තවදුරටත් දියුණු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක්
කාර්මික අංශය සුදු අලියෙක්ද?
නිදහන් වෙළෙඳ ප්‍රතිපත්තියෙන් අපේ රටට වාසියක් වුණාද?
නිදහසෙන් වසර හැත්තෑ හතක් ගතවුවත් තවමත් රට යායුතු ආර්ථික මොඩලය තේරුම් ගැනීමට කිසිවකුටවත් නොහැකි වී තිබේ. ආණ්ඩු මෙන්ම රටවැසියාද එම වැරැද්දට වග කිව යුතුය. යටත් විජිතවාදීන් වූ බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා හෝ සකසා තිබූ ආර්ථික පිළිවෙත නිදහසෙන් පසු ආර්ථික පිළිවෙතට වඩා අර්ථවත්ය. ඔවුන් සංවර්ධනය කළ උඩරට වතුවගාව එකල විදේශ විනිමය උල්පතක් විය. පොල් සහ රබර් අපනයනයෙන් විශාල ආදායමක් රටට ලැබිණි. නිදහසෙන් පසු ඒ සියල්ල ජනසතු කර ආඩම්බරකාරී වදන් තෙපළුවද එය රටට බරක් වූවා මිස රටට ආදායම් උල්පතක් වූවේ නැත.
ලංකාව නිදහස ලබන අවස්ථාව වන විට නවීන වැවිලි භෝග අංශය සහ යැපුම් කෘෂිකර්ම අංගය යන ද්විත්ව ලක්ෂණයන්ගෙන් සමන්විත සම්භාව්‍ය විවෘත ආර්ථිකයක් උරුම වී තිබුණි. මුළු අපනයන ආදායමෙන් සියයට අනූවක්ම තේ රබර් සහ පොල් යන වැවිලි අපනයනයෙන් ලැබිණි. ක්‍රමානුකූලව මෙම ආදායම අඩුවන්නට පටන් ගත්තේය.
නිදහස ලබන අවදියේ මුළු අපනයන ආදායමෙන් සියයට 89 ක්ම ලැබුණේ තේ, රබර් සහ පොල් යන නිෂ්පාදන තෙවර්ගයෙනි. ඉන්වසර විස්සකට පසු එනම් 1968 දී ද අපනයන ආදායමෙන් සියයට 76 ක් ලැබුණේ තේ, රබර් හා පොල් අපනයනයෙනි.
1970 දී කෘෂිකාර්මික අපනයනවල දායකත්වය සියයට 90 ක් විය. 1985 -1990 අතර වකවානුවේ කෘෂිකාර්මික අපනයනවල වටිනාකම සියයට 40 දක්වා අඩුවී තිබිණි.
1977 න් පසු ක්‍රමයෙන් ඇඟලුම් කර්මාන්තයේ නවෝදයක් ඇති වූයේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය නිසාය. වසර දහයක් පමණ ගත වන විට වෙළෙඳ කලාපයේ තිබූ ප්‍රාණවත්භාවය උච්ච මට්ටමකට පත්විය. 1996 දී අපනයන ආදායමෙන් සියයට 73 ක්ම ලැබුණේ ඇඟලුම් හා ඒ ආශ්‍රිත කර්මාන්තයෙනි.
මේ අනුව අපට තේරුම් ගත හැක්කේ ඇඟලුම් සහ කෘෂිකර්මය ආශ්‍රිත අපනයනවලින් මෙරටට සැලකිය යුතු ආදායමක් ලැබෙන බවය. තවදුරටත් දියුණු කළ යුත්තේ එම ක්ෂේත්‍ර දෙක මිස කාර්මික අංශය නොවේ. කාර්මික අංශය සුදු අලියකු ලෙස සැලකිය හැක්කේ සියලු අමුද්‍රව්‍ය විදේශයෙන් ගෙනැවිත් මෙරට කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කළ යුතු නිසාය.
මෙරට කාර්මික අපනයන ක්ෂේත්‍රය දියුණු නොවීමට හේතු මෙසේ පෙළගැස්විය හැකිය.
1. කාර්මික අපනයනවලින් වැඩිම දායකත්වය ලැබෙන්නේ රෙදිපිළි හා ඇඟලුම්වලිනි. අනෙක් අංශවල එතරම් දියුණුවක් නැත.
2. කාර්මික අපනයන ආනයන මත රඳා පැවතීම - මෙරට කාර්මික නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැතිවීම එයට හේතුවය. ටින්, යපස්, ඇලුමිනියම් වැනි කිසිදු ඛනිජ වර්ගයක් මෙරට නැත.
3. දියුණු කාර්මික රටවල නිෂ්පාදන සමග මෙරට කාර්මික නිෂ්පාදනවලට තරග කිරීමේ අපහසුව.
මෙම හේතු නිසා මෙරට කාර්මික අපනයන ක්ෂේත්‍රයේ දියුණුවක් දකින්නට නැත.
ලංකාවේ සංවර්ධන ක්‍රමය සිදු වන්නේ ජාත්‍යන්තර ණය දෙන ආයතන නිර්දේශ කරන ක්‍රියාමාර්ග අනුවය. ණය දෙන්නාගේ ණය යළි ගෙවිය යුතුවා සේම ඔහු යෝජනා කරන ආර්ථික උපාය මාර්ග ද මෙහි ක්‍රියාත්මක කළ යුතුය. මෙරට ණය ගත් මුළු කාල සීමාව මුළුල්ලේම ක්‍රියාත්මක වූයේ එම ක්‍රමය වුවත් ගත් ණය සහනාධාර වෙනුවෙන් වියදම් කළා හැරෙන්නට එම ණය යොදවා නිර්මාණය කළ ගොඩනැගිල්ලක්වත් පෙන්වීමට නැත. (චීන ණයෙන් ඉදිකළ ගොඩනැගිලි නොවේ).
ජාත්‍යන්තර මූල්‍ය ආයතන කරා ගොස් ඔවුන්ගෙන් ලබාගන්නා ණය මුදල් යොදවා ඡන්ද බලාපොරොත්තුවෙන් ජනතාවට සහනාධාර ලබාදීම මෙරට ආණ්ඩුව ක්‍රියාත්මක කළ ක්‍රමය වූයේය.
මුදල් සැපයුම (කෑෂ් ෆ්ලෝ) නොමැති නිසා රජය විසින් රජයෙන්ම ණය ගැනීමේ ක්‍රමය ආරම්භ වූයේ 1979 -1980 කාල වකවානුවේය. භාණ්ඩාගාර බිල්පත් නමැති මෙම ණය ගැනීමේ ක්‍රමය හේතුවෙන් රටේ මුදල් සැපයුම කෝටි ගණනින් ඉහළ ගියේය. රුපියල තව තවත් බාල්දු විය. උද්ධමනය වේගයෙන් ඉහළ ගියේය. ආණ්ඩුවට අත ඇති මුදල් හිඟය දරුණු වීමෙන් එදිනෙදා වැටුප් ගෙවා ගැනීමටත් බැංකුවලින් ණය ලබා ගැනීමට සිදුවිය.
විවෘත ආනයන ප්‍රතිපත්තිය යටතේ අවශ්‍ය දෙයත් අනවශ්‍ය දෙයත් කිසිම සීමාවකින් තොරව පිටරටින් ගෙන්වනු ලැබීය. ඇපල්, මිදි, චුවිංගම් ආදියෙහි සිට රූපවාහිනී සහ පරණ යකඩ ගොඩවල් දක්වා වූ විවිධ නාස්තිකාර භාණ්ඩ එදා රටට වේගයෙන් ගලා ආවේය.
මෑතකාලීනව සරුංගල් බුද්ධරූප ආදියද මෙරටට ආනයනය කෙරිණි. 1977න් දිගින් දිගටම රුපියල බාල්දු කිරීම නිසා මෙරටින් පිටරටට ඇදෙන මුදල් ප්‍රමාණය දෙගුණ තෙගුණ විය. එයට සාපේක්ෂව මෙරටින් පිටරටට යන භාණ්ඩ සඳහා ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවිය. අවසානයේ ගත්විට මෙරටට ආ නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තිය යනු මෙරටට වාසිදායක වෙළෙඳ ක්‍රමයක් නොව ධනවත් රටවල අහක දමන භාණ්ඩත් නිෂ්ඵල භාණ්ඩත් ඔවුන් කියන ගණන්වලට අලෙවි කරගත හැකි ‘තිප්පොළක්’ බවට පත්විය.
ලංකාවේ ආරම්භ කළ නිදහස් වෙළෙඳ කලාපය ආරම්භයේදී විදේශීය ආයෝජකයන් ගෙන්වා ගත් කර්මාන්තපුරයක් වුවද වසර ගණනාවක් ගතවෙද්දී බොහෝ විදේශ ආයෝජකයෝ කලාපයේ තිබූ තම ව්‍යාපාර දේශීය ව්‍යාපාරිකයන්ට විකුණා රට හැර ගියහ. මේ වනවිට එහි කම්හල් 87ක් ඇතිමුත් එයින් අර්ධයක්ම දේශීය හිමිකාරයන්ට අයත්ය.
අද ලෝකයම මවිත කරවන ආර්ථික දියුණුවක් ළඟා කරගෙන ඇති චීනය සහ ඉන්දියාව ක්‍රියාත්මක කරන ආර්ථික ක්‍රමය නාස්තිකාර ආර්ථික ක්‍රමයක් නොවේ. ඉන්දියාව විදේශ ආයෝජකයන්ට දොරටු විවෘත කළේ 1990 න් පසුවය. චීනය පළමුව 1979දී සුළු ප්‍රමාණයකින් විදේශ ආයෝජන සඳහා දොරටු විවෘත කළේය. ඔවුන්ගේ ක්‍රමය වූයේ විදේශ ආයෝජන තුළින් නවීන තාක්ෂණය උකහා ගැනීමය. ඉන්දියාවේ අශෝක ලේලන්ඩ් සමාගම අද කලාපයේ රටවල් ගණනාවකට වාහන අපනයනය කරන මුත් ලේලන්ඩ් යනු බ්‍රිතාන්‍ය සමාගමකි. එහි ගබඩාවක් තම රටේ ආරම්භ කරන්නට අවසර දුන් ඉන්දියා රජය එමගින් ‘අශෝක් ලේන්ඩ්’ නමැති දේශීය ව්‍යාපාරය දළුලා වැඩෙන්නට ඉඩ හැරියේය. එය අද මව් සමාගමට ලාභාංශ පමණක් යවන සම්පූර්ණයෙන්ම ඉන්දියානු ව්‍යාපාරයකි.
අද චීනයේ ලොව ඇති ජනප්‍රියම වාහන නිපැයුම් සමාගම්වල වාහන ලක්ෂ ගණනක් ධාවනය වන මුත් ඒ සියල්ල විදේශීය සමාගම් සහ චීන හවුල්කාරීත්වයෙන් බිහිකළ මෝටර් රථය. රටට මෝටර් රථ ලැබෙන අතරම සේවකයා විදේශීය තාක්ෂණය උකහා ගනියි. ඉන්පසුව චීනය තනිවම වාහන නිෂ්පාදනය ආරම්භ කළේය. ඉන්දියාවේ සහ චීනයේ බොහෝ බහුජාතික සමාගම් ක්‍රියාත්මක වෙතත් ඒවාට අවසරදී ඇත්තේ තම රටේ කාර්මික ක්ෂේත්‍රයද දියුණු වන මට්ටමිනි. එහෙත් ලංකාවේ එවැනි ආර්ථික මොඩලයක් ක්‍රියාත්මක නොවේ. විදේශයෙන් රථවාහන දහස් ගණනක් ගෙන්වන මුත් එම සම්පූර්ණ වාහනයම ආනයනය කෙරෙයි. එහි කාර්මික ඥානය ලාංකික සේවකයන්ට උකහා ගැනීමට ක්‍රමයක් නැත. රුපියල් ඩොලර් බවට පත් කිරීම සඳහා විදේශයෙන් ණය ලබාගෙන වාහන ආනයනය කිරීමෙන් රටට ඇති ප්‍රයෝජනය කුමක්ද? අඩු ගණනේ මහා පරිමාණයෙන් වාහන ආනයනය කළ 1978 සමයේ ඉන්දියාව සහ චීනය කළ ආකාරයෙන් විදේශීය වාහන මෙහිදී එකලස් කරන ව්‍යාපාරයක් ඇරඹුවේ නම් අද මෙරට වාහන කර්මාන්තය ඉතා ඉහළ තැනකට පත්වී නොතිබෙන්නේද?
ඉන්දියාව එරට වාහන වෙළෙඳපොළ හසුරුවන්නේ සම්පූර්ණ රථයම ආනයනය කරන ප්‍රතිපත්තියෙන් නොවේ. අද ඉන්දියාවේ නගරවල වීදි නවීන පන්නයේ විදේශීය සන්නාමයන්ගෙන් යුතු වාහනවලින් ගහණය. ඒවා අලුත්ය. ආකර්ෂණීය ය. එහෙත් ළංවී බලනවිට ඒ සියල්ල ඔටෝ ගියර් නොමැති මැනුවෙල් වාහනය.
ඒ සියල්ලම විදේශීය සන්නාමය යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත මෝටර් රථවෙයි. චීනයේ ටැක්සිරථ පවා නවීන මෝටර් රථවලින් යුතුය. බෙන්ස් සහ බී.එම්.ඩබ්ලිව්. සුඛෝපභෝගී ටැක්සි රථ පාරේ ධාවනය වුවත් ඒ සියල්ල විදේශීය ජනප්‍රිය සන්නාම යටතේ චීනයේ කර්මාන්ත ශාලාවල නිපදවූ වාහන වේ. අප ක්‍රියාත්මක කළ යුත්තේද එම ප්‍රතිපත්තිය ය.
ලාංකිකයාට හුරුපුරුදු පාරම්පරික කෘෂිකර්මය නවීන තාක්ෂණය සමග මුසු කරමින් අපනයන කෘෂිකර්මාන්තයක් බවට හැරවීමෙන් සහ ඇඟලුම් කර්මාන්තය තවත් දියුණුවටම පත් කිරීමෙන් මෙයට වඩා ආර්ථික දියුණුවක් රටට ලබාගත හැකි වනු ඇත. ලංකාවේ ආර්ථික ‘මොඩලය’ එය මිස අන් යමක් නොවේ.
ශ්‍රී ලාංකික නිෂ්පාදනවලට ඉදිරි වසර පහක කාලය සඳහා ඉන්දියාව තීරුබදු රහිත ප්‍රවේශය ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය ඊයේ (03) යෝජනාවක
ඇමෙරිකාවට ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට පනවනු ලැබූ සියයට 44 ක තීරු බද්ද එය ක්‍රියාත්මකවීමට පෙර අඩුකර ගැනීම සඳහා තිබෙන අවස්ථා පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් ප
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඇමෙරිකාවට, ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට සියයට 44 ක තීරු බද්දක් පැනවීමෙන් පසුව මෙරට කොටස් වෙළෙඳපොළ ඊයේ (03) පහත වැටුණේය.
ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානයේ (ඇපික්ටා) 2025 විධායක කමිටු රැස්වීම අද (04) සහ හෙට (05) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ.
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සිය පරිපාලිත සමාගමක් වූ ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් පීඑල්සී සමාගමේ කොටස් 11,28
ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට කරන අපනයන සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ගත් තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
අපනයන සේවා බද්ද කාලෝචිතද?