දිනාගැනීමට සමත් වූ අතර, එය නිදහස සැමරීමට සහ ප්‍රජා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමට මනා වේදිකාවක් සපයන ලදී. 

වෙළඳපොළේ ප්‍රමුඛ පෙළේ ශක්ති ජනක පාන සන්නාමයක් වන RIDE උසස් තත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත්  පිළිගත් ගෝලීය ශක්ති ජනක පාන සන්නාමයන් හා සමානව සිටින අතර, ජාත්‍යන්තර ශක්ති ජනක පාන වර්ගයකින් ලබන අත්දැකීම නොවෙනස්ව ශ්‍රී ලංකා පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට ලබා දෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පුළුල් වැඩසටහනක කොටසක් ලෙස, මෙම  Freedom RIDE යතුරුපැදි සවාරියට සහයෝගීතාවය ලබා දෙමින් යතුරුපැදි සංචාරයට ලැදි දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සහ සංචාරක බ්ලොග් කරුවන්ට රටේ සුන්දරත්වය විඳගැනීමට ඔවුන් අවස්ථාව සලසා දුන් අතර, අනාගතයේදී ද මෙවැනි  ක්‍රියාකාරකම්  සඳහා  සහයෝගය  දක්වනු ඇත. 



අදහස් (0)

RIDE සහ Bikerholics එකතුවෙන් Freedom RIDE යතුරුපැදි සවාරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ
2025 අප්‍රේල් මස 21 7 0

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්
2025 අප්‍රේල් මස 21 7 0

මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ
2025 අප්‍රේල් මස 21 11 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි
2025 අප්‍රේල් මස 21 8 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්
2025 අප්‍රේල් මස 21 8 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට
2025 අප්‍රේල් මස 21 8 0

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 425 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 425 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site