භානුක අමරසිංහ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන Softlogic Life සමාගම, Allianz සමූහයට අයත් මෙරට ක්‍රියාත්මක Allianz Life Insurance Lanka Ltd සමාගමේ සියයට 100ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමේ එකඟතාවකට පිවිසි බව පවසයි. මෙහිදී අදාළ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
Softlogic Life සමාගම සිදු කළ මෙම අත්පත් කරගැනීම එම සමාගම මගින් මෙරට පුරා සිටින පාරිභෝගිකයන් වෙත ඉතා උසස් මට්ටමේ ජීවිත රක්ෂණ නිෂ්පාදන ලබාදීමේ අරමුණ හා සමපාත වන බවත් එම සමාගම පවසයි. ඒ අනුව මේ හරහා සිය වෙළෙදපොළ කොටස තවදුරටත් පුළුල් කරමින්, දැනටමත් පවතින නිෂ්පාදන තවදුරටත් දියුණූ කරමින් සහ සිය බෙදාහැරීමේ හැකියාව ශක්තිමත් කරවීමත් මේ හරහා සිදුකළ හැකි බව සමාගම සදහන් කරයි.
එසේම දැනටමත් පවතින සක්‍රිය රක්ෂණ ඔප්පු 750,000ත් සමගින් රටෙහි විශාලතම පාරිභෝගික පදනම සහිත විශාලතම ජීවිත රක්ෂණ සමාගම ලෙස මෙම අත්පත් කරගැනීම සිය දිගුකාලීන වර්ධනය තවදුරටත් වේගවත් කිරීමට හැකියාව ලැබී ඇතැයිද Softlogic Life සමාගම පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනෙන් නිර්දේශ කර ඇති සීමා කිරීම් සමග නාස්තිය අවම කර ගනිමින් අරමුදල් වෙන් කළ යුත්තේ කෙසේද යන්න ප
දකුණු ආසියාව තුළ ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳපොළක් ගොඩ නැගීමට සහයෝගීත්වයෙන් කටයුතු කිරීම සඳහා වන මුල පිරීමක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව, බංග්ලාදේශ, පකිස්ත
2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී මෙරට ඇඟලුම් අපනයන සියයට 2.3 ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නවතම දත
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේදී ඊට අදාළ අනුකූලතාවෙන් කටයුතු කිරීමට අපොහොසත් වූ විදෙස් බැංකුවකට සහ මෙරට රක්ෂණ සමාගමකට එරෙහිව රුපියල් මිලියන 3ක දඩ පැනවූ
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම (AMF.N0000) කොළඹ කොටස් හුවමාරුව තුළ ණයකර නිකුතුවක් කිරීමට සූදානමින් සිටින බව පවසයි. ලැයිස්තුගත, වර්ගකෙරු, සු
සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා (26) කො
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
Softlogic Life සමාගම Allianz Life Insurance Lanka අත්පත් කරගැනීමට යයි