IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


SriLankan Aviation College ආයතනයට ඉහළ ඇගයුමක්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණු පාසල වන SriLankan Aviation College ආයතනය 2024 වසර වෙනුවෙන් ‘IATA Authorized Training Center (ATC) Top Performer’ ඇගයුම හිමිකර ගැනීමට සමත් විය. මෙය ලොව පුරා පිහිටා ඇති, ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ [International Air Transport Association (IATA)] අනුමැතිය හිමි ආයතන අතරින් ඉහළම මට්ටමේ සාර්ථකත්වයක් පෙන්නුම් කරන ආයතන සඳහා පමණක් හිමිවන සුවිශේෂ ඇගයුමකි. 
මෙම ජයග්‍රහණයත් සමගින් SriLankan Aviation College ආයතනය IATA සංගමයේ ‘Preferred ATC’ ආයතන අතරට ඇතුළත් වී ඇත. ජාත්‍යන්තර ගුවන් සේවා ක්ෂේත්‍රයට විශිෂ්ටයන් බිහි කිරීම සඳහා SriLankan Aviation College ආයතනය දරන උත්සාහය බෙහෙවින් සාර්ථක වී ඇති බව මෙමගින් පැහැදිලි වේ. 


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටාල් මහතා පැවසුවේ මෙය SriLankan Aviation College ආයතනය වෙත හිමි වූ සුවිශාල ගෞරවයක් බවයි. ඉහළම මට්ටමේ උපදේශකවරුන්ගේ මගපෙන්වීම යටතේ, රැකියා සඳහා ගැළපෙන උසස්ම ප්‍රමිතියකින් යුත් පුහුණුවක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබාදීමට SriLankan Aviation College ආයතනය කටයුතු කරයි. විශේෂයෙන්ම පසුගිය වසර දෙක තුළ ආයතනය සුවිශාල දියුණුවක් අත්කර ගැනීමට සමත් වී තිබේ. පසුගිය වසර වන විට ගුවන් සේවා කර්මාන්තය COVID-19 රෝග ව්‍යප්තියේ ආරම්භයට පෙර පැවති තත්වයට යළි ළඟා වූ බවත්, ඒ ඔස්සේ එම කර්මාන්තය තුළ නිර්මාණය වන රැකියා අවස්ථාවලට ගැලපෙන ගුවන් සේවා වෘත්තිකයන් බිහි කිරීමට SriLankan Aviation College ආයතනය සූදානමින් සිටින බවත් රිචර්ඩ් නටාල් මහතා වැඩිදුරටත් පැවසීය. 
SriLankan Aviation College ආයතනය මේ වනවිට ලොව ජනප්‍රියම IATA වැඩසටහන් රැසක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. IATA Foundation in Travel and Tourism ඩිප්ලෝමා පාඨමාලාව, IATA Cargo Introductory පාඨමාලාව සහ IATA Airline Cabin Crew පාඨමාලාව ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. නවීනතම පහසුකම් සමගින් ඉහළම තලයේ දැනුමක් හා පුහුණුවක් ලබා දෙන SriLankan Aviation College දිගු කලක පටන් සියලු‍ම IATA පාඨමාලා සම්බන්ධයෙන් දිවයිනේ ඉහළම ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී ඇත. 
IATA බලය ලත් පුහුණුව ලත් මධ්‍යස්ථානයක් බවට පත්වීම යනු IATA පුහුණුව සම්බන්ධයෙන් SriLankan Aviation College ආයතනය ගොඩනංවාගෙන ඇති විශ්වාසනීයත්වයට මනා සාක්ෂියකි. ආරම්භයේ පටන්ම IATA අනුමැතිය හිමි පුහුණු මධ්‍යස්ථානයක් වූ SriLankan Aviation College ආයතනය අඛණ්ඩව වසර කිහිපයක් පුරා ‘IATA Top Performing Training Center’ ඇගයුම හිමිකර ගැනීමට ද සමත් විය. 



අදහස් (0)

SriLankan Aviation College ආයතනයට ඉහළ ඇගයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 416 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 144 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 145 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 137 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 40 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 23 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 272 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site