ගෝලීය මැණික් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලොව මෙතෙක් හඳුනා ගෙන ඇති පළමු Cat’s Eye Xenotime මැණික රත්නපුර කුරුවිට ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත. කැරට් 38.88ක් බර එය දුඹුරු මිශ්‍ර කොළ පැහැයකින් යුක්ත වන අතර සුවිශේෂ බළල් ඇස් ආචරණයක් පෙන්නුම් කරයි. Xenotime වර්ගයේ මැණික්වල බළල් ඇස් ආචරණයක් තිබීම අතිශයින් දුර්ලභ සිදුවීමකි. ලොව පුරා මැණික් විශේෂඥයන්ගේ අවධානය දිනූ මෙම මැණික දුර්ලභ සහ විශිෂ්ට ගණයේ මැණික් සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රසිද්ධිය තීව්‍ර කරයි.
මෙම මැණික හඳුනා ගෙන වර්ගීකරණය කළේ මෙරට ප්‍රමුඛතම මැණික් විද්‍යාගාරය වන TGL GemLab නිර්මාතෘ ආචාර්ය කසුන් ජී. මැදිවිල ය. කසුන් ජී. මැදිවිල සහ මැණික් ව්‍යාපාරිකයකු හා මැණික් විශේෂඥයකු වන ජී. ඩී. නන්දන එදිරිසිංහ විසින් මෙම මැණික සොයා ගනු ලැබ TGL GemLab වෙත භාර දෙන ලදී. ලොව විශාලම Serendibite මැණික සහ වසර 160කට පසු ශ්‍රී ලංකාවෙන් සොයා ගත් පළමු Samarskite මැණික එදිරිසිංහ මහතාගේ සොයා ගැනීම් අතර වේ. කඩුවෙල මැණික් සහ ස්වර්ණාභරණ පර්යේෂණ මධ්‍යස්ථානයේ නලීන් ජයසිංහ වැඩිදුර පර්යේෂණ කළේය. ජාත්‍යන්තර වශයෙන් සත්‍යාපනයට මෙම මැණික ජාත්‍යන්තර ඛනිජ විද්‍යා සංගමය (IMA) සහ ඇමරිකාවේ මැණික් විද්‍යා ආයතනය (GIA) වෙත යවා තිබේ. වටිනාකම සහ දුර්ලභභාවය නිල වශයෙන් පිළිගැනීමට ලක් වුණොත් මෙය ලෝකයේ දැනට හඳුනා ගෙන ඇති එම වර්ගයේ පළමු මැණික ලෙස වාර්තා අතරට එක් වේ.
Xenotime වර්ගයේ මැණික් මූලික වශයෙන් yttrium orthophosphateවලින් (YPO₄) සමන්විත වේ. එර්බියම්, ඩිස්ප්‍රෝසියම් සහ යිටර්බියම් එහි වර්ණ සංයෝජනයට සහ දෘශ්‍ය ලක්ෂණවලට හේතු වේ.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
TGL GemLab ලොව පළමු Cat’s Eye Xenotime මැණික එළි දක්වයි