IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අපට ආර්ථික ස්වෛරීභාවයක් නෑ

රාජ්‍ය සේවයට රජය දරන වැයබර ඉතාමත් වැඩියි
ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීමටත් ඇතැම් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සිදුවෙවි
ආර්ථික වශයෙන් ස්වෛරීභාවයක් හෝ ස්වාධිපත්‍යයක් නෑ.
රාජ්‍ය ආදායම මෙම වසරේ සියයට 15.1 දක්වා වර්ධනය කරගත යුතුයි
පසුගිය වසරේ අපේ රාජ්‍ය ආදායම සියයට 13.8 ක්
මෙම වසරේ රාජ්‍ය ආදායම සියයට 1.3 කින් පමණ වර්ධනය කරගත යුතුයි
අභියෝග ජයගන්න තිබෙන මූල්‍ය ප්‍රතිපාදන කිසිසේත් ප්‍රමාණවත් නෑ


විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව හමුවේ තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීමට තිබෙන මූල්‍ය ප්‍රතිපාදන කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඒ හේතුවෙන් මෙවර අයවැයේදී ප්‍රමුඛතාව මත මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම සිදුකළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(19) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැති පශ්චාත් අයවැය සංවාදයකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.
‘ලේෆ්ට්, රයිට් ඕ සෙන්ටර්”‍ යන තේමාව යටතේ කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැති පශ්චාත් අයවැය සංවාදයකට එකතු වෙමින් ජනධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.
 අප හමුවේ තිබෙන අභියෝග ජය ගැනීමට රාජ්‍ය වියදම් කළමනාකරණය කළ යුතු බවත් ඉන් අදහස් වන්නේ රාජ්‍ය සේවය අකුළා ගැනීම නොවන බවත් ජනාධිපතිවරයා එහිදී පැවැසුවේය. ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රටක රාජ්‍ය සේවයට පැවරෙන අත්‍යවශ්‍ය වැඩ කොටසක් තිබෙන නමුත් එම අත්‍යාවශ්‍ය වැඩ කොටස සැපිරීම සඳහා රජය විසින් දරනු ලබන වැයබර ඉතාමත් වැඩි බව ඔහු ප්‍රකාශ කළේය.
රාජ්‍ය ආයතන නැවත සමාලෝචනය කිරීමට අගමැතිතුමියගේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්  පත්කර තිබෙන බවත් ඉන් කරුණු හතරක් ඉටුකර ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එහිදී ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීමට සිදුවනු ඇති බවත් ඇතැම් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සිදුවනු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේය. එසේම ඇතැම් රාජ්‍ය ආයතනවල අරමුණ වෙනස් කිරීමට සිදුවන බවත් ඇතැම් රාජ්‍ය ආයතන කළමනාකරණය කිරීමේ පටිපාටිය වෙනස් කිරීමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවේග රජය බලයට පත්වන අවස්ථාවේ මෙරට තිබුණේ කොන්දේසි සහිත ආර්ථිකයක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක්, ස්වෛරී රාජ්‍යයක් ලෙස හැඳින්විය හැකි නමුත් අපට ආර්ථික වශයෙන් ස්වෛරීභාවයක් හෝ ස්වාධිපත්‍යයක් නොමැති බව දිසානායක මහතා පැවැසුවේය.
නැවත ආර්ථිකයේ ස්වෛරීභාවය හෝ ස්වාධිපත්‍යය ගොඩනගා ගත හැක්කේ කෙසේද යන්න අප සැමගේ අපේක්ෂාව විය යුතු බවත් ජනාධිපතිවරයා පැවැසුවේය. වර්තමානයේ කිසිම රාජ්‍යයකට සම්පූර්ණයෙන් ආර්ථික වශයෙන් ස්වෛරීභාවයක් හෝ ස්වාධිපත්‍යයක් අත්පත් කරගත නොහැකි වුවත් ශ්‍රී ලංකාව මෙතරම් ප්‍රමාණයකට සිරවී සිටීමට අවශ්‍ය නොවන බව ඔහු ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට යටත්වීමට සිදුවූ බව අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේය. මෙරට ආර්ථිකය පවතින්නේ පරිවාස කාලයකට යටත්ව බවද ඔහු ප්‍රකාශ කළේය. ආර්ථික වශයෙන් බංකොලොත් වූ රටකට සාමාන්‍යයෙන් නැවත ප්‍රකෘතිමත්වීමට අවුරුදු 10 ක පමණ කාලයක් ගතවන බවත් එම කාලය අහිමි දශකය ලෙස හඳුන්වන බවත් ජනාධිපතිවරයා පැවැසුවේය. එහෙත් ශ්‍රී ලංකාවට ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් අඩුකර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව තමාගේ විශ්වාසය යැයි දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මෙරට රාජ්‍ය ආදායම මෙම වසරේ සියයට 15.1 දක්වා වර්ධනය කරගත යුතු බවත් පසුගිය වසරේ අපේ රාජ්‍ය ආදායම සියයට 13.8 ක් පමණ වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව අපි මෙම වසරේ රාජ්‍ය ආදායම සියයට 1.3 කින් පමණ වර්ධනය කරගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. එසේම රජයේ වියදම් සීමාව ජාතික ආදායම් ප්‍රතිශතයක් ලෙස සියයට 13 ක සීමාවේ රඳවා ගත යුතු බවත් ප්‍රාථමික ගිණුමේ ශේෂය සියයට 2.3 ක ප්‍රතිශතයක රඳවා ගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව ආදායම් වර්ධනය කරගෙන වියදම් සීමා කරගත යුතු බව යැයි ඔහු පැවැසුවේය. ඒ වගේම අපි ප්‍රාථමික ගිණුමේ ශේෂයක් පවත්වාගෙන යා යුතු අතර රජය කොච්චර ණය ප්‍රමාණයක් ගත යුතුද යන්න පිළිබඳව ණය සීමාවක් පනවා ගත යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ සඳහා රජයට තෝරාගත හැකි මාවත් දෙකක් තිබුණු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනින් එළියට ඇවිත් ගමන් කරනවාද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රජය අතර ඇති එකඟතාවේ පරාමිතීන් අනුව ගමන් කරනවද යන්න තෝරා ගැනීමට තිබූ එම මාවත් දෙක බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එහිදී රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමග යෑමට තීරණය කළ බව දිසානායක මහතා පැවැසුවේය.
වැටී සිටින කුලු‍නු මත නැවත ලංකාව නගා සිටුවීමට රජයට අවශ්‍ය වූ බවත් ඒ ප්‍රතිපත්තිමය රාමුව තුළ අයවැය සකස් කළ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග ශ්‍රී ලංකාවට ණය ගෙවීමට වසර තුනක කාලයක් ලැබී ඇති බවත් 2028 වසරේදී ශ්‍රී ලංකාව නැවත ණය ගෙවීම ආරම්භ කළ යුතු බවත් ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාවට වසර තුනක සහනයක් ලැබී තිබෙන බවත් එම අවුරුදු තුන අපතේ නොයවා ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබඳව අයවැය සකස් කිරීමේදී සැලකිලිමත් වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 2028 වසර වනවිට ණය ගෙවීමේ ශක්‍යතාවක් අත්පත් කර ගැනීමේ අරමුණින් අවුරුදු තුනේදී ඉලක්ක සහගතව එය ඉටුකර ගැනීම පිළිබඳව අයවැයේදී අවධානය යොමුවූ බව ඔහු කීය.



අදහස් (1)

අපට ආර්ථික ස්වෛරීභාවයක් නෑ

ගුණරත්න Friday, 21 February 2025 01:49 PM

ආර්ථික ස්වෛරීභාවයක් ලෝකේ කොහෙවත් නැහැ. කරන්න පුළුවන් ලෝක ආර්ථික අර්බුද වලදී ඒ ඒ හානි වලින් වෙන්න පුළුවන් ආපදාව කළමනාකරණය කරන එක, ගෝඨාභයට තිබ්බේ නැත්තේ එක, රනිල්ට තිබ්බේ ඒක.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළේ ඉන්දියානු ආදර්ශය
2025 අප්‍රේල් මස 21 4 0

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට නව උත්තේජනයක් ලබා දෙමින් මෙරට දේශීය සමාගමක් එකලස් කළ පරිගණක තොගයක් සිම්බාබ්වේ දේශය වෙත නැව්ගත කිරීම ඉකුත් දිනවල


ආර්ථික වර්ධනයට ශක්තිමත් බැංකු ක්‍රමයක්
2025 අප්‍රේල් මස 21 4 0

රෙඩ් හැට් සමාගමේ, ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ උප සභාපති සහ සාමාන්‍යාධිකාරී මාර්ෂල් කොරෙයා, අලෙවිය වර්ධනය කරනු ලබන ලාබදායි ව්‍යාපාරයන් සහ පාරිභෝගික පද


ලාංකික ව්‍යාපාර ඉලක්ක කරගත් රැන්සම්වෙයා ප්‍රහාර යළිත් ඉහළට
2025 අප්‍රේල් මස 21 3 0

ඉකුත් වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආයතන ඉලක්ක කරගත් රැන්සම්වෙයා පරිගණක වෛරස ප්‍රහාර 2,803ක් හඳුනාගැනීමටත්, ඒවා ව


තෙවැනි වසරටත් ‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකු සන්නාමය’ කොමර්ෂල්
2025 අප්‍රේල් මස 21 5 0

කොමර්ෂල් බැංකුව 2025 SLIM කැන්ටාර් ජනතා සම්මන උළෙලේ ‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකු සේවා සන්නාමය’ ලෙස අඛණ්ඩව තෙවැනි වසරටත් තේරී පත්වී ඇත.


NKAR සමාගම ඕස්ට්‍රේලියාවේ Holiday Max සමග එක් වේ
2025 අප්‍රේල් මස 21 2 0

දශක පහකට ආසන්න කාලයක් පුරා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වී සිටින NKAR සමාගම ඕස්ට්‍රේලියාවේ තම මෙහෙයුම් තව දුරටත් පුළුල් කරමින් එරට වි


NDB බැංකුවෙන් අපනයනකරුවන්ට විශේෂ සැසියක්
2025 අප්‍රේල් මස 21 5 0

NDBබැංකුව ශ‍්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත් කිරීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීම තහවුරු කරමින් අපනයනකරුවන් සඳහා තවත් සාර්ථක විශේෂ සැසියක් පවත්වන ලදී.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 413 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 268 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 423 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site