|
|
හේමාස් සහHatch විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද Hemas x Hatch “Slingshot” 2.0 Accelerator වැඩසටහන, මෙරට අධ්‍යාපනික-තාක්ෂණය (Edu-tech), සෞඛ්‍ය සත්කාරක තාක්ෂණය සහ පාරිභෝගික භාණ්ඩ (FMCG), යන කර්මාන්තය තුළ වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ව්‍යාපාර කිහිපයක් හඳුන්වා දෙමින් සහ සාර්ථක ප්‍රදර්ශන දිනයක් (Demo Day) පවත්වමින් පසුගියදා අවසන් කළේය.
මෙහි අවසන් තරඟකරුවන් අට දෙනා අතරින් පාරිභෝගික කැමැත්ත අනුව සක්‍රිය කළ හැකි ”ආබාධිත පුද්ගලයන් සඳහා අවශ්‍ය උපකරණ” සපයන පුරෝගාමී සමාගමක් වන Wheelchair House ජයග්‍රාහකයා ලෙස තේරී පත් විය. අනුශූරතාව දිනාගනු ලැබුවේ විද්‍යුත් ක්‍රීඩාව පදනම් කර ගත් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය වේදිකාවක් වන Exam Hub විසිනි. කර්මාන්ත ප්‍රමුඛයන්ගේ සහ ආයෝජකයන්ගේ අවධානය සහ පිළිගැනීම ලබා ගැනීමට හැකි සුවිශේෂී නවෝත්පාදන සහ කුසලතා රැසක් මෙම සමාගම් විසින් ප්‍රදර්ශනය කළේය.
මෙම අවස්ථාවට සම්බන්ධවෙමින් හේමාස් හෝල්ඩිංග්ස් පී එල් සී හි ප්‍රධාන ක්‍රමෝපාය හා වර්ධන නිලධාරි රිස්නි ෆයිසාල් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ නවෝත්පාදන පෝෂණය කරමින් මීළඟ පරම්පරාවේ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා අප දක්වන කැපවීමේ සාක්ෂියක් ලෙසHemas x Hatch “Slingshot” 2.0 හැඳින්විය හැකියි. මේ ඔස්සේ අපි නව ව්‍යාපාර ආරම්භයට පමණක් නොව, නිර්භීත අදහස් සාර්ථක කරගැනීමට, ගොඩනැංවීමට මෙන්ම දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකි පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට ද අපගේ සහය ලබාදෙනවා. Wheelchair House සහ Exam Hub ඇතුළු Hemas x Hatch “Slingshot” 2.0 හි සියලුම අවසන් තරඟකරුවන්ගේ සාර්ථකත්වයෙන් ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ සුවිශේෂී කුසලතා මැනවින් ඉස්මතු කරන අතර ඔවුන්ගේ පරිවර්තනීය හා වර්ධනීය ගමනට සහයෝගය ලබාදෙමින් දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට ලැබීම පිළිබඳ අපි නිහතමානිව සතුටු වෙනවා.”
Hemas x Hatch “Slingshot” 2.0 ඔස්සේ සහභාගීවූවන් වෙත ව්‍යාපාර ගොඩනැංවීමට ඉවහල් වන උපායමාර්ගික මාර්ගෝපදේශනය මෙන්ම කර්මාන්ත පිළිබඳ අවබෝධය ද ලබා දෙන ලදී. මෙම නව ව්‍යවසායකයන් පසුගිය මාස 06 තුළදී ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, මෙහෙයුම් විධිමත් කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර ආකෘති සහ වර්ධන උපාය මාර්ග පිළිබඳ ප්‍රායෝගික ඉගෙනීම්වලට යොමු කළ අතර, කර්මාන්ත පිළිබඳ ගැඹුරු අධ්‍යයන සහ ක්ෂේත්‍ර චාරිකාවල ද ඔවුහු නිරත වූහ.
ශූරතාව දිනාගත් Wheelchair House , අනුශූරතාව දිනූ Exam Hub මෙන්ම Ophtha Innovations, Bistec Care, Four Elements, Phrasecode, Beautonic, Aagee.AI ආදී ආරම්භක සමාගම් රැසක් Demo Dayදී තම ප්‍රගතිය ඉහළින්ම පෙන්නුම් කළේය.
හේමාස් හි ව්‍යාපාරික විශේෂඥයන් සහHatch ජාලයේ ව්‍යාපාරික උපදේශකයන් විසින් මෙම වැඩසටහන පුරාවටම සිය විශේෂඥ දැනුම හුවමාරු කරගනිමින් ව්‍යාපාර ගොඩනැංවීම සහ එහි තිරසාරභාවය පිළිබඳ ඒ ඒ ව්‍යාවසායකයන්ට ගැළපෙන පරිඳි මග පෙන්වීමක් ලබා දෙන ලදී.
ආයෝජකයන්, ආයතනික නායකයන් සහ ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායක පද්ධතියේ ප්‍රමුඛයන් ආදී රැසක් Hemas x Hatch “Slingshot” 2.0 වැඩසටහන යටතේ ඒකරාශී වූ අතර ආරම්භක ව්‍යාපාර සඳහා ඔවුන්ගේ ප්‍රගතිය ප්‍රදර්ශනය කිරීමට මෙන්ම නව වර්ධන අවස්ථා විවෘත කිරීමට ප්‍රබල වේදිකාවක් මේ ඔස්සේ නිර්මාණය කරන ලදී.
මේ පිළිබඳ සිය අදහස් එකතු කරමින් Hatch හි ප්‍රධාන විධායක නිලධාරී මෙවන් පීරිස් මහතා මෙසේ ප්‍රකාශ කළේය. ”ආරම්භක ව්‍යාපාර ක්ෂේත්‍රය පසුගිය දශකය තුළදී වේගයෙන් වර්ධනය වී ඇති ඉන්දියාව වැනි රටවලින් අපට විශිෂ්ට අවධානයක් යොමු වී තිබෙනවා. මෙම පරිවර්තනය බොහෝදුරට මෙහෙයවනු ලැබුවේ පර්යේෂණ සහ සංවර්ධන, නවෝත්පාදන සහ ව්‍යවසායක සහාය සඳහා සැලකිය යුතු ආයෝජන කිරීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති සමාගම් මගිනි. මෙම ප්‍රවේශය ඔස්සේ ආරම්භක ව්‍යාපාරවල වර්ධනය වේගවත් කිරීම පමණක් නොව, වඩාත් කාර්යක්ෂම සහ නව්‍යකරණයෙන් යුත් සමාගම් ලෙස නැගීමේ හැකියාව ද ලබා දී තිබෙනවා. අවසාන වශයෙන්, එය නව ව්‍යාපාර අවස්ථා විවෘත කිරීමට සහ නව වටිනාකම් නිර්මාණය කිරීම සඳහා ද ආර්ථිකය වෙත පුළුල් ප්රතිලාභයක් ලබා දී තිබෙන බව සඳහන් කළ හැකියි.”
මෙරට ජංගම ගිණුම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 ක ඉහළ අතිරික්තයක් වාර්තා කර ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 1
ශ්රී ලංකාවේ ධීවර අංශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ටින්මාළු අපනයන කිරීම ප්‍රථම වතාවට පසුගියදා ආරම්භ කළේය. මදුරන්කුලිය ”ඕෂන් ෆුඩ්ස්” කර්මාන්ත
රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට පළමු වතාවට ස්ථාවර පෙරදැක්මක් සහිතව BB(lka) ජාතික දිගුකාලීන වර්ගීකරණයක් ලබා දෙන බව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන පෙගසස් හොටේල්ස් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය පැවැති Equity Hotels Limited (EHL) හි එම හිමිකාරීත්
කොළඹ පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය මස (මාර්තු) මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අනාගත ව්‍යවසායකයන් පෝෂණය කිරීමට හේමාස් සහ Hatch එකතුවෙන් Hemas x Hatch “Slingshot” 2.0