සුරක්ෂිතතා උපාංග සහ කාර්මික ඉංජිනේරු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Unique Industrial Solutions පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුරක්ෂිතතා විසඳුම් හා උපාංග සැපයුම්කරු (සුරක්ෂිතතා අංශය) සහ වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා (සුරක්ෂිතතා උපාංග සැපයුම්කරු) යන සම්මානවලින් පිදුම් ලැබුවේය.
2016දී ඇරැඹූ Unique Industrial Solutions සමාගම උසස් තත්වයේ සුරක්ෂිතතා සහ පාරිසරික විසඳුම් සැපයීම පිළිබඳව කීර්තියක් දිනා ඇත. පෞද්ගලික ආරක්‍ෂක උපාංග සඳහා වන 3M, වැටීම් ආරක්‍ෂක උපාංග සඳහා වන Life Gear, වායු හඳුනා ගැනීම සඳහා වන Watch Gas වැනි ගෝලීය වශයෙන් පිළිගත් සන්නාමවල බලය ලත් බෙදාහැරීමේ නියෝජිතයා ලෙසද එම සමාගම කටයුතු කරයි.
අපජලය පිරිසුදු කිරීම, රිවර්ස් ඔස්මොසිස් පද්ධති වැනි සේවාද සපයන Unique Industrial Solutions පරිසර ආරක්ෂණ ව්‍යාපෘති දියත් කරන සමාගම් අතර ප්‍රමුඛයෙක් වේ. තිරසාරත්වයට ප්‍රමුඛතාව දෙමින් පරිසර දූෂණය අවම කිරීමටත්, ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමටත් කැප වී සිටින එම සමාගම දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද සම්මාන සහ ඇගැයීම් රැසක් ලබා තිබේ. සුරක්ෂිතතා රටාව වැඩි දියුණු කිරීමට සිය පාරිභෝගිකයන් වෙනුවෙන් කාර්මික පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම සහ පුළුල් සමීක්ෂණ සිදු කිරීම එම සමාගමේ සුවිශේෂ ලක්ෂණයකි. බහු ජාතික සමාගම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන සමාගම්වලට සේවා සපයන Unique Industrial Solutions මේ වසරේදී GLAMMER, BRAVO සහ TUSKER යන සන්නාමවලින් ඔවුන්ගේම ආරක්‍ෂිත සපත්තු වර්ග තුනක් හඳුන්වා දීමට සැළැසුම් කර ඇත.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
Unique ඉන්ඩස්ට්‍රියල් සොලියුෂන් සමාගමට Pinnacle සම්මාන දෙකක්